එමා දෙවැනි වරටත් සිය වාර්තාව අලුත් කරයි

183

කවපෙත්ත විසිකිරීමෙන් පසුගිය සතියේ දී ජාතික වාර්තාව අලුත් කළ එමා ද සිල්වා අද (01) නැවත වරක් මීටර 49.46ක දුරක් වාර්තා කරමින් තමන් තැබූ වර්තාවම අලුත් කිරීම සමත්විය. ඇය මෙම දස්කම දැක්වූයේ ඇමරිකාවේ කැලිෆෝර්නියා පැවති ආරාධිත තරගාවලියක දීය.

දකුණු ආසියානු රට හරහා දිවීමේ තරගාවලියෙන් ලංකාවට පදක්කම් දෙකක්

භූතානයේ තිම්පු නගරයේ රෝයල් ගෝල්ඩ් කෝර්ස් හිදී පැවැත්වූ දකුණු ආසියානු රට හරහා දිවීමේ තරගාවලියට සහභාගී වූ නිලානි රත්නායක හා ලයනල් සමරජීව ශ්‍රී ලංකාව…

ඇමරිකාවේ අධ්‍යාපනය හදාරන එමා ද සිල්වා පසුගිය සතියේ දී 2006 වසරේ දී ශ්‍රී ලංකාවේ පැවති දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ දී නන්දනී විජේසුන්දර තබා තිබූ ජාතික වාර්තාව මීටර 48.02ක දුරක් වාර්තා කරමින් තමන් සතු කර ගැනීමට සමත් විය. තමා පිහිට වූ වාර්තාවම නැවත අලුත් කරමින් සිය දෙවන හා පස්වන විසිකිරීම් පිළිවෙළින් මීටර 48.24 හා පසුගිය වසරේ මැයි මාසයේ එමාගේ පෞද්ගලික හොඳම දුර ලෙස සටහන් වූයේ මීටර 47.95කි.

කැන්සාස් හී ලෝරන්ස් නගරයේ පැවති තරගාවලියක දී ඇය එම දස්කම් පෙන්වූයේ ඇයගේ පෙර පැවති පෞද්ගලික හොඳම දුරට වඩා මීටර 3ක් වාර්තා කරමිනි. එතැන් සිය ගතවුණු වසර පුරා එමා සැලකිය යුතු දක්ෂතා වර්ධනයක් පෙන්වා ඇත. 20 හැවිරිදි අඩි පහයි අඟල් 11ක් උස එමා ද සිල්වා  නුදුරු අනාගතයේ දී ශ්‍රී ලංකාවට වටිනා සම්පතක් වනු ඇත.

 >> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<