දෙවන වරට සංවිධාන කෙරුණු ජනාධිපති ක්‍රීඩා සම්මාන උළෙල පසුගිය 19 වැනිදා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී පැවැත්වූ අතර එහි දී විශිෂ්ටතා සම්මාන ද්විත්වයකින් පිදුම් ලබන්නට ThePapare.com සමත් විය. ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ සංකල්පයක් අනුව සංවිධාන කෙරුණු මෙම සම්මාන උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතායි.

Sinhala – ThePapare.com

ක්‍රිකට්, රග්බි, වොලිබෝල්, මළල ක්‍රීඩා ආදි සියළුම ආකාරයේ කෙළිබිම උණුසුම් කරන තතු විත්ත..

වසරේ විශිෂ්ටතම ඉලෙක්ට්‍රොනික මාධ්‍ය ශ්‍රව්‍ය දෘශ්‍ය ක්‍රීඩා වැඩසටහන් නිෂ්පාදනය සඳහා ThePapare.com සම්මානයට පාත්‍ර වූ අතර අපගේ ඡායාරූප ශිල්පී සමීර පීරිස් වසරේ විශිෂ්ටතම ක්‍රීඩා ඡායාරූප ශිල්පියා ලෙස සම්මාන දිනා ගන්නා ලදි.

මෙම විශිෂ්ට ඇගයීම් සම්මානයන්ගේ ගෞරවය අපගේ ආදරණීය ක්‍රීඩාලෝලීන්ට හිමි විය යුතු වන්නේ දිනෙන් දින ඔබ අප කෙරෙන් බලාපොරොත්තු වන වඩාත් ඉහළ ක්‍රීඩා වාර්තාකරණ පරාසය, දිනෙන් දින වර්ධනය වන ගුණාත්මකභාවයක් රඳවා ගැනීමට අප දිරිමත් කරන ප්‍රධාන උත්ප්‍රේරකය වීම නිසාවෙනි. එබැවින් අපගේ පාඨක, ශ්‍රාවක, ප්‍රේක්ෂක, ඔබ සියල්ලන්ටම අපගේ හදවතින්ම නැගෙන ස්තුතිය මෙසේ පුද කරමු.

ජනාධිපති ක්‍රීඩා සම්මාන උළෙලේ සියලු සම්මානලාභීන්ගේ තොරතුරු පහත සඳහන් වේ.

1. වසරේ විශිෂ්ටතම ක්‍රීඩකයා – මැතිව් අබේසිංහ (පිහිනුම් ක්‍රීඩක)

2. වසරේ විශිෂ්ටතම ක්‍රීඩිකාව – නිමාලි ලියන ආරච්චි (මලල ක්‍රීඩිකා)

3. වසරේ විශිෂ්ටතම විශේෂ අවශ්‍යතා ඇති ක්‍රීඩකයා – H. M. දිනේෂ් ප්‍රියන්ත හේරත් (පැරා මළල ක්‍රීඩක)

4. වසරේ විශිෂ්ටතම විශේෂ අවශ්‍යතා සහිත ක්‍රීඩිකාව – අමරා ඉන්දුමතී කරුණාතිලක (පැරා මලල ක්‍රීඩිකා)

5. වසරේ විශිෂ්ටතම කනිෂ්ඨ ක්‍රීඩකයා – L. P. ග්‍රේෂන් ධනංජය (මලල ක්‍රීඩක)

6. වසරේ විශිෂ්ටතම කනිෂ්ඨ ක්‍රීඩිකාව – කිමිකෝ රහීම් (පිහිනුම් ක්‍රීඩිකා)

7. වසරේ විශිෂ්ටතම තරුණ ක්‍රීඩකයා – S. සන්තුෂ් වීරසිංහ (මලල ක්‍රීඩක)

8. වසරේ විශිෂ්ටතම තරුණ ක්‍රීඩිකාව – ආශිකා විජේබාස්කර් (බර ඉසිලීමේ ක්‍රීඩිකා)

9. වසරේ විශිෂ්ටතම කනිෂ්ඨ බාලක ක්‍රීඩා කණ්ඩායම – ශ්‍රී ලංකා වයස අවුරුදු 15න් පහළ ක්‍රිකට් කණ්ඩායම

10. වසරේ විශිෂ්ටතම කනිෂ්ඨ බාලිකා ක්‍රීඩා කණ්ඩායම – ශ්‍රී ලංකා වයස අවුරුදු 16න් පහළ මීටර් 400 x 4 සහාය කණ්ඩායම.

11. වසරේ විශිෂ්ටතම තරුණ ක්‍රීඩා කණ්ඩායම (පිරිමි) – ශ්‍රී ලංකා වයස අවුරුදු 20න් පහළ රග්බි කණ්ඩායම.

12. වසරේ විශිෂ්ටතම විශේෂ අවශ්‍යතා ඇති ක්‍රීඩා කණ්ඩායම (පිරිමි) – ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම.

13. වසරේ විශිෂ්ටතම ක්‍රීඩා කණ්ඩායම (පිරිමි) – ශ්‍රී ලංකා පිරිමි කැරම් කණ්ඩායම

14. වසරේ විශිෂ්ටතම ක්‍රීඩා කණ්ඩායම (කාන්තා) – ශ්‍රී ලංකා කාන්තා කැරම් කණ්ඩායම.

15 ජීවිත කාලයටම එක වරක් පිරිනැමෙන ක්‍රීඩා ගෞරව සම්මාන
* ක්‍රීඩා කීර්ති සම්මානය – D. H. චන්ද්‍රසිරි
* ක්‍රීඩා භූෂණ – K. G. භද්‍රා
* ක්‍රීඩා භූෂණ – ඩර්වින් පෙරේරා.
* ක්‍රීඩා භූෂණ – යෝගානන්ද විජේසුන්දර
* ක්‍රීඩා භූෂණ – K. L. F. විජේදාස
* ක්‍රීඩා භූෂණ – මේජර් ජෙනරාල් ආචාර්ය චෙල්ලයියා තුරෙයිරාජා
* ක්‍රීඩා භූෂණ – සුම්මා නවරත්නම්.
* ක්‍රීඩා භූෂණ – රන්ජිත වීරසේන
* ක්‍රීඩා රත්න – විමලසේන පෙරේරා.

16. වසරේ විශිෂ්ටතම ක්‍රීඩා ඡායාරූප ශිල්පී – T. ඉසුරු සමීර පීරිස් – (ThePapare.com)

17.වසරේ විශිෂ්ටතම රූපවාහිනී ක්‍රීඩා වැඩසටහන (සජීවී) – රෝයල් ටර්ෆ් ක්ලබ් රේසින් ජාතික රූපවාහිනිය – සම්පත් ශ්‍රී පෙරේරා (ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව)

18. වසරේ විශිෂ්ටතම රූපවාහිනී ක්‍රීඩා වැඩසටහන (කාලීන සිදුවීම්) – ඉන්සයිඩ් ස්පෝර්ට්ස් – මංජු තේනුවර (සිරස ටී. වී.)

19. වසරේ විශිෂ්ටතම ගුවන්විදුලි ක්‍රීඩා වැඩසටහන (සජීවී) – ක්‍රිකට් විස්තර ප්‍රචාරය – (ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව)

20. වසරේ විශිෂ්ටතම ගුවන්විදුලි ක්‍රීඩා වැඩසටහන (වාර්තාමය) – නෙත් ස්පොර්ට්ස්මන් – කසුන් කැලුම් (නෙත් එෆ්. එම්.)

21. වසරේ විශිෂ්ටතම ක්‍රීඩා මුද්‍රිත ප්‍රකාශනය – 100 Years for Sri Lanka Volleyball (ශ්‍රී ලංකා වොලිබෝල් සියවසක ඉතිහාසය) – සුසිල් රණසිංහ

22. වසරේ විශිෂ්ටතම ඉලෙක්ට්‍රොනික ශ්‍රව්‍ය දෘශ්‍ය ක්‍රීඩා නිෂ්පාදනය – ThePapare.com

23. වසරේ විශිෂ්ටතම ජාතික පුවත්පත් ක්‍රීඩා පිටුව (සිංහල) – ඉරිදා දිවයින

24. වසරේ විශිෂ්ටතම ජාතික පුවත්පත් ක්‍රීඩා පිටුව (දෙමළ) -වීරකේසරී ස්පෝර්ට්ස් ස්පෙෂල්

25. වසරේ විශිෂ්ටතම ජාතික පුවත්පත් ක්‍රීඩා පිටුව (ඉංග්‍රීසි) – සිලෝන් ටුඩේ

26. වසරේ විශිෂ්ටතම ඉලෙක්ට්‍රොනික මාධ්‍ය ක්‍රීඩා මාධ්‍යවේදී (සිංහල) – සුරේෂි ගුණසේකර – ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව

27. වසරේ විශිෂ්ටතම ඉලෙක්ට්‍රොනික මාධ්‍ය ක්‍රීඩා මාධ්‍යවේදී (දෙමළ) – R. බාලශ්‍රීදරන් වාමලෝසනන් – සූරියන් එෆ්. එම්.

28. වසරේ විශිෂ්ටතම මුද්‍රිත මාධ්‍ය ක්‍රීඩා මාධ්‍යවේදී (සිංහල) – රොෂාන් පැතුම් ශ්‍රී විජේරත්න – අද පුවත්පත

29. වසරේ විශිෂ්ටතම මුද්‍රිත මාධ්‍ය ක්‍රීඩා මාධ්‍යවේදී (දෙමළ) – S. ප්‍රසාත් – වීරකේසරී පුවත්පත

30. වසරේ විශිෂ්ටතම මුද්‍රිත මාධ්‍ය ක්‍රීඩා මාධ්‍යවේදී (ඉංග්‍රීසි) – අංජන කල්හාර කළුආරච්චි – සිලෝන් ටුඩේ පුවත්පත

31. වසරේ විශිෂ්ටතම ක්‍රීඩා වෛද්‍යවරයා – වෛද්‍ය ලාල් ඒකනායක

32. වසරේ විශිෂ්ටතම ක්‍රීඩා විවේක සැපයුම්කරු – ලංකා ස්පෝර්ට්ස්රයිසන් (LSR)

33. වසරේ විශිෂ්ටතම ක්‍රීඩා විනිසුරු/ තරග තීරක/ තාක්ෂණික නිලධාරී – U. T. B. කිරිදෙන (බොක්සිං)

34. වසරේ විශිෂ්ටතම ක්‍රීඩා පුහුණුකරු – මනෝජ් අබේසිංහ (පිහිනුම් පුහුණුකරු)

35. වසරේ විශිෂ්ටතම කනිෂ්ඨ ක්‍රීඩා පුහුණුකරු –පිලිප් රංජිත් පෙරේරා (මලල ක්‍රීඩා පුහුණුකරු)

36. වසරේ විශිෂ්ටතම යොවුන් ක්‍රීඩා පුහුණුකරු – අමිල ප්‍රසන්න විජේවික්‍රම (මලල ක්‍රීඩා පුහුණුකරු)

37. වසරේ විශිෂ්ටතම ක්‍රීඩා ශාරීරික යෝග්‍යතා පුහුණුකරු – සජිත් ජයලාල්

38. වසරේ විශිෂ්ටතම ක්‍රීඩා ප්‍රවර්ධක / අනුග්‍රාහක
1. ඩයලොග් ආසිආටා PLC
2. ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල්
3. sportsinfo.lk

39.වසරේ විශිෂ්ටතම කණිෂ්ට ක්‍රීඩා ප්‍රවර්ධක / අනුග්‍රාහක –
1. මයිලෝ – නෙස්ලේ ලංකා
2. සිලෝන් බිස්කට්ස්
3. සිංගර් ශ්‍රී ලංකා

කෙසේ වෙතත් මෙම සම්මාන උළෙලේ සම්මාන ලාභීන් බොහෝ දෙනෙකු හට උත්සවය සඳහා ආරාධනා පත් ලැබී නොතිබුණු බවට ThePapare.com වෙත වාර්තා වෙයි. ThePapare.com වෙත ද ආරාධනා පත් නොලැබුණු අතර එම සම්මාන උළෙල ආවරණය කිරීම සඳහා ගිය අපගේ කැමරා ශිල්පියා හටද අවසන් මොහොතේ දී සම්මාන උළෙල පැවති ශාලාව තුලට පිවිසීමට අවසර ලබා නොදීමට සංවිධායකයන් කටයුතු කරන ලදි. එබැවින් මෙම සම්මාන උළෙල පිළිබඳ වැඩිදුර තොරතුරු වාර්තා කිරීමට නොහැකි වීම පිළිබඳ අපගේ කනගාටුව මෙසේ පල කර සිටිමු.

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<