ආසියානු බැඩ්මින්ටන් ශූරතාවට ශ්‍රී ලංකාවෙන් එකොළහක්

Badminton Asia Championship 2024

35
Badminton Asia Championship 2024

ලෝක බැඩ්මින්ටන් සම්මේලනය විසින් සංවිධානය කරනු ලබන ආසියානු බැඩ්මින්ටන් ශූරතාවට සහභාගී වීම සඳහා එකොළොස් දෙනෙකුගෙන් යුත් සංචිතයක් ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගොස් තිබෙනවා.

අප්‍රේල් මස 09 සිට 14 දා දක්වා චීනයේ Zhejiang පළාතේ Ningbo ඔලිම්පික් ක්‍රීඩා මධ්‍යස්ථානයේ දී පැවැත්වෙන මෙම තරගාවලියේ පිරිමි කේවල ඉසව්ව සඳහා විරේන් නෙත්තසිංහ සහ කාන්තා කේවල ඉසව්ව වෙනුවෙන් රනිත්මා ලියනගේ සහභාගී වනු ඇති.

ඊට අමතරව නෙත්තසිංහ සහ බුවනෙක ගුණතිලකත්, තුලිත් පල්ලියගුරුගේ සහ ඔශමික කරුණාරත්නත්, මධුක දුලාංජන සහ ලහිරු වීරසිංහ යන ක්‍රීඩකයිනුත් පිරිමි යුගල ඉසව් සඳහා ද, සිතුමි ද සිල්වා සහ ඉසුරි භාග්‍යා කාන්තා දෙදෙනා යුගල ඉසව්ව සඳහාත් සහභාගී වනවා.

මේ අතර චමත් ඩයස් සහ රෝශිනී ගුණසේකර මිශ්‍ර යුගල තරගය සඳහා ඉදිරිපත් වීමට නියමිතයි.

එමෙන්ම ඊට අමතරව රොෂාන් නෙත්තසිංහ, යුක්ති පෙරේරා සහ මලිකා වඩුගේ යන අය කණ්ඩායමේ පුහුණු නිළදාරීන් ලෙස සංචාරයට එක් වී තිබෙනවා.

ශ්‍රී ලංකා කණ්ඩායම:

විරේන් නෙත්තසිංහ, රනිත්මා ලියනගේ, බුවනෙක ගුණතිලක, චමත් ඩයස්, තුලිත් පල්ලියගුරුගේ, ඔෂමික කරුණාරත්න, මධුක දුලාංජන, ලහිරු වීරසිංහ, රෝෂිනී ගුණසේකර, සිතුමි ද සිල්වා, ඉසුරු භාග්‍යා අත්තනායක

තරගාවලිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<