ශ්‍රී ලංකා පදක්කම් බලාපොරොත්තුවක් වූ චින්තන 5 වන තැනට

427

21 වන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළ පසුගිය 4 වැනිදා ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට්හි හිදී ආරම්භ වූ අතර මෙවර තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක බර ඉසිලීමේ ක්‍රීඩක චින්තන ගීතාල් විදානගේ පිරිමි කිලෝග්‍රෑම් 77 බර පන්තිය යටතේ අද (7) උදෑසන තරග වැදුණු අතර එහි දී චින්තන හට දිනා ගැනීමට හැකි වූයේ එහි 5 වන ස්ථානයයි.

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකා නායකත්වය චින්තනට

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල දෙකක දී බර ඉසිලීමේ තරග ඉසව්වෙන් පදක්කම් දෙකක්…

අත්දැකීම් බහුල බර ඉසිලීමේ ක්‍රීඩක චින්තන ගීතාල් විදානගේ 2006 වසරේ දී ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර පැවති පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළේ දී කිලෝග්‍රෑම් 62 බරපන්තියේ රන් පදක්කම දිනා ගැනීමට සමත් විය.

අනතුරුව 2010 වර්ෂයේ ඉන්දියාවේ දී පැවති පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළේ දී ද කිලෝග්‍රෑම් 69 බර පන්තිය නියෝජනය කරමින් එහි රිදී පදක්කම දිනා ගැනීමට චින්තන සමත් විය.

වසර 12කට පසුව චින්තන අද තරග වැදුණේ 2006 වර්ෂයට සාපේක්ෂව ඉහළ බර පන්තියකිනි. එය යම් ආකාරයකින් ඔහුට මෙවර තරගාවලියේ දී පදක්කමක් වෙත යාමට තිබුණු හැකියාවට යම් බලපෑමක් එල්ල කර ඇති බවක් පෙනෙන්නට විය.

බර එසවීමෙන් ඉන්දික පදක්කමක් දිනයි

ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට්හි ක්‍රියාත්මක පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළේ බර…

මෙවර පැවති තරගයේ දී චින්තන ස්නැච් ක්‍රමය යටතේ කිලෝග්‍රෑම් 132ක බරක් සාර්ථක කර ගත් අතර ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමය යටතේ ඔහු හට දැක්වීමට හැකි වූයේ කිලෝග්‍රෑම් 166ක දක්ෂතාවයකි. එහි සමස්තය බැලු විට චින්තන කිලෝග්‍රෑම් 298ක දක්ෂතාවයක් පෙන්වන ලදි. මෙම තරග ඉසව්වේ රන් පදක්කම කිලෝග්‍රෑම් 317ක සමස්ත දක්ෂතාවයක් පෙන්වූ ඉන්දියාවේ සතිෂ් කුමාර් සිවලිංගම් විසින් දිනා ගන්නා ලදි. පිළිවෙළින් එහි රිදී හා ලෝකඩ පදක්කම් දිනා ගත්තේ එංගලන්තයේ ජැක් ඔලිවර් (කිලෝග්‍රෑම් 312) හා සත්කාරක ඕස්ට්‍රේලියාවේ ෆ්‍රැන්කොයිස් එටවුන්ඩි (කිලෝග්‍රෑම් 305) විසිනි.

දෙවැනි දිනය නිමාවෙද්දී ශ්‍රී ලංකාව පියවරක් ඉදිරියට

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ දෙවන දිනයත් ශ්‍රී ලංකාවට එතරම් නරක දිනයක්…

මෙවර පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළේ දී මේ වන විට ශ්‍රී ලංකාව එක රිදී පදක්කමක් හා ලෝකඩ පදක්කම් දෙකක් ජයග්‍රහණය කර තිබෙන අතර එම පදක්කම් තුනම බර ඉසිලීමේ ක්‍රීඩාව මඟින් ජයග්‍රහණය කර තිබීම සුවිශේෂි වේ. ශානක පීටර්ස් (පිරිමි කිලෝග්‍රෑම් 94), ප්‍රියන්ති බාලගේ (කාන්තා කිලෝග්‍රෑම් 75) යන ක්‍රීඩකයින් හෙට (8) දිනයේ දී තරග බිමට පිවිසිමට නියමිතයි. එසේම මෙවර තරගාවලියේ බර ඉසිලීමේ තරග ඉසව්වට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වන අවසන් ක්‍රීඩකයා වන සමන් අබේවික්‍රම (පිරිමි කිලෝග්‍රෑම් 105+) අනිද්දා (9) තරග බිමට අවතීර්ණ වෙනු ඇත.

21 වන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළේ උණුසුම් හා නවතම තොරතුරු දැන ගැනීමට ThePapare.com සමඟ රැඳී සිටින්න.

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<