නැගීඑන ආසියානු කුසලානය ජුනි මාසයේ දී

406

ආසියානු නැගීඑන කාන්තා ක්‍රිකට් කණ්ඩායම් 8ක සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිත “නැගීඑන කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය” ජුනි 12 වැනිදා හොංකොං හිදී ආරම්භ වීමට නියමිතයි.

ශ්‍රී ලංකා, ඉන්දියා, පාකිස්තාන, බංග්ලාදේශ සහ තායිලන්ත A කාන්තා ක්‍රිකට් කණ්ඩායම් සහභාගී වන මෙම තරගාවලියට මැලේසියා, එක්සත් අරාබි එමීර් සහ හොංකොං කාන්තා කණ්ඩායම් ද සහභාගී වීමට නියමිතයි. දින 8ක් පුරා පැවැත්වීමට නියමිත මෙම තරගාවලිය සඳහා තරග 15ක් ඇතුළත් වන අතර ඊට එක් ප්‍රදර්ශනාත්මක තරගයක් ද ඇතුළත් වනවා.

තරගාවලිය සඳහා සහභාගී වන කණ්ඩායම් 8 කාණ්ඩ දෙකකට බෙදා වෙන් කර තිබෙනවා. ඒ අනුව A කාණ්ඩය සඳහා ඉන්දීය A, පාකිස්තාන A, තායිලන්ත A සහ සත්කාරක හොංකොං කණ්ඩායම් ඇතුළත් වන අතර B කාණ්ඩය සඳහා ශ්‍රී ලංකා A, බංග්ලාදේශ A, එක්සත් අරාබි එමීර් සහ මැලේසියා කණ්ඩායම් ඇතුළත් වනවා.

එක් එක් කාණ්ඩයේ පෙරමුණ දිනා ගන්නා කණ්ඩායම් දෙක අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා ගනු ඇත. අවසන් පූර්ව වටයේ තරග ජුනි 19 වැනිදාත්, අවසන් මහා තරගය 21 වැනිදාත් පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා A කණ්ඩායමේ කාණ්ඩ තරග කාලසටහන

  • ජුනි 12 – එක්සත් අරාබි එමීර්
  • ජුනි 14 – බංග්ලාදේශ A
  • ජුනි 16 වැනිදා – මැලේසියාව

තරගාවලියේ උණුසුම සඳහා රැඳෙන්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<