“ඇෆ්ගනිස්තානයට ලෝක කුසලානයක් ගේනකන් මං බඳින්නේ නැහැ”

739

සුපිරි ඇෆ්ගනිස්තාන විස්සයි විස්ස තරුවක් වන රෂිඩ් ඛාන් පසුගිය දා සිය විවාහ සැලසුම් පිළිබඳව මාධ්‍ය ඔස්සේ අදහස් දක්වා තිබුණා. එහි දී  ඔහු පවසා තිබුණේ ඇෆ්ගනිස්තානයට ක්‍රිකට් ලෝක කුසලානයක් දිනා දෙන තුරු විවාහ නොවන බවයි.

කිවියන්ට නැවතත් ක්‍රිකට් උණුහුම විඳින්න අවස්ථාවක්

මම විවාහ ගිවිස ගන්නේ හා ඉන්පසුව විවාහ වෙන්නේ ඇෆ්ගනිස්තානය ලෝක කුසලානයක් දිනා ගත් පසුවයි” ලෙස රෂිඩ් ඛාන් පාකිස්තාන මාධ්‍යවේදී සාජ් සාදික් හට Azadi Radio නම් වැඩසටහනක දී පවසා තිබුණා.

රෂිඩ්ගේ මව දීර්ඝ කාලීන රෝගී තත්වයකින් පීඩා ලබා පසුගිය මාසයේ දී ජීවිතක්ෂයට පත්ව තිබුණේ අවාසනාවන්ත ලෙසයි. රෂිඩ් මේ වන විට ටෙස්ට් තරග හතරක් එක්දින ජාත්‍යන්තර තරග 70ක් හා විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 48ක් ක්‍රීඩා කර තිබෙනවා.

ඉන්දීය ක්‍රිකට් සභාපති නිරෝධායන කාලය කප්පාදු කරන්නට සැරසේ

රෂිඩ් මෙවර IPL තරගාවලියේ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම නියෝජනය කිරීමට නියමිතව තිබෙනවා. COVID-19 වයිරසය නිසා කල් දැමුණු IPL තරගාවලිය පැවැත්වෙන දිනයක් තවමත් ප්‍රකාශයට පත් කර නැහැ.

The Statesman ඇසුරින්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<