ජාතික මහා ක්‍රීඩා උළෙලේ ඉසව් කිහිපයකටම අයදුම්පත් කැඳවයි

525
46th National Sports

46 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙල යටතේ පවත්වනු ලබන මැරතන්, තරග ඇවිදීම සහ පාපැදි රේසිං තරග ඉසව්වලට එහි සංවිධායකයින් විසින් මේ වන විට අයදුම්පත් කැඳවා ඇත.

තරුණ හා ක්‍රීඩා අමාත්‍යංශය සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කරනු ලබන 46 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙලට සමගාමීව පවත්වනු ලබන මැරතන්, තරග ඇවිදීම සහ පාපැදි රේසිං තරග ඉසව්වල කාන්තා සහ පිරිමි විවෘත තරග එළඹෙන ඔක්තෝබර් මස 10 සහ 11 දෙදින තුළ කතරගම නගරය ආශ්‍රිතව පැවැත්වීමට මේ වන විට කටයුතු සැලසුම් කර ඇත. 

තවත් කියවන්න;

ඒ අනුව කාන්තා හා පිරිමි තරග ඇවිදීම ඉසව්ව ඔක්තෝබර් මස 10 වැනි දින පෙරවරු 5.30 සිටත්, පාපැදි රේසිං පිරිමි තරග එදින පෙරවරු 8.00 සිට එහි කාන්තා තරග ඉසව්ව එදිනම පෙරවරු 8.30 සිට පැවැත්වීමට නියමිතව ඇති අතර කාන්තා හා පිරිමි දෙඅංශයේම මැරතන් තරග පැවැත්වීමට සැලසුම් කර තිබෙන්නේ ඊට පසුදින වන 11 වැනි දින පෙරවරු 5.30 සිටයි. 

මේ සඳහා සහභාගී වීමට කැමැත්තක් දක්වන අය වේ නම් ඔවුන් සිය තරග අයදුම්පත් පළාත් ක්‍රීඩා දෙපාර්තමේන්තුව මඟින් මෙම සැප්තැම්බර් මස 30 වැනි දිනට පෙර ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව වෙත යොමුකිරීමට කටයුතු කළ යුතු අතර ඉහත සියලුම තරග ඉසව් සඳහා තරගකරුවන් සහ තරගකාරිනියන් ලියාපදිංචි කිරීමේ කටයුතු ඔක්තෝබර් මස 09 වැනි දින කතරගම දී සිදු කිරීමට කටයුතු කෙරෙනු ඇත.  

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<