ප්‍රබල පිති ප්‍රහාර මැද සිව්වැනි තරගයත් නිමා වෙයි

231

ඇලෙස්ටෙයාර් කුක්ගේ නොදැවුණු ඉනිම නිසා මෙන්ම ඩේවිඩ් වෝනර්ගේ හා ස්මිත්ගේ වර්ණවත් පිතිකරණයෙන් හැඩගැන්වුණු අළු බඳුන ක්‍රිකට් තරගාවලියේ සිව්වැනි ටෙස්ට් තරගය අද (30) ජය පරාජයෙන් තොරව අවසන් විය.

ස්මිත් – මාශ් සබඳතාවය නිසා ජය කැන්ගරුවන්ට

තවත් ටෙස්ට් තරග දෙකක් ඉතිරිව තිබිය දී ම ඕස්ට්‍රේලියානු කණ්ඩායමට අළු බඳුන ක්‍රිකට් තරගාවලිය ජය ගැනීමට හැකි වූයේ අද (18) අවසන් වූ තෙවන ටෙස්ට් තරගය ද ඉනිමකින්…

මෙල්බර්න් පිටියේ කාසියේ වාසිය දිනාගත් ස්මිත් ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළේය. ඒ අවසරයෙන් පිටියට අවතීර්ණ වූ කැමරන් බ්‍රැන්ක්‍රොෆ්ට් හා වෝනර් පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 122ක් දැවැන්ත සබඳතාවයක් ගොඩනංවන ලදි. නමුත් එයින් වැඩි ලකුණු ප්‍රමාණයක් රැස් කර ගත්තේ වමතින් පිත්ත හසුරුවන වෝනර් විසිනි.

බ්‍රැන්ක්‍රොෆ්ට් ලකුණු 26කට දැවී ගිය පසුව 4 පහර 13ක් හා එක් 6 පහරක් සමඟින් ලකුණු 103ක් ලබාගත් වෝනර් සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ 22 වන ශතකය වාර්තා කරන ලදි. ඔහු දැවී ගියේ ජිමී ඇන්ඩරසන් එවූ පන්දුවකටයි.

නායක ස්මිත් හා ශෝන් මාශ් ද ඔවුන්ගේ ලකුණු පුවරුව තවදුරටත් සවිමත් කරනු පිණිස අර්ධ ශතක දෙකක් රැස් කරගන්නා ලදි. ඔවුන් දෙදෙනාගේම ඉනිම් 4 පහර 8කින් අලංකාරවත් විය.

අවසානයේ ඕස්ට්‍රේලියානු පළමු ඉනිම ලකුණු 327කට සීමා කිරීමට ස්ටුවර්ට් බ්‍රෝඩ් ඇතුළු එංගලන්ත පන්දු යවන්නන් සමත් විය.

තරගයේ දෙවන දිනයේ දී එංගලන්ත ආරම්භ පිතිකරුවන් යුගලය වන කුක් හා මාර්ක් ස්ටෝන්මන් පිටියට පිවිසියේ සාර්ථක ආරම්භයක් ලබා ගැනීමේ අරමුණ ඇතිව වුවත් නේතන් ලයන් එංගලන්ත ලකුණු පුවරුව ලකුණු 35ක් ලෙස දැක්වෙද්දී ස්ටෝන්මන්ව දවා ගැනීමට සමත් විය.

අනතුරුව පිටියේ එක්වූ නායක ජෝ රූට් හා කුක් ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන්ට සාර්ථකව මුහුණ දෙමින් තෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 138ක් එංගලන්ත ලකුණු පුවරුවට එක් කළේය. එහි දී 4 පහර 7ක් සමඟින් ලකුණු 61ක් ලබා සිටි රූට්ව දවා ගැනීමට පැට් කමින්ග්ස් සමත් විය.

මෙම තරගය තුළ කාගේත් කතා බහට ලක්වූ කුක් 4 පහර 27ක් සමඟින් නොදැවී ලකුණු 244*ක් ලබාගත්තේ සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ 5 වන ද්විත්ව ශතකය ලබා ගනිමිනි. එලෙස දස්කම් අතරට සපැමිණි කුක් සිය ඉනිම 4 පහර 27කින් වර්ණවත් කරගත්තේ පන්දු 409කට මුහුණ දෙමිනි.

එංගලන්තය අවසන් පෙළ පිතිකරුවෙක් වන බ්‍රෝඩ් ද 4 පහර 8ක් හා එක් 6 පහරක් සමඟ ලකුණු 56ක් ලබාගෙන සිය වගකීම ඔහුට හැකි උපරිමයෙන් ඉටු කළේය.

පන්දු ‍යැවිමේ දී වේගපන්දු යවන කමින්ග්ස් කඩුලු 4ක් දවා ගන්නා ලදි.

ලකුණු 164ක පළමු ඉනිමේ අවාසියක් සහිතව පිටියට පිවිසි සත්කාර ඕස්ට්‍රේලියාව වෙනුවෙන් වෝනර් හා ස්මිත් යන දෙදෙනා ඉවසිලිමත්ව පිතිකරණයේ නිරත වූ අතර සිව්වැනි දිනයේ සවස් භාගය වන විට මෙල්බර්න් පිටිය අවට කාලගුණික තත්ත්වය අයහපත් වී තරගයට වර්ෂාවෙන් බාධා එල්ල විය.

සහසක් අවලාද මැද…

“සියලු වැරදිවල වගකීම ඔබ ගත යුතුය”. නිකරුණේ මා මෙසේ ඔබට කිවහොත් ඔබේ ප්‍රතිචාරය මාගේ කන් පිරෙන වදනක් හෝ කන හරහා පහරක් විය හැකිය. එහෙත් ඒ කිසිවක් නොකොට අවලාද කියන්නන්ට…

තරගයේ අවසන් දිනය වූ අද දිනය තුල 4 පහර 8ක් සමඟින් ලකුණු 86ක් ලබාගත් වෝනර්  රූට්ගේ පන්දුවකට දැවී ගියේය. උස්මාන් කවාජා හා ශෝන් මාශ්  යන දෙදෙනාම පිළිවෙළින් ලකුණු 11කට හා ලකුණු 4කට දවා ගැනීමට ඇන්ඩර්සන් හා බ්‍රෝඩ් සමත් විය.

යළිත්  වර්ණවත් පිතිකරණයක නිරත වූ ස්මිත් සිය ශතකය සම්පූර්ණ කර ගත් පසුව සිය දෙවන ඉනිම අත්හිටුවීමට තීරණය කරන ලදි. අවසානයේ තරග විනිසුරුවරුන් තරගය ජය පරාජයෙන් තොරව අවසන් කිරීමට තීරණය කළේ සැලකිය යුතු පන්දුවාර ගණනක් ඉතිරිව නොතිබුණු නිසාවෙනි.

ඕස්ට්‍රේලියාව පළමු ඉනිම – 327/10 (119): ඩේවිඩ් වෝනර් 103, ස්ටීව් ස්මිත් 76, ශෝන් මාෂ් 61, ස්ටුවර්ට් බ්‍රෝඩ් 4/51.

එංගලන්තය පළමු ඉනිම – 491/10.(144.1): ඇලෙස්ටෙයාර් කුක් 244*, ජෝ රූට් 61, ස්ටුවර්ට් බ්‍රෝඩ් 56, පැට් කමින්ග්ස් 4/117.

  තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න