Elephant House Lemonade විසින් ක්‍රියාත්මක කළ වඩාත් ප්‍රචලිත පාසල් ක්‍රිකට් ඉසව්වක් Elephant House Lemonade Sixes සය සාමාජික ක්‍රිකට් තරගාවලිය නැවතත් දේශීය පාසල් ක්‍රිකට් පිටියට රැගෙන ඒමට පියවර ගෙන තිබෙනවා.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ පාසල් 16 සහභාගී කර ගනිමින් පැවැත්වීමට නියමිත මෙම ක්‍රිකට් තරගාවලිය එළඹෙන අගෝස්තු මස 07 සහ 08 යන දිනවල දී ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාල ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත අතර, මෙය සාන්ත තෝමස් විද්‍යාලයේ 175 වැනි සංවත්සර සැමරුමට සමගාමීවයි පැවැත්වීමට සැලසුම් කර තිබෙන්නේ.
දේශීය පාසල් තරග බිම තුළ ඉහළ ප්‍රසාදයක් හිමි කර ගෙන තිබූ Elephant House Lemonade Sixes තරගාවලිය තුළින් ඊළඟ පරම්පරාව වෙනුවෙන් ක්‍රීඩකයින් හඳුනා ගැනීම මෙන්ම, දේශීය ක්‍රිකට් සම්ප්‍රදාය තවත් පුළුල් කිරීම අරමුණු කර ගෙන තිබෙනවා.
- ලෝක කුසලාන ඉහළ ම ලකුණු සංඛ්‍යාව ලබා දී ශ්‍රී ලංකාව පරාජය වෙයි
- 19න් පහළ යොවුන් තරගාවලියට අදත් වර්ෂාවෙන් බාධා
- වාර්තා පොත් අලුතින් ලියැවුණ 2026 මංගල තරගය
- ගියවර ශූරියන් සහ අනුශූරියන් පරාජය වෙයි
- ශ්‍රී ලංකාව පුහුණු තරග ද්විත්වය පහසුවෙන් ජය ගනී
එමෙන්ම මෙම නැවත පැමිණීමත් සමඟ ක්‍රීඩකයින්, පාසල් මෙන්ම ක්‍රිකට් ලෝලීන් ද එකට බැඳ තබා ගත හැකි උත්කර්ෂවත් ආකර්ෂණීය සැණකෙළි ස්වරූපයකින් යුත් තරගාවලියක් මෙහි දී ක්‍රියාත්මක කිරීමට අවකාශය හිමි වනු ඇති.
එමෙන්ම ශ්‍රී ලංකාවේ වඩාත් ප්‍රසිද්ධ සහ විශ්වාසදායක සන්නාමයක් ලෙස Elephant House Lemonade දිගු කාලයක පටන් දේශීය ක්‍රීඩා සංස්කෘතිය සමඟ ද සම්බන්ධ වී සිටින අතර, “ජය පිපාසයේ හද ගැස්ම” යන තේමාව යටතේ ක්‍රීඩාශීලී, අධිෂ්ඨානවත් සහ තරගකාරී හදවත් උත්තේජනය කිරීම සිය අරමුණ කර ගෙන සිටිනවා.
මෙසේ සිය නැවත පැමිණීම සනිටුහන් කරන Elephant House Lemonade Sixes මෙවර පාසල් 16ක් සමඟ එක් ව සිදු කරන දින දෙකක තරගාවලිය නැරඹීම සඳහා ප්‍රේක්ෂකයින්ට ද ආරාධනා කර සිටින අතර, මෙම තරගාවලිය ප්‍රේක්ෂකයින්ට මෙන්ම ක්‍රීඩකයින්ට ද පෙර නොවූ විරූ අත්දැකීමක් වන බව ඔවුන් තහවුරු කරනවා.
එමෙන්ම මෙම තරගාවලිය Dialog Television, Dialog Play සහ ThePapare.com වෙබ් අඩවිය ඔස්සේ ThePapare රූපවාහිනී නාලිකා ඔස්සේ සජීවී ව නැරඹීමේ අවස්ථාව ද ඔබට හිමි වනු ඇති, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින් ම.
මෙම තරගාවලිය පිළිබඳ ව සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<






















