ශ්‍රී ලංකාවට එන බංග්ලාදේශ කණ්ඩායමේ නායකයා වෙනස් වෙයි!

591

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන බංග්ලාදේශ නායක මෂ්රෆි මෝර්ටාසා ආබාධයකට ලක්ව තිබෙන නිසාවෙන් ඔහුට එම තරගාවලිය මග හැරී යන බව වාර්තා වේ. ඒ නිසාවෙන් ආරම්භක පිතිකරුවෙක් වන තමිම් ඉක්බාල් හට කණ්ඩායම් නායකත්වය පිරිනැමීමට එරට ක්‍රිකට් බලධාරීන් තීරණය කර තිබේ.

බංග්ලාදේශ තරගාවලියට යන ශ්‍රී ලංකා මූලික සංචිතය

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසානයත් සමඟ ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය සහභාගී වන පළමු ජාත්‍යන්තර………..

මේ මස 26 වැනිදා සිට 31 වැනිදා දක්වා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනු ඇත. ඒ සඳහා සහභාගී වන ක්‍රීඩකයන් 15 දෙනෙකුගෙන් සමන්විත බංග්ලාදේශ සංචිතය පසුගිය (16) නම් කර තිබුණේ වේගපන්දු යවන ක්‍රීඩක මෝර්ටාසාගේ නායකත්වය ද සමඟිනි. 

ඩකා පිටියේ ඊයේ (19) පැවති පුහුණු සැසිවාරය තුල මෝර්ටාසාගේ වම් පාදයේ කලව ආශ්‍රිත මස් පිඩු ඇදීමක් සිදුව තිබීම ඔහු තරගාවලියෙන් ඉවත් වීමට හේතුවයි. ඒ නිසාවෙන් ඔහු වෙනුවට දකුණතින් වේගපන්දු යවන ක්‍රීඩක ටස්කින් අහමඩ් කණ්ඩායමට කැඳවා ඇත.

මෝර්ටාසාගේ මෙම හදිසි ආබාධය නිසා තරගාවලියේ දී බංග්ලාදේශ කණ්ඩායම මෙහෙයවීමේ වගකීම පැවරී තිබෙන තමිම් ඉක්බාල් එක්දින පිටියේ දී බංග්ලාදේශ කණ්ඩායම මෙහෙයවනු ලබන පළමු අවස්ථාව මෙය වන අතර මීට පෙර ඔහු ටෙස්ට් තරගයක දී බංග්ලාදේශ කණ්ඩායම මෙහෙයවා තිබේ.

“මෝර්ටාසාගේ වම් පාදයේ කලව ආශ්‍රිතව මස් පිඩු පෙරලීමක් වෙලා තිබෙනවා. පසුව අපි ඔහුව ස්කෑන් එකක් සඳහා යොමු කළ අතර එහි දී මෙය පළමු මට්ටමේ ආබාධයක් බවට හෙළි වුනා. මම හිතන්නේ ඔහුගේ ආබාධය හොඳ වෙන්න තව සති 3/4ක්වත් යයි කියලයි.” යැයි බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන වෛද්‍යවරයා වන දෙබෂිෂ් චෞද්‍රි මහතා මාධ්‍ය වෙත පවසා තිබේ.

“ශ්‍රී ලංකාවට හොඳ අභියෝගයක් දෙන්න අපට පුළුවන්” – මොසදික් හුසේන්

මේ මස 26 වැනිදා සිට 31 වැනිදා දක්වා පැවැත්වෙන ශ්‍රී ලංකා බංග්ලාදේශ ක්‍රිකට් තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට………….

මීට අමතරව බංග්ලාදේශ පන්දු යවන තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක මොහොමඩ් සයිෆුදීන් ද පිට කොන්ද ආශ්‍රිතව ඇතිව තිබෙන ආබාධ තත්වය නැවතත් වර්ධනය වීම නිසා තරගාවලියෙන් ඉවත් වී තිබෙන අතර ඔහුගේ මේ ආබාධය ලෝක කුසලානයට පෙර පැවති අයර්ලන්ත තරග සංචාරය තුල ඇතිවූ ආබාධයකි. 

සයිෆුදීන් පසුගිය දා අවසන් වුනු ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාවට එරෙහිව පැවති තරගයේ දී ලකුණු 51ක් ලබාගෙන සිය කණ්ඩායම වෙනුවෙන් පිතිකරණයෙන් පවා දස්කම් දැක්වූ ක්‍රීඩකයෙක් වේ. ඔහුගේ හිදැස පිරවීම වෙනුවෙන් දකුණතින් වේගපන්දු යවන ෆර්හාඩ් රීසා සංචිතයට කැඳවා තිබෙන අතර ඔහු අවසන් වරට බංග්ලාදේශ එක්දින කණ්ඩායම නියෝජනය කර තිබෙන්නේ 2011 වසරේ දීයි.

එක්දින තරග 3කින් සමන්විත මෙම තරගාවලිය සඳහා බංග්ලාදේශ කණ්ඩායම ලබන 23 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබෙන අතර ඔවුන් දින 10ක කාලයක් ශ්‍රී ලංකාවේ රැඳී සිටිනු ඇත. ලබන මස 26, 28 සහ 31 යන දිනයන්හි පැවැත්වීමට නියමිත මෙම තරග තුනම දිවා/රාත්‍රි තරග වශයෙන් පැවැත්වේ.

ශ්‍රී ලංකාව සමඟ තරග වදින බංග්ලාදේශ නව එක්දින සංචිතය

තමිම් ඉක්බාල් (නායක), මුෂ්ෆිකර් රහීම්, සබීර් රෙහ්මාන්, සෞම්‍ය සර්කාර්, මොහොමඩ් මිතුන්, මහමදුල්ලා රියාද්, මොසදික් හුසේන්, රුබෙල් හුසේන්, මස්ටෆිසුර් රෙහ්මාන්, මෙහෙදි හසන් මිරාස්, එනමුල් හක්, ටයිජුල් ඉස්ලාම්, ටස්කින් අහමඩ්, ෆර්හාඩ් රීසා

තරග කාලසටහන

  • ජූලි 23 – පුහුණු එක්දින ක්‍රිකට් තරගය කොළඹ පී. සරා ඕවල් ක්‍රිකට් පිටියේ දී
  • ජූලි 26 – පළමු එක්දින තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී
  • ජූලි 28 – දෙවැනි එක්දින තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී
  • ජූලි 31 – තෙවැනි එක්දින තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී

තරගාවලියේ සියලුම උණුසුම් තතු, තරග සේයා රූ, ලකුණු  සටහන්, තරග වාර්තා ඇතුළු තවත් බොහෝ දෑ ඔබ වෙතට රැගෙන ඒමට ThePapare.com සූදානමින් සිටී. තවත් උණුසුම් පුවත් හා තොරතුරු දැන ගැනීමට ThePapare.com සමඟින් රැඳී සිටින්න.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<