ලෝක කුසලානයට යන නැමීබියානු සංචිතය නම් කරයි

විස්සයි විස්ස ලෝක කුසලානය 2022

413

ලබන මාසයේ ඕස්ට්‍රේලියාවේ දී පැවැත්වීමට නියමිත විස්සයි විස්ස ලෝක කුසලානයට සහභාගී වන නැමීබියානු සංචිතය නිල වශයෙන් නම් කර තිබුණා.

අත්දැකීම් බහුල ක්‍රීඩකයින් රැසකගෙන් සමන්විත එම සංචිතයේ නායකත්වය සුපුරුදු පරිදි හිමිව ඇත්තේ Gerhard Erasmus හටයි.

2021 ලෝක කුසලානයේ පෙරළිකාර කණ්ඩායමක් වූ නැමීබියා ක්‍රීඩකයින් ශ්‍රී ලංකාව, අයර්ලන්තය සහ නෙදර්ලන්තය සමඟ තරග වදිමින් සුපිරි 12 වටයට සුදුසුකම් ලබා ගත්තා.

එම තරගාවලියේ නැමීබියාව නියෝජනය කළ JJ Smit, Stephen Baard, Jan Frylinck, Nicol Loftie Eaton, Ruben Trumpelmann සහ David Wiese මෙවර සංචිතයට ද ඇතුළත්.

එම අත්දැකීම් බහුල ක්‍රීඩකයින් හැරුණු කොට මෙවර සංචිතයට නවකයින් ලෙස Lohan Louwrens, Divan la Cock සහ Tangeni Lungameni ඇතුළත්ව තිබුණා.

නැමීබියානු කණ්ඩායම මෙවර ලෝක කුසලානයේ මූලික වටයේ A කාණ්ඩයෙන් තරඟ වදින අතර එම කාණ්ඩයට ඇතුළත් අනෙක් කණ්ඩායම් වන්නේ ශ්‍රී ලංකාව, නෙදර්ලන්තය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයයි.

එමෙන්ම ඔවුන් මෙවර තරගාවලියේ පළමු තරගය ලෙස ඔක්තෝබර් 16 වැනිදා ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ තරග වැදීමට නියමිතයි.

ලෝක කුසලානයට නම් කළ නැමීබියා කණ්ඩායම: Gerhard Erasmus (c), JJ Smit, Divan la Cock, Stephen Baard, Nicol Loftie Eaton, Jan Frylinck, David Wiese, Ruben Trumpelmann, Zane Green, Bernard Scholtz, Tangeni Lungameni, Michael van Lingen, Ben Shikongo, Karl Birkenstock, Lohan Louwrens, Helao Ya France.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<