මහනුවර සහ ගුවන් හමුදා කණ්ඩායම් කටාර් රාජ්‍යයට!

82

2019/20 අන්තර් සමාජ රග්බි තරග වාරය ආරම්භ වීමට තව සති කිහිපයක කාලයක් තිබිය දී, පසුගිය ඩයලොග් රග්බි ලීගයේ ශූරයින් වන මහනුවර ක්‍රීඩා සමාජය සහ ක්ලිෆර්ඩ් කුසලාන පිළිමළුන් පිටුදැකීමේ ශූරතාවයේ අනුශූරයින් වූ ගුවන් හමුදා ක්‍රීඩා සමාජය කටාර් රාජ්‍යයට පිටත් වීමට තීරණය කර තිබෙනවා. ඒ දෝහා ක්‍රීඩා සමාජය සමග සුහද තරග ක්‍රීඩා කිරීම වෙනුවෙන්.

මාලවනට නව කණ්ඩායමක්!

2020 අන්තර් පාසල් රග්බි තරග වාරය වෙනුවෙන් මහනුවර ……..

මහනුවර ක්‍රීඩා සමාජය සහ ගුවන් හමුදා ක්‍රීඩා සමාජය West Asia Premiership තරගාවලියේ ජයග්‍රාහී කණ්ඩායම වන දෝහා ක්‍රීඩා සමාජයට එරෙහිව අදියර දෙකකින් යුත් තරගාවලියක් වෙනුවෙන් කටාර් රාජ්‍යයට ගමන් කරන්නේ ශ්‍රී ලංකාව සහ කටාර් රාජ්‍යය අතර තිබෙන ක්‍රීඩා මිතුදම අලුත් කරමින් එළඹෙන තරගවාරය සඳහා පූර්ව සූදානමක් ලෙසිනි.

පසුගිය තරග වාරයට පෙර මෙම සුහද තරග වෙනුවෙන් CH&FC කණ්ඩායම සහ නාවික හමුදා ක්‍රීඩා සමාජය සහභාගී වූ අතර එම තරගාවලියෙන් ඔවුන් හොඳ ආභාෂයක් ලබා ගනිමින් තරගාවලිය ඉහළ දස්කම් පාන ආකාරයක් දක්නට ලැබුණි.

ශ්‍රී ලංකාව ඔලිම්පික් බලාපොරොත්තු පොදි බඳියි

ඔලිම්පික් සඳහා වන සුදුස්සන් තේරීමේ තරග වෙනුවෙන් සහභාගි …..

ඉහත තරගාවලියේ පළමු තරග ලෙස ගුවන් හමුදා ක්‍රීඩා සමාජය දෝහා ක්‍රීඩා සමාජයට එරෙහිව ඔක්තෝබර් මස 11 වැනි දින ක්‍රීඩා කරන අතර මහනුවර සමාජය සහ දෝහා ක්‍රීඩා සමාජය අතර තරගය ඔක්තෝබර් මස 18 වැනි දින පැවැත්වීමට නියමිතයි.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<