15න් පහළ රන්දෙණි වීරයා “ජනෙත් කෞෂාල්”

696

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 15න් පහළ පළමු කොටසේ ක්‍රිකට් තරගාවලියේ දෙවැනි වටයට සුදුසුකම් ලැබූ කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලයීය කණ්ඩායමේ නායකයා වෙන්නේ ජනෙත් කෞෂාල්. පිතිකරුවෙක්, පන්දු යවන්නෙක්, කඩුලු රකින්නෙක් සහ නායකයෙක් ලෙසින් ඔහු මේ දක්වා දැක්වූ දක්ෂතා ඉතා ඉහළයි. මේ ඔහුගේ දක්ෂතා ගැන ThePapare.com  තබන සටහනක්.

දේවපතිරාජයේ බැටින් මැෂිම “පවන් සන්දේශ්”

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 13න් පහළ පළමු …

2018 වසර ජනෙත් කෞෂාල්ට සුවිශේෂී අවුරුද්දක්. ඒ කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලයීය දශක තුනක පමණ අතීතයක් හිමි ක්‍රිකට් ඉතිහාසයේ වයස අවුරුදු 15න් පහළ කණ්ඩායමේ නායකයා ලෙසින් කලඑළි බැසීම නිසයි. ඒ වගේම තවත් සුවිශේෂී වෙනසක් සිදු වෙනවා. ඒ තමයි එතෙක් දකුණතින් වේගපන්දු යවන්නෙක්ව සිට ජනෙත්ට කඩුල්ල පිටුපස වගකීම ද බාර වීමයි.

හිටපු පුහුණුකරු සමඟ

නිහඬ එහෙත් සටන්කාමී ක්‍රීඩකයෙක් වන ජනෙත් මේ අභියෝගය ඉතා කැමැත්තෙන් බාර ගත්තා. ඒ අනුව ඔහු පළමු වටය නිමා කරන්නේ තමන් ක්‍රීඩා කළ කාණ්ඩයේ දෙවැනි ස්ථානය ලබා ගනිමින්.

අපි හොඳින් ක්‍රීඩා කළා. කණ්ඩායමේ සෑම කෙනෙක්ම හොඳ සහයෝගයෙන් කටයුතු කළා. ඒ නිසා අපිට මේ තැනට එන්න පුළුවන් වුනා. දැන් අපේ බලාපොරොත්තුව දෙවැනි වටයත් හොඳින් කරලා ඊළඟ වටයට පිවිසීමය.” ජනෙත් පැවැසුවා.

පැවති පළමු වටයේ දී ජනෙත්ගේ නායකත්වයෙන් යුත් කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලයීය කණ්ඩායම මාතර සාන්ත තෝමස් විද්‍යාලය, අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය සහ අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යාලයට එරෙහිව පළමු ඉනිමේ ජයග්‍රහණ ලබා ගන්නවා. ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය, ගාල්ල සාන්ත ඇලෝසියස් විද්‍යාලය සහ රත්ගම දේවපතිරාජ විද්‍යාලය වෙතින් ලබන්නේ පළමු ඉනිමේ පරාජයන්. දෙබරවැව ජාතික පාසල හා සමඟ තරගය ජය පරාජයෙන් තොරව අවසන් වෙලා තිබෙන්නේ.

තරග 7කට සහභාගී වෙන ජනෙත් ලබා ගත් ලකුණු සංඛ්‍යාව 412ක්. ඊට අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යාලයට (116) සහ දෙබරවැව ජාතික පාසලට (104) එරෙහිව ලබා ගත් ශතක දෙකක් ද ඇතුලත්. කඩුලු රකින්නෙක් ලෙසින් දැවී යෑම 19කට දායක වෙලා තිබෙනවා.

දේවානන්ද විද්‍යාලයට එරෙහිව ලකුණු 116ක් ලබා ගත්තා. ඒක තමයි මේ වසරේ මගේ හොඳම ඉනිම. ලකුණු 6කට කඩුලු 4ක් දැවී ගිය අවස්ථාවක මම ඒ ශතකය ලබා ගත්තේ. ඒ නිසා මම ඒ ඉනිමට ගොඩක් කැමැතියි. ඒ ශතකය ලබා ගනිද්දි රෂ්මික හෙට්ටිහේවා මට සහයෝගය දැක්වුවා. ඔහුත් මමත් ඒ කඩුල්ලට ලකුණු 96ක සබඳතාවක් ගොඩනැගුවා. අවසානයේ පරාජය වෙන්න ගිය තරගය පළමු  ඉනිමේ ජයග්‍රහණයකින් නිමා කරන්න අපිට හැකි වුනා.” ජනෙත් තමන් මුහුණ දුන් හොඳම තරගය පැවසුවා.

ඩිල්ශාන්ගේ තැන ගන්නට කළුතරින් බිහිවෙන පුංචි තරුව ‘විශාර’

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 15න් පහළ ක්‍රිකට් …

ජනෙත් හා හා පුරා කියා ක්‍රිකට් පිටියට පිවිසෙන්නේ තම පියා වූ මහින්ද හේමන්ත සමඟයි. ඒ මහින්ද සේ ම ජනෙත් ද එක සේ ම ක්‍රිකට් ක්‍රීඩාවට දැක්වූ කැමැත්ත නිසාය. ගෙදර ලෝකය වුණේ ක්‍රිකට්. අදටත් එහෙම කියලයි කියන්නේ. මව වූ නිලන්ති රාජනී වගේම සහෝදරිය වූ ගයාෂා සෙව්මිණි ද තාත්ත-පුතාලගේ ක්‍රිකට් ක්‍රීඩාව නිසා ඉබේම ක්‍රිකට් ප්‍රේක්ෂිකාවන් වුනා. ඔවුන් ජනිත් පිටුපසමයි. ජනිත් ක්‍රීඩා කරන තරගයක දී ඉතිරි තිදෙනාගෙන් කෙනෙක් නැතිවෙන්නේ නම් නෑ. ඔවුන් ඒ තරමටම ජනෙත්ට වගේම ක්‍රිකට්වලටත් ආදරය කරනවා.

ජනෙත්ගේ ප්‍රථම පුහුණුකරු වෙන්නේ දිනේෂ් කුමාර මහතා. මහින්ද ජනෙත්ව බාර දෙන්නේ ඔහුට. පුහුණුවීම්වලට පැමිණි ජනෙත් ටික කාලයකින්ම රිදම් එක අල්ල ගන්නවා. මේක මහින්දට වගේම පවුලේ සෑම කෙනෙක්ටම සතුටට කරුණක්.

ඒ 2014 අවුරුද්ද. ජනෙත්ට කෝඩුකාර තුන් ඉරියව් ක්‍රීඩකයෙක් ලෙසින් වයස අවුරුදු 13න් පහළ කණ්ඩායමට එක්ව සිටියා. ඔහුට එම වසරේ දී ලබා ගන්න පුළුවන් වුණේ ලකුණු 300කට ආසන්න සංඛ්‍යාවක්. නමුත් එම කණ්ඩායම එම වසරේ අනුශූරයන් වුනා.

ඊට පස්සෙ අවුරුද්ද ජනෙත්ට වැදගත් වෙන්නේ තමන්ගේ හොඳම පන්දු යැවීම වාර්තා වූ නිසා. ඒ කොළඹ මහානාම විද්‍යාලයට එරෙහිව ලකුණු 11කට ලබා ගන්නා ලද කඩුලු 6යි. එම අවුරුද්දේම ඔහු විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම නියෝජනය කරන්න සුදුසුකම් ලබනවා. පළමු වසරේ දී ම ඔහු තමන් වටිනා ක්‍රීඩකයෙක් බැව් කාටත් හඟවනවා. ඒ එක් තරගයක දී අර්ධ ශතකයක් ලබා ගනිමින්. ඔහු මේ සඳහා පන්දු 200කට වැඩි ප්‍රමාණයකට මුහුණ දෙනවා. ඔහුට ඒ වෙද්දී යන්තම් අවුරුදු 12ක් විතර ඇති කියලයි කියන්නේ.

එසේ ආරම්භ වූ වයස අවුරුදු 19න් පහළ ගමනේ දී ගෙවී ගිය වසරේ දී ද ඔහු කණ්ඩායමේ සුවිශේෂී කඩඉමක දී දක්ෂතා දක්වනවා. ඒ පෙර අර්ධ අවසන් පූර්ව තරගයේ දී පිතිකරුවෙක් ලෙසින් ඉනිම දෙකේ දී ම දක්ෂතා දක්වමින්. පානදුර සුමංගල විද්‍යාලය සමඟ පැවති එම තරගයේ දී ඔහු පළමු ඉනිමේ දී ලකුණු 71ක් ලබා ගනිමින් ද, දෙවැනි ඉනිමේ දී කඩුලු 38ක් ලබා ගනිමින් ද තම කණ්ඩායම ජයග්‍රහණයට විශාල දායකත්වයක් දක්වනවා. එම වසරේ ඔහු ලකුණු 600ක් අභිබවා ලබා ගන්නවා.

වර්තමාන පුහුණුකරු සමඟ

“ජනෙත් හොඳ අනාගතයක් තියෙන ක්‍රීඩකයෙක්. දෙන ඕනෑම වගකීමක් ඉතාම හොඳින් ඉටු කරනවා. කුඩා කාලයේ සිටම ජනෙත්ගෙන් ඒ දක්ෂතා අපි දැක්කා. අදත් ඔහු ඉතා වෙහෙසෙමින් තමන්ගේන් කණ්ඩායමට ඉටු විය යුතු යුතුකම් මොකක්ද කියල හඳුනගෙන ඒ වගකීම් ඉටු කරනවා. ජනෙත්ට තවත් වසර කිහිපයක්ම වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම නියෝජනය කරන්න පුළුවන්. ඔහු දැනටමත් දක්වන දක්ෂතා අනුව අපිට අනාගතයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට ආයෝජනය කරන්න පුළුවන් හොඳ ක්‍රීඩකයෙක් ලෙස මම ඔහුව දකිනවා.”

ජනෙත්ගේ ක්‍රිකට් දිවියට විශාල බලපෑමක් කිරීමට දායක වූ පුහුණුකරු අජන්ත කුමාර මහතා ජනෙත් ගැන ThePapare.com වෙත තමන්ගේ සහතිකයක ලබා දුන්නේ ඒ විදිහට. අජන්ත මේ වන විට කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලයේ පුහුණුකාරීත්වයෙන් ඉවත් වෙලා ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ සහාය පුහුණුකරුවෙක් ලෙසින් කටයුතු කරනවා. නමුත් හැකී සෑම අවස්ථාවකම රන්දෙණිය ක්‍රීඩකයන්ට තමන්ගේ සේවය ලබා දීමට ඔහු පැකිලෙන්නේ නැහැ.

 “ජනෙත් මුල් කාලයේ සිට ම කඩුලු රැකීමට ආශාවක් දැක්වූවා. ඒ වුනත් ඔහු පන්දු යැවීමේ දී ද දැක්වූ දක්ෂතා නිසා මුලින් කටයුතු කළේ පන්දු යවන්නෙක් ලෙසින්. පසුව ටිකෙන් ටික පිතිකරුවෙක් ලෙසින් ඉදිරියට පැමිණි නිසා ඔහුගේ මුල් කැමැත්තට ඉඩ දෙන්න අපි තීරණය කළා. අද ඔහු එහි වගකීමත් ඉතා හොඳින් ඉටු කරනවා.” අජන්ත කුමාර මහතා නැවත පැවසුවා.

ජනෙත් පසුගිය වසරේ සීනිගම දී පැවති පාසල් කණ්ඩායම් 6ක සහභාගීත්වයෙන් වූ මුරලි කප් තරගාවලියේ ශූරතාව දිනූ ගුණ ජය සතුට පදනම් කණ්ඩායමේ ද සාමාජිකයෙක්. එහි දී නැවත ඔහුට දිනේෂ් කුමාර පුහුණුකරු හමුවෙනවා. ඒ ඔහු එහි පුහුණුකරුවෙක් ලෙසින් කටයුතු කිරීම නිසා.

වර්තමානයේ ජනෙත්ගේ පුහුණුකරු වෙන්නේ චමුක මිලාන් ප්‍රනාන්දු. ඔහු ජනෙත් ගැන දක්වන්නේ මෙවැනි අදහසක්.

පුහුණුකරුවෙක් ලෙසින් මම ජනෙත්ව දකින්නේ සෑම අතින්ම දක්ෂ ක්‍රීඩකයෙක් ලෙසින්. ඔහුට හොඳ ක්‍රිකට් අනාගතයක් තියෙනවා. කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලයෙන් ජාතික තලයට ගිය ක්‍රිකට් ක්‍රීඩකයන් අතරට ජනෙත් ඉතාම ඉක්මනට ළඟා වේවි. ඒ වගේම නුදුරු අනාගතයේ දී ශ්‍රී ලංකා කනිෂ්ඨ කණ්ඩායම්වල සාමාජිකත්වය ලබා ගෙන ශ්‍රී ලංකා ක්‍රිකට් සමඟ හොඳ සාර්ථක ගමනක් යන්නත් ජනෙත්ට අවස්ථාව ලැබේවි. ඔහුගේ දක්ෂතා අනුව අපි ඒ විශ්වාසයේ සිටිනවා. ඔහු එම අවස්ථාවන් ඉතාම ප්‍රයෝජනවත්ව යොදා ගනීවි කියන විශ්වාසය මට තියෙනවා. ජනෙත් හොඳ ක්‍රීඩකයෙක් වගේම හොඳ නායකයෙක් ලෙසත් මම දකිනවා.“

ජනෙත්ගේ මේ සුවිශේෂී ගමන් මගේ කඩඉම් ලෙසින් ඔහු ඉතා ගෞරවයෙන් සිහිපත් කරන්නේ පියාගේ මැදිහත් වීම. ඔහු පවසන්නේ තමන් මෙතෙක් ලැබූ ජයග්‍රහණ සේ ම සහ ඉදිරියේ දී යම් ජයග්‍රහණයක් ලබන්නේ නම් ද එහි පළමු ගෞරවය ලැබිය යුත්තා තම පියා බවයි. ඔහුගේ කැපවීම සේ ම මවගේ මැදිහත් වීම ද ජනෙත් ගෞරවයෙන් සිහිපත් කරනවා. ඒ වගේම පවුලේ සෑම කෙනෙක්ගෙන්ම ලැබෙන සහයෝගය ද අමතක කරන්නට ජනෙත් අමතක කළේ නෑ.

‘තහනම් ගහේ ගෙඩි කෑ ගමනේ අවසන් පැය 24 දී වර්ණපුරලා ගහපු ගේම

මෙරට ක්‍රිකට් ක්‍රීඩාව තුළ බිහි වූ චරිත ගණනාවකි. එ් අතරින් බන්දුල වර්ණපුරට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි.

ඒ වගේම විද්‍යාලයේ විදුහල්පති ශාන්ත ආරියරත්න මහතා ඇතුළු ආචාර්ය මණ්ඩලයත්, වර්තමාන ක්‍රිකට් භාර ආචාර්ය ග්‍රේෂන් සිල්වා මහතා වගේම හිටපු ක්‍රිකට් භාර ආචාර්ය රංජිත් ප්‍රියන්ත මහතා ඇතුළු සියලු දෙනාමත් තමන්ගේ ගමනට සහයෝගය දක්වන බැව් පැවසූ ජනෙත් විද්‍යාලයේ ක්‍රීඩකයන්ගෙන් සහ අනෙකුත් අයගෙන් ලැබෙන දායකත්වයටත් ස්තුතිය පුද කළා.

මම මගේ දක්ෂතා ගැන සතුටු වෙනවා. මට මගේ දක්ෂතා දියුණු කර ගනිමින් මේ ගමන එන්න උදව් කළ අයගෙන් පළමු තැන ඉන්නේ මගේ පුහුණුකරුවන්. දිනේෂ් කුමාර සර්, අජන්ත කුමාර සර් සහ චමුක මිලාන් සර් දක්වන සහයෝගය මට විශාල ශක්තියක්. ඔවුන්ගේ ගුරුහුරුකම් සමඟ ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉදිරියටම යන්න මගේ බලාපොරොත්තුව.” ජනෙත් පැවැසුවා.

ජනෙත් මේ ඉදිරියට යන බලාපොරොත්තු යනුවෙන් ගොනු කළේ “අන්ඩර් නයින්ටීන් එකක් ගහන්න ඕන, ක්ලබ් ගහන්න ඕන, එතැනදි දක්ෂතා දක්වල ලොකු දෙයක් කරන්න ඕන.“ යනුවෙන්. මේ ලොකු දේ යනු ජනෙත් නොකියා කියන්නේ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම විය යුතුයි.

ජනෙත්ගේ එම බලාපොරොත්තුව ඉටුවේවායි ThePapare.com ප්‍රාර්ථනා කරන ගමන් රන්දෙණි වීරයා ගැන අනාගතයේ දී ද සටහන් තැබීමට පොරොන්දු වෙමින් අප ඔහුගෙන් සමු ගත්තා.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<