ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය සඳහා එක්ව සිටින ශ්‍රී ලංකා සංචිතය සමඟ එක්වීම වෙනුවෙන් වමතින් දඟපන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ, මැදපෙළ පිතිකරු සහන් ආරච්චිගේ සහ වමතින් වේගපන්දු යවන ඩිල්ශාන් මදුසංක හෙට (21) සිම්බාබ්වේ දේශය බලා පිටත්ව යාමට නියමිතයි.
මෙලෙස හෙට දිනයේ දී පිටත්ව යන මේ ක්‍රීඩකයින් තිදෙනා මේ මස 23 වැනිදා ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ එක්වීමට නියමිතව සිටින්නේ අතිරේක ක්‍රීඩකයින් ලෙසයි.
වමතින් වේගපන්දු යවන ක්‍රීඩක ඩිල්ශාන් මදුසංක නිමා වූ දකුණු අප්‍රිකානු A එක්දින තරගාවලියේ දී තරග 3ක් තුල කඩුලු 9ක් දවාගෙන දස්කම් දැක්වීමට සමත් වුනු අතර පසුගිය දා අවසන් වුනු LPL ක්‍රීඩක වෙන්දේසියේ දී වැඩිම මුදලකට අලෙවි වුනු ක්‍රීඩකයා ද වුනේ මදුසංකයි.
- වනිඳුගේ නැගිටීම හමුවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයට දරුණු පරාජයක්!
- දිමුත් සහ කුසල්ගෙන් ශතක; මතීෂගෙන් හොඳ පන්දු යැවීමක්
- දසුන් සහ දිමුත් පුහුණු තරගයේ ජය තහවුරු කරයි
- සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ අපේ ප්‍රතිවාදීන්
- දකුණු අප්‍රිකාව අභිබවා ගිය ශ්‍රී ලංකාව තරගාවලියේ පෙරමුණට
ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමේ හිටපු නායක දුනිත් වෙල්ලාලගේ දකුණු අප්‍රිකානු A තරගාවලිය තුල කඩුලු 4ක් දවාගෙන දස්කම් අතරට පැමිණි අතර තුන් ඉරියව්වෙන් දස්කම් දක්වන මැදපෙළ පිතිකරු සහන් ආරච්චිගේ එම A තරගාවලිය තුල 67.50ක දල ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යයක් රඳවා ගනිමින් ලකුණු 165ක් ලබාගෙන දස්කම් අතරට පැමිණියා.
එක්සත් අරාබි එමීර් රාජ්‍ය (UAE) කණ්ඩායමට එරෙහිව පැවැත්වුණු පළමු තරගය ඉතාමත් පහසුවෙන් ජය ගත් ශ්‍රී ලංකාව, සහභාගී වීමට නියමිත දෙවැනි මූලික වටයේ තරගය මේ මස 23 වැනිදා ඕමානය සමඟ පැවැත්වීමට නියමිතයි. තරගාවලියේ සියලු පුවත් සඳහා රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා වෙබ් අඩවිය ThePapare.com සමඟම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<