2020 දී අමුතු ක්‍රිකට් තරගාවලියක්

428
Supersport

එළඹෙන 2020 වසරේ දී පන්දු 100 හෙවත් පන්දුවාර දහයයි 10 ක්‍රිකට් තරගාවලියක් පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙන බව වාර්තා වේ. එම තරගාවලිය සඳහා අදාළ ක්‍රමවේදය ද අපූරු මුහුණුවරකින් යුක්තය.

බංග්ලාදේශයට එරෙහිව වන නවසීලන්ත සංචිතය එළියට

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම සමඟ පැවැත්වෙන තරග 3කින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කරන නවසීලන්ත ටෙස්ට් සංචිතය නිවේදනය කර තිබේ. එම සංචිතය සඳහා….

මෙම පන්දු සියයේ දේශීය ක්‍රිකට් තරගාවලියේ තරග ක්‍රමවේදය සඳහා එංගලන්තයේ ප්‍රාන්ත 17ක අනුමැතිය හිමිව තිබෙන අතර කෙසේ වෙතත් එංගලන්ත ක්‍රිකට් ආයතනය සකස් කළ තරග ක්‍රමවේදයට සරේ ප්‍රාන්තයෙන් පමණක් අනුමැතිය හිමිව නොමැති වීම විශේෂත්වයකි.

එංගලන්ත ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත්තේ ලබන වසරේ දී අදාළ තරගාවලිය නගර කේන්ද්‍රකරගත් කණ්ඩායම් අටකගේ සහභාගීත්වයෙන් පැවැත්වීමටයි.

මෙම තරග ආකෘතිය තුල තරගයේ පන්දු යැවීමේ අන්තය මාරුවන්නේ සෑම පන්දු 10කට වරක් පමණි. මෙම තරගය තුල එක් පන්දු යවන්නෙකුට අඛණ්ඩව පන්දු 5ක් හෝ 10ක් යැවිය හැකි. කෙසේ වෙතත් එක් පන්දු යවන්නෙකුට තරගය තුල යැවිය හැකි උපරිම පන්දු ප්‍රමාණය 20ක්.

පන්දු 100 තරගාවලිය තුල පවර්ප්ලේ අවස්ථාව හිමි වන්නේ එක එක් ඉනිමේ පළමු පන්දු 25 සඳහා යි.

පිතිකරුවන්ගේ වරදින් දකුණු අප්‍රිකාවට අනපේක්ෂිත වාසියක්!

ඊයේ දිනය නිමා වෙද්දී ලකුණු 60කට කඩුලු තුනක් දැවී සිටි ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉතිරි කඩුලු සියල්ලම දවා ගැනීමට අද (22) උදෑසන සත්කාරක දකුණු අප්‍රිකානු කණ්ඩායමට…

strategic timeout හෙවත් උපක්‍රමශීලී කෙටි විරාමය ලෙස මිනිත්තු 2යි තත්පර 30ක කාලයක් ලබා ගැනීමේ අවස්ථාව සෑම පන්දු යැවීමේ කණ්ඩායමකටම හිමි වේ.

මෙම තරග ආකෘතිය පිළිබද අදහස් දක්වමින් එංගලන්ත ක්‍රිකට් ආයතනයේ විධායක නිලධාරි ටොම් හැරිසන් සඳහන් කළේ මෙම තරග ආකෘතිය තුලින් ක්‍රිකට් ක්‍රීඩාව තවත් ක්‍රීඩාලෝලීන් අතරට ගෙන යා හැකි බවයි.

එළඹෙන වසරේ පළමු වරට පවත්වන මෙම තරගාවලිය සඳහා කණ්ඩායම් 8ක් සහභාගී කරගන්නා අතර එම කණ්ඩායම් 8 සහ එහි ක්‍රීඩකයින් ඉදිරියේ දී ප්‍රකාශ කිරීමට නියමිතයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<