15න් පහළ ශූරතා උහන තිස්සපුර සහ සාන්ත සේවියර් විද්‍යාලවලට

286

2017 වසර සඳහා වන DSI වොලිබෝල් තරගාවලියේ වයස අවුරුදු 15න් පහළ තරග අංශයේ අවසන් මහා තරග අද (23) අවසන් වූ අතර එහි දී බාලක අංශයේ ශූරතාවය මාරවිල සාන්ත සේවියර් මධ්‍ය මහා විද්‍යාලයත්, බාලිකා අංශයේ ශූරතාවය අම්පාර උහන තිස්සපුර විද්‍යාලයත් ජයග්‍රහණය කිරීමට සමත් විය.  

සාන්ත සේවියර් හා රාජසිංහ මධ්‍ය විද්‍යාල අවසන් මහා තරගයට

මාරවිල සාන්ත සේවියර් විද්‍යාලය හා රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලය 17 වන DSI සුපර් ස්පෝර්ට් පාසල් වොලිබෝල් තරගාවලියේ බාලක වයස් කාණ්ඩ 3ක අවසන් මහා තරග සඳහා …

බාලක අංශය

වයස අවුරුදු 15න් පහළ වයස් කාණ්ඩයේ බාලක අංශයේ අවසන් මහා තරගය මාරවිල සාන්ත සේවියර් මධ්‍ය මහා විද්‍යාලය සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලය අතර පැවති අතර එහි දී තරග වට 3-1ක් ලෙස තරගය ජයග්‍රහණය කරමින් ශූරතාවය දිනා ගැනීමට මාරවිල සාන්ත සේවියර් මධ්‍ය මහා විද්‍යාලයීය ක්‍රීඩකයින් සමත් විය.

තරගයේ පළමු වටය ලකුණු 19-25ක් ලෙස ජයග්‍රහණය කිරීමට සමත් වූයේ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලයීය කණ්ඩායමයි. කෙසේ නමුත් තරගයේ දෙවන වටයේ දී නැවතත් තරගයට අවතීර්ණ වූ සාන්ත සේවියර් මධ්‍ය මහා විද්‍යාලයීය ක්‍රීඩකයින් එම වටය ලකුණු 25-19ක් ලෙස ජයග්‍රහණය කිරීමට සමත් විය. අනතුරුව තරගයේ තෙවන හා සිව්වන වටවල දී කණ්ඩායම් දෙක අතර ඉතා උණුසුම් තරගයක් පැවති අතර එම තරග වට දෙකම ලකුණු 25-23 බැගින් ජයග්‍රහණය කළ සාන්ත සේවියර් මධ්‍ය මහා විද්‍යාලයීය කණ්ඩායම තරග වට 3-1ක් ලෙස තරගය ජයග්‍රහණය කරමින් ශූරතාවය දිනා ගැනීමට සමත් විය.

එහි දී දක්‍ෂතම පන්දු ඔසවන්නා ලෙස සාන්ත සේවියර් මධ්‍ය මහා විද්‍යාලයේ එම්. ජී. කවිඳු උදයංග සම්මානයෙන් පිදුම් ලැබූ අතර දක්ෂතම ප්‍රහාරකයා ලෙස රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලයේ එන්. ජී. කවිෂ්ක මධුශංඛ සම්මානයෙන් පිදුම් ලැබීය. තරගාවලියේ දක්‍ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානය දිනාගනු ලැබුවේ සාන්ත සේවියර් මධ්‍ය මහා විද්‍යාලයේ එම්. ඒ. හිරුෂ ගනිඳු ලක්ෂාන් ය.

ශූරතාවය මැසිනොද් සහ ධර්මපාල විදුහලට

කුරුණෑගල මලියදේව විද්‍යාලයීය වොලිබෝල් සංගමය විසින් සංවිධානය කරන ලද විවෘත වොලිබෝල් තරගාවලියේ දී වයස අවුරුදු 20න් පහළ බාලක ශූරතාවය දිනා ගැනීමට කඳාන ද මැසිනොද්..

බාලිකා අංශය

වයස අවුරුදු 15න් පහළ වයස් කාණ්ඩයේ බාලිකා අංශයේ අවසන් මහා තරගය අම්පාර උහන තිස්සපුර විද්‍යාලය සහ හුංගම විජයබා ජාතික පාසල අතර පැවති අතර එහි දී තරග වට 3-0ක් වශයෙන් තරගය ජයග්‍රහණය කළ අම්පාර උහන තිස්සපුර විද්‍යාලය ශූරතාවය දිනා ගැනීමට සමත් විය.

තරගයේ පළමු වටය ලකුණු 25-16ක් ලෙස පහසුවෙන් ජයග්‍රහණය කිරීමට උහන තිස්සපුර විද්‍යාලයීය ක්‍රීඩිකාවන් සමත් විය. අනතුරුව පැවති තරගයේ දෙවන වටයේ දී කණ්ඩායම් දෙකම කරට කර තරගයක නිරත වූ අතර කෙසේ නමුත් අවසන් මොහොතේ දී ඉදිරියට පැමිණි උහන තිස්සපුර විද්‍යාලයීය කණ්ඩායම ලකුණු 26-24ක් ලෙස එම වටය ද ජයග්‍රහණය කරන ලදි. අනතුරුව පැවති තෙවන වටය ද ලකුණු 25-20ක් ලෙස ජයග්‍රහණය කළ උහන තිස්සපුර විද්‍යාලයීය ක්‍රීඩිකාවන් තරග වට 3-0ක් ලෙස තරගය ජයග්‍රහණය කරමින් ශූරතාවය දිනා ගැනීමට සමත් විය.

එහි දී දක්‍ෂතම පන්දු ඔසවන්නිය ලෙස උහන තිස්සපුර විද්‍යාලයේ නිවන්ති මධුමාලි සහ දක්‍ෂතම ප්‍රහාරිකව ලෙස විජයබා ජාතික පාසලේ සුරේකා දිල්ෂානි සම්මානයෙන් පිදුම් ලැබූ අතර තරගාවලිය පුරාවට දැක්වූ දක්‍ෂතා වෙනුවෙන් දක්‍ෂතම ක්‍රීඩිකාව ලෙස උහන තිස්සපුර විද්‍යාලයේ අමන්දි භාග්‍යා සම්මානයෙන් පිදුම් ලැබීය.

 වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න – වොලිබෝල් පිටුවට