Home Sinhala තවත් තරගයක් ඉතිරිව තිබිය දී ම T20 තරගාවලියේ ජය දකුණු අප්‍රිකානුවන්ට

තවත් තරගයක් ඉතිරිව තිබිය දී ම T20 තරගාවලියේ ජය දකුණු අප්‍රිකානුවන්ට

දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2021

492

සංචාරක ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය අද (12) කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී නිමා වුනේ ශ්‍රී ලංකාවට  කඩුලු 9ක පරාජයක් උරුම කර දෙමිනි.

ඒ අනුව තවත් තරගයක් ඉතිරිව තිබිය දී ම මේ විස්සයි විස්ස තරගාවලිය 2-0ක් ලෙස ජය ගැනීමට දකුණු අප්‍රිකානුවන් සමත් වුනා.

කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුව පන්දුවට පහර දීම සඳහා තීරණය කළත්, පන්දුවාර 18කුත් එක් පන්දුවක් අවසානයේ ශ්‍රී ලංකාවට සියල්ලන්ම දැවී ලබා ගැනීමට හැකි වුනේ ලකුණු 103ක් පමණයි. 

දෙරට අතර පැවති පළමු තරගය ශ්‍රී ලංකාව ලකුණු 28කින් පරාජයට පත්වීම නිසා තවදුරටත් තරගාවලියේ රැඳී සිටීම සඳහා ශ්‍රී ලංකාවට මේ තරගයේ ජය ඉතාමත් වැදගත් වුනා. ඒ අනුව ශ්‍රී ලංකාව වෙනස්කම් දෙකක් සිදු කරමින් මේ තරගයට අවතීර්ණ වුනා.

ඒ අනුව අවිශ්ක ප්‍රනාන්දු සහ අකිල දනංජය වෙනුවට, කුසල් පෙරේරා සහ ප්‍රවීන් ජයවික්‍රම අද තරගය වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට කැඳවා තිබුණා. මෙය ප්‍රවීන්ගේ මංගල විස්සයි විස්ස තරගය වුනු අතර ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ 91 වැනි විස්සයි විස්ස ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස ඉතිහාසගත වුනා.

දකුණු අප්‍රිකානුවන් ද එක් වෙනස්කමක් සිදු කරමින් පළමු විස්සයි විස්ස තරගයේ දී ලකුණු 26ක් ලබා ගත් David Miller වෙනුවට Rassie van der Dussen කණ්ඩායමට කැඳවා තිබුණා.

දෙවන විස්සයි විස්ස තරගය සඳහා ක්‍රීඩා කළ කණ්ඩායම්,

  • ශ්‍රී ලංකාව – Kusal Perera, Dinesh Chandimal (wk), Bhanuka Rajapaksa, Dhananjaya de Silva, Charith Asalanka, Dasun Shanaka (capt), Wanindu Hasaranga, Chamika Karunaratne, Dushmantha Chameera, Praveen Jayawickrama, Maheesh Theekshana.
  • දකුණු අප්‍රිකාව – Reeza Hendricks, Quinton de Kock (wk), Aiden Markram, Rassie van der Dussen, Heinrich Klaasen, Dwaine Pretorius, Keshav Maharaj (capt), Kagiso Rabada, Bjorn Fortuin, Anrich Nortje, Tabraiz Shamsi.

ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් දෙදෙනාගේ වෙනසක් සිදු කරමින් චන්දිමාල් සහ කුසල් ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළා. පළමු තරගයේ දී අර්ධ ශතකයක් ලබා ගනිමින් ශ්‍රී ලංකා  ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වුනු චන්දිමාල් සිය කාලගණනය නිසියාකාරව සිදු කිරීමට නොහැකි වීම නිසා ලකුණු 5කට පිටියෙන් ඉවත්ව යාමට සිදු වුනා.

තරගාවලිය පුරාවටම නිසි සාර්ථකත්වයක් ලබා ගැනීමට නොහැකි වුනු භානුක මේ තරගයේ දී 4 පහර 3ක් සහ එක් 6 පහරක් එල්ල කරමින් පන්දු 13ක දී ලකුණු 20ක් ලබා ගත්තා. එය ශ්‍රී ලංකා දෙවැනි කඩුල්ල සඳහා ලකුණු පන්දු 18ක දී ලකුණු 28ක සබඳතාවයක් ගොඩනැංවීම සඳහා සහයක් වුනු අතර කුසල්ගෙන් ද ඒ සඳහා හොඳ සහයක් හිමි වුනා. 

එම සබඳතාවය නිසාවෙන් ශ්‍රී ලංකාව නියමිත Powerplay අවස්ථාව තුල කඩුලු 2ක් දැවී ලකුණු 52ක් ලබා ගත් අතර මේ වසරේ ශ්‍රී ලංකාව ලබා ගත් දෙවැනි හොඳම Powerplay ලකුණු ප්‍රමාණය ද මෙය වුනා. ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වුනු කුසල් නැවතත් ජාතික කණ්ඩායමට පැමිණ පන්දු 25ක දී ලකුණු 30ක් ලබා ගත්තේ 4 පහර 3ක් සහ එක් 6 පහරක් එල්ල කරමිනි.

ඉන්පසුව ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසන් කඩුලු 8 ලකුණු 44ක් වැනි ඉතාමත් අවම ලකුණක් තුල දවා ගැනීමට Shamsi සහ Markram ඇතුළු දකුණු අප්‍රිකානු පන්දු යවන්නන් සමත් වුනු අතර ශ්‍රී ලංකා ඉනිමේ කඩුලු 10න් 9ක්ම දවා ගත්තේ දඟපන්දු යවන්නන් විසින් වීම සුවිශේෂී වුනා. 

ශ්‍රී ලංකා ඉනිමේ අවසන් පන්දු 54 තුල එකදු 4 පහරක් හෝ 6 පහරක් ලබා ගැනීමට ශ්‍රී ලංකා පිතිකරුවන්ට හැකියාවක් ලැබුණේ නැහැ. එසේම මේ තරගය පුරාවට ශ්‍රී ලංකාව පළමු විස්සයි විස්ස තරගයේ දී මෙන් නිලකුණු පන්දු 49ක් ක්‍රීඩා කර තිබුණා. 

මේ තරගයේ දී ලබා ගත් ලකුණු 103 ප්‍රමාණය ශ්‍රී ලංකා කණ්ඩායමක් දකුණු අප්‍රිකාවට එරෙහිව ලබා ගත් අවම ලකුණු ප්‍රමාණයේ වාර්තාව සම කිරීමට සමත් වුනා. මින් පෙර 2013 වසරේ දී මේ ක්‍රීඩාංගණයේ දී ම ශ්‍රී ලංකාව දකුණු අප්‍රිකාවට එරෙහිව කඩුලු 9ක් දැවී ලකුණු 103ක් ලබාගෙන තිබුණු අතර එම තරගය ශ්‍රී ලංකාව ලකුණු 12කින් පරාජයට පත් වුනා.  

දකුණු අප්‍රිකානු ඉනිම සඳහා සාර්ථක ආරම්භයක් ලබා ගත් de Kock සහ Hendricks පළමු කඩුල්ල සඳහා ලකුණු 62ක සබඳතාවයක් ගොඩනැංවූ අතර වනිඳුගේ ගුග්ලි පන්දුවක් හමුවේ ලකුණු 18ක් ලබාගෙන සිටි Hendricks පිටියෙන් ඉවත්ව ගියා. 

ඉන්පසුව තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වුනු නමුත් එම බාධාව මිනිත්තු 38කට සීමා කරමින් නැවතත් තරගය ආරම්භ වුනු අතර ඔවුන් එක් කඩුල්ලක් පමණක් වැය කරමින් සෙමින් සීරුවේ සිය ඉලක්කය වෙත පහසුවෙන්ම ඇදී ගියා.

ඒ සඳහා ඉතාමත් හොඳ ශක්තිමත් අඩිතාලමක් සකස් කර දුන් de Kock සිය විස්සයි විස්ස ක්‍රිකට් දිවියේ ලබා ගත් 10 වැනි අර්ධ ශතකය සහ ශ්‍රී ලංකාවට එරෙහිව ලබා ගත් තෙවැනි විස්සයි විස්ස අර්ධ ශතකය ලබා ගනිමින් පන්දු 48ක දී ලකුණු 58*ක් ලබා ගත්තා. ඔහුගේ එම ඉනිම සඳහා 4 පහර 7ක් ඇතුළත් වුනා.

Markram නොදැවී ලකුණු 21*ක් ලබා ගත් අතර ඔවුන් දෙදෙනා එක්ව දෙවැනි කඩුල්ල සඳහා ලකුණු 43*ක නොබිදුනු සබඳතාවයක් ගොඩනංවමින් සිය කණ්ඩායම කඩුලු 9ක ජයක් වෙත රැගෙන ගියා. පන්දු යැවීමේ දී වනිඳු එක් කඩුල්ලක් දවා ගත්තා. 

Result


Sri Lanka
103/10 (18.1)

South Africa
105/1 (14.1)

Batsmen R B 4s 6s SR
Kusal Perera lbw b Aiden Markram 30 25 2 1 120.00
Dinesh Chandimal c Keshav Maharaj b Anrich Nortje 5 8 0 0 62.50
Bhanuka Rajapaksa c & b Aiden Markram 20 13 3 1 153.85
Dhananjaya de Silva st Quinton de Kock b Tabraiz Shamsi 4 6 0 0 66.67
Dasun Shanaka b Tabraiz Shamsi 10 8 0 1 125.00
Charith Asalanka c & b Aiden Markram 14 20 0 0 70.00
Wanindu Hasaranga b Bjorn Fortuin 4 7 0 0 57.14
Chamika Karunaratne b Tabraiz Shamsi 8 12 0 0 66.67
Dushmantha Chameera lbw b Bjorn Fortuin 1 3 0 0 33.33
Maheesh Theekshana lbw b Keshav Maharaj 0 2 0 0 0.00
Praveen Jayawickrama not out 0 5 0 0 0.00


Extras 7 (b 2 , lb 1 , nb 0, w 4, pen 0)
Total 103/10 (18.1 Overs, RR: 5.67)
Fall of Wickets 1-10 (1.6) Dinesh Chandimal, 2-38 (4.6) Bhanuka Rajapaksa, 3-59 (7.4) Dhananjaya de Silva, 4-71 (9.2) Dasun Shanaka, 5-78 (10.5) Kusal Perera, 6-86 (12.5) Wanindu Hasaranga, 7-100 (15.3) Chamika Karunaratne, 8-103 (16.5) Dushmantha Chameera, 9-0 (17.1) Charith Asalanka, 10-103 (18.1) Maheesh Theekshana,

Bowling O M R W Econ
Bjorn Fortuin 4 0 12 2 3.00
Anrich Nortje 2 0 8 1 4.00
Kagiso Rabada 2 0 29 0 14.50
Aiden Markram 4 1 21 3 5.25
Keshav Maharaj 2.1 0 10 1 4.76
Tabraiz Shamsi 4 0 20 3 5.00


Batsmen R B 4s 6s SR
Quinton de Kock not out 58 48 7 0 120.83
Reeza Hendricks c Dinesh Chandimal b Wanidu Hasaranga 18 19 2 0 94.74
Aiden Markram not out 21 19 3 0 110.53


Extras 8 (b 4 , lb 0 , nb 1, w 3, pen 0)
Total 105/1 (14.1 Overs, RR: 7.41)
Fall of Wickets 1-62 (8.2) Reeza Hendricks,

Bowling O M R W Econ
Dushmantha Chameera 2 0 13 0 6.50
Dhananjaya de Silva 2 0 18 0 9.00
Maheesh Theekshana 4 0 30 1 7.50
Praveen Jayawickrama 1.1 0 12 0 10.91
Wanindu Hasaranga 4 0 22 1 5.50
Dasun Shanaka 1 0 6 0 6.00



තරගයේ වීරයා – Tabraiz Shamsi

ඒ අනුව මේ ලබා ගත් තරගාවලි ජයත් සමඟ දකුණු අප්‍රිකානුවන් අවසන් වරට සහභාගී වී තිබෙන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලි තුනම ජයග්‍රහණය කර තිබීම සුවිශේෂී වෙනවා.

දෙරට අතර පැවැත්වෙන තෙවැනි සහ අවසන් විස්සයි විස්ස ක්‍රිකට් තරගය මේ මස 14 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනවා. තරගාවලියේ සියලු තොරතුරු දැන ගැනීමට ThePapare.com සමඟ රැඳී සිටින්න.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<