පළමු අදියරේ ජය මොබිටෙල් ඊගල්ස්ට සහ ශා. පීතර විද්‍යාලයට

463

තරින්ද රත්වත්ත අවසන් මිනිත්තුවේදී වාර්තා කල උත්සාහක දිනුම හේතුවෙන් ශ්‍රී ලංකා සුපර් සෙවන්ස් සත් සාමාජික රග්බි තරගාවලියේ පළමු අදියරේ ශූරතාව දිනා ගන්නට ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් ඊගල්ස් කණ්ඩායම සමත් විය. ඔවුන්  කුසලාන අවසන් මහා තරගයේදී ලකුණු 21-14ක් ලෙස පරාජය වූයේ සොෆ්ට්ලොජික් වොරියර්ස් කණ්ඩායමටයි.

පසුගිය ලිපි: ඉසිපතන සහ මොබිටෙල් ඊගල්ස් කණ්ඩායම් පෙරමුණේ

ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් ඊගල්ස් කණ්ඩායම අවසන් තරගයට සුපිරි ආරම්භයක් ලබා ගත්තේ ස්ටෙෆානෝ කකාවූ වාර්තා කල උත්සාහක දිනුම හේතුවෙනුයි. නමුත් ඊගල්ස් කණ්ඩායමෙන් පන්දුව සොරා ගත් අර්ශාඩ් ජමාල්ඩීන්, ජේසන් දිසානායක වෙත පන්දුව භාරදුන් අතර ලකුණු සම කරමින් උත්සාහක දිනුමක් වාර්තා කරන්නට ජේසන් සමත් විය.

ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් ඊගල්ස්  ක්‍රීඩකයන් යලිත් ලකුණු අතරට පිවිසුනත්, සොෆ්ට්ලොජික් වොරියර්ස් වෙනුවෙන් යලිත් ලකුණු සම කරන්නට ලූක් මුණවීර සමත් විය. මෙසේ තරගය වරින් වර දෙපසට දෝලනය වූවත් අවසන් මොහොතේ ඊගල්ස් කණ්ඩායම ජය කනුව වෙත ලඟා වූයේ තරින්ද රත්වත්ත විසින් උත්සාහක දිනුම් රේඛාව පසු කිරීමත් සමගයි.

කුසලාන අවසන් පූර්ව තරගයේදී ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් ඊගල්ස් කණ්ඩායම හමුවේ ලකුණු 2ක තියුණු පරාජයක් ලද කාගිල්ස් ග්ලැඩියේටර්ස් කණ්ඩායම පළඟ ශූරතාව දිනා ගත්තේ EZY වුල්ෆ්ස් කණ්ඩායම ලකුණු  28-07ක් ලෙස පහසුවෙන් පරාජය කරමිනි. පළමු දිනයේ තම කාණ්ඩයේ පෙරමුණ ගෙන සිටි EZY වුල්ෆ්ස් කණ්ඩායම, තරගාවලියේ වැදගත්ම අවසන් භාගයේදී තම දස්කම් උපරිම මට්ටමට ගෙන එන්නට අපොහොසත් විය.

වෝකර්ස් CML වයිපර්ස් කණ්ඩායම පලිහ ශූරතාව සඳහා සටන් වැදුනේ ඇක්සස් කිංග්ස් කණ්ඩායම සමගිනුයි. ඊයේ දිනයේ අඩු දස්කම් ප්‍රකට කළ වෝකර්ස් CML වයිපර්ස් ක්‍රීඩකයන් ලකුණු 22 – 07ක් ලෙස මේ තරගය ජය ගනිමින් පලිහ ශූරතාවට හිමිකම් කියන ලදී. කෙසේ වෙතත් ඇක්සස් කිංග්ස් කණ්ඩායමට මෙම අදියරේ එක් තරගයක් හෝ ජයගන්නට නොහැකි විය.

පාසල් අංශයේ ශූරතාව ශාන්ත පීතර විදුහලට.

ශ්‍රී ලංකා සුපර් සෙවන්ස් පළමු අදියරේ පාසල් තරගාවලියේ කුසලාන අවසන් තරගය පැවැත්වූයේ පාරම්පරික ප්‍රතිවාදීන් වන මරදාන ශාන්ත ජෝසප් සහ බම්බලපිටිය ශාන්ත පීතර යන විද්‍යාල සමඟිනි.

තීක්ෂණ දිසානායක උත්සාහක දිනුම් 4ක් සමගින් පීතරයන් වෙනුවෙන් තරගයේ ජය තහවුරු කර ගනිද්දී, ශා. ජෝසප් කණ්ඩායම වෙනුවෙන් උත්සාහක දිනුම් දෙකක් වාර්තා කරන්නට තරිඳු ද අල්විස් සමත් විය. කෙසේ වෙතත් තීක්ෂණ දිසානායකගේ උත්සාහක දිනුම් වර්ෂාව හමුවේ ජයග්‍රහණයක් අසලටවත් පැමිණෙන්නට ශා.ජෝසප් කණ්ඩායමට නොහැකි විය. ශා. පීතර විද්‍යාලය කුසලාන ශූරතාව දිනා ගත්තේ ලකුණු 31-12ක් ලෙසිනි.

කෙසේ වෙතත් ශා,ජෝසප් කණ්ඩායම අවසන් තරගයට පිවිසියේ ප්‍රබල ඉසිපතන කණ්ඩායම පරාජය කරමිනුයි. චතුර සෙනෙවිරත්න අවසන් මොහොතේ වාර්තා කල උත්සාහක දිනුම අවසන් පූර්ව තරගයේදී ශා.ජෝසප් කණ්ඩායම ලකුණු 21-19ක තියුණු ජයක් වෙත ගෙන යන ලදී.

වෙස්ලි විද්‍යාලය ලකුණු 29 – 00ක් ලෙස පහසුවෙන් පරාජය කල ඉසිපතන ක්‍රීඩකයන් පළඟ ශූරතාවට හිමිකම් කියද්දී, ඩී. එස්. සේනානායක විද්‍යාලය ලකුණු 29 – 05 ක් ලෙස පරාජය කල සහිරා විද්‍යාලය බඳුන ශූරතාව දිනා ගන්නා ලදී.

සහිරා විද්‍යාලය බඳුන අවසන් තරගයට පිවිසියේ තවත් ප්‍රබල කණ්ඩායමක් වන ගල්කිස්ස ශා. තෝමස් විදුහල පරදවමිනි. කෙසේ වෙතත් තෝමසුවන් පලිහ අවසන් තරගයේදී මොරටුව වේල්ස් කුමාර විද්‍යාලය ලකුණු 31 – 05ක් ලෙස පරදවන්නට සමත් විය.

තවත් පුවත් සදහා පිවිසෙන්න – මුල්පිටුවට

TimeMatchTeam 1Score 1Score 2Team 2
1.40 pmSchool Q/F-3Wesley College1914Prince Of Wales College
2.00 pmSchool Q/F-4D S Senanayake College1240St. Peter's College
2.20 pmClub Q/F-1Mobitel Eagles2207Walkers CML Vipers
1.00 pmSchool Q/F-1Isipathana College2414Zahira College
1.20 pmSchool Q/F-2S Thomas' College0524St. Joseph's College
2.40 pmClub Q/F-2KBSL Dragons1036Cargills Gladiators
3.00 pmClub Q/F-3Softlogic Warriors2914Etisalat Panthers
3.20 pmClub Q/F-4Access Kings1226EZY Wolves
3.40 pmSchools Shield/Bowl Semi Final-1Zahira College1712S.Thomas' College
4.00 pmSchools Shield/Bowl Semi Final-2Prince of Wales' College1017DS Senanayake College
4.30 pmClub Shield/Bowl Semi Final-1Walkers CML Vipers1721KBSL Dragons
4.50 pmClub Shield/Bowl Semi Final-2Etisalat Panthers4014Access Kings
5.10 pmSchools Cup/Plate Semi Final-1Isipathana College1922St. Joseph's College
5.30 pmSchools Cup/Plate Semi Final-2Wesley College1224St. Peter's College
5.50 pmClub Cup/Plate Semi Final-1Mobitel Eagles1412Cargills Gladiators
6.10 pmCup Cup/Plate Semi Final-2Softlogic Warriors1907EZY Wolves
6.40 pmSchools Shield FinalS.Thomas' College3105Prince of Wales' College
7.00 pmSchools Bowl FinalZahira College2405DS Senanayake College
7.30 pmClub Shield FinalWalkers CML Vipers2707Access Kings
7.50 pmClub Bowl FinalEtisalat Panthers2126KBSL Dragons
8.10 pmSchools Plate FinalIsipathana College2900Wesley College
8.30 pmClub Plate FinalCargills Gladiators2807EZY Wolves
9.00 pmSchool Cup FinalSt.Joseph's College1231St. Peter's College
9.30 pmClub Cup FinalMobitel Eagles2114Softlogic Warriors