‘සූරි’ගේ ආබාධය සුව අතට

177

ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ තෙවන අදියර පසුගිය දා කොළඹ තුරඟ තරග පිටියේ දී අවසන් වූ අතර හොංකොං කණ්ඩායමට එරෙහිව පැවති පළමු වටයේ තරගයේ දී ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි කණ්ඩායමේ නායක ශ්‍රීනාත් සූරියබණ්ඩාර ආබාධයකට ලක්විය.

උත්කර්ෂවත් රග්බි තරගාවලියේ කාලසටහන එලි දකී

2018/19 ඩයලොග් අන්තර් සමාජ රග්බි තරගාවලිය නොවැම්බර් මස 9 වැනිදා ආරම්භ වේ. පළමු තරගය හැව්ලොක් ක්‍රීඩා සමාජය සහ යුධ හමුදා ක්‍රීඩා සමාජය අතර නොවැම්බර් 9 වැනිදා…

එම අවාසනාවන්ත ආබාධය නිසාම ශ්‍රී ලංකා කණ්ඩායමට තරගාවලියේ ඉතිරි තරඟ, අවසන් පූර්ව තරගය හා තුන්වන ස්ථානය සඳහා වන තරගයට සහභාගී වීමට සිදු වූයේ සිය නායකයා නොමැතිවයි.  

ශ්‍රීනාත් සුරියබණ්ඩාර ප්‍රතිකාර ලබමින්

හොංකොං කණ්ඩායමට එරෙහිව තරගයේ දී උරහිසේ ආබාධයකට ලක්වූ ශ්‍රීනාත් කඩිනමින් රෝහල්ගත කළ අතර පසුව රෝහල විසින් ඔහුව ප්‍රතිකාර කර මුදා හැර තිබුණි.

ශ්‍රී ලංකාවේ බලාපොරොත්තු සුන්වෙයි

2018 ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ 3 වැනි අදියරේ දී සිව්වැනි ස්ථානයෙන් සෑහීමට පත්වීමට ශ්‍රී ලංකාවට සිදු විය. ඒ තුන්වැනි ස්ථානය තේරීම සඳහා පැවති තරගයෙන් 07-19ක් වශයෙන් පිලිපීනය හමුවේ පරාජය වීමත් සමඟයි.

සූරිගේ ආබාධය එතරම් දරුණු නොවුනත් නොවැම්බර් 7 වැනිදා ආරම්භ වන ඩයලොග් ලීග් රග්බි තරගාවලියේ පළමු තරග කිහිපයට මහනුවර ක්‍රීඩා සමාජයට ඔවුන්ගේ ‘Scrum half’ ක්‍රීඩකයාගේ සේවය අහිමිවනු ඇත.  

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<