වොලිබෝල් සැණකෙලියේ 18න් පහල ජය ජෝසප් වාස් විදුහලට

646
  • DSI Super Sports Volleyball 2016

දිවයිනේ පාසල් රැසක සහභාගීත්වයෙන් 16වැනි වරටත් පැවැත්වුනු DSI Super Sports පාසල් වොලිබෝල් ශූරතාවලියේ වයස අවුරුදු 16න් පහල සහ 18න් පහල අංශයේ බාලක සහ බාලිකා අවසන් මහා තරග ඊයේ මහරගම තරුණ සේවා සභා ගෘහස්ත ක්‍රීඩා පිටියේදි පැවැත් විනි. මෙම ශූරතාවලිය වසර දෙකක් පමණ නොපැවැත්වුනු අතර තරගය පාසල් වොලිබෝල් සංගමය සහ ශ්‍රී ලංකා වොලිබොල් සම්මේලනය මගින් පවත්වනු ලබයි. තරගාවලියේ වයස අවුරුදු 14න් පහල බාලක සහ බාලිකා අවසන් මහා තරග ජුලි මස 15වැනි සිකුරාදා පැවැත්විය.

පසුගිය ලිපි: 14න් පහල වොලිබෝල් තරු කිරුළු පලදි


16න් පහල බාලිකා අංශය

ඊයේ දිනයේ(16) උදෑසන පැවැත්වු ප්‍රථම තරගය මෙය වන අතර ගලිගමුව මධ්‍ය මහා විදුහල සහ අානමඩුව මහඋස්වැව රතනපාල මහා විද්‍යාලය යන පාසල් අවසන් මහා තරගයට තේරී පත් වී තිබිනි. එහිදි ගලිගමුව විද්‍යාලය, කුරුණෑගල ශ්‍රී නිශ්ශංක මහා විද්‍යාලය 2/0 ලෙස පරාජය කරමින් අවසන් මහා තරගයට තේරී පත්වු අතර අම්පාර උහන තිස්සපුර විද්‍යාලය 2/0 ලෙස පරාජය කරමින් රතනපාල විදුහල අවසන් මහා තරගයට සිය අසුන් වෙන් කර ගන්නා ලදි.

අාරම්භයේ සිටම උද්යෝගි තරගයක් වු මෙය ඉක්මනින් නිමා කිරීමට පාසල් දෙකෙහිම ක්‍රීඩිකාවන් හට අවශ්‍ය නොවීය. තරග වට 5ක් පුරා දිව ගිය තරගයේ ප්‍රථම වටය ජය ගැනීමට රතනපාලි විද්‍යාලය සමත් විය (28/26). දෙවන වටයේදි යම් කිසි පසුබෑමකට ඔවුන් ලක් වුවත් (19/25) තෙවැනි වටයේදි නැවතත් ජයග්‍රහණයේ උණුසුම විදීමට ඔවුන් සමත් විය (25/10). තරගයේ 4වැනි අර්ධයේදි ලෙහෙසියෙන් ප්‍රතිවාදීන් හට දිනුම නොදුන් ගලිගමුව මහා විදුහල් ක්‍රීඩිකාවන් 25 : 23 ලෙස තරගය ජය ගැනීමට සමත් විය. නමුත් පරාජය වීමට අකමැතිවු රතනපාල ක්‍රීඩිකවෝ ගලිගමුව ක්‍රීඩිකාවන් දෙවන ස්ථානයට අැද දමමින් 5වැනි වටය 15:03 ලෙසින් දැවැන්ත ජයග්‍රහණයක් හිමි කර ගැනීමට සමත් විය. තරග වට 3/2 ලෙස ජය රතනපාල මහ විදුහලට හිමිවිය.

තරගයේ තෙවැනි ස්ථනය හිමිවුයේ කුරුණෑගල නිශ්ශංක මහා විද්‍යාලයටය.

තරගාවලියේ ඡායාරූප අැල්බමය සඳහා පිවිසෙන්න


16න් පහල බාලක අංශය

දහවල් 12ට පමණ අාරම්භ වු මෙම තරගය සඳහා, සීදූව දවිසමර මහා විද්‍යාලය 3/0 ලෙස පරාජය කල මාරවිල සාන්ත සේවියර් විදුහල සහ මීගමුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය 3/0 ලෙස පරාජය කල නාත්තන්ඩිය ධම්මිස්සර මධ්‍ය මහා විදුහල යන පාසල් ද්විත්වය සහභාගි විය.

වොලිබෝල් ක්‍රීඩාවට දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් සිටින පාසල් දෙකක් වන මෙම පාසල් දෙකෙන් ප්‍රථම අර්ධයේ ජය වාර්තා කිරීමට සේවියර් විදුහල සමත් විය (25/17). එයින් මදක් තැති ගත් ස්වරූපයක් පෙන්වු ධම්මිස්සර විද්‍යාල ක්‍රීඩකයෝද ප්‍රතිවාදීන් හඹා එන බවක් දක්වමින් දෙවන වටය ජය ගනිමින් (25/21) සම තත්වයකට පත්වන ලදි. නමුත් තෙවන සහ සිවුවන වටයන් හිදි දක්ෂ ලෙසත් උපක්‍රමශීලී ලෙසත් ක්‍රීඩා කල සේවියර් විදුහල තරග වට දෙකම ජය ගැනීමට සමත් වන අතර ඒ සමඟම තරගය වට 3:1 ලෙස පෙරමුණ ගනිමින් ජය වාර්තා කිරීමට සේවියර්ස් විදුහල සමත් විය.

තරගයේ තෙවැනි ස්ථානය දිනා ගැනීමට සීදුව දවිසමර විදුහල සමත් විය.

ගියවර මෙම ශූරතාවය දිනා ගැනීමට සමත් වුයේ රුවන්වැල්ල රාජසිංහ විදුහලයි.


18න් පහල බාලිකා අංශය

DSI Super Sports තරගාවලියේ වඩාත් වැදගත් සහ උද්යෝගිමත්ම වයස් කාණ්ඩය වන්නේ වැඩිමහල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් තරග වදින තරගයි. එනම් වයස අවුරුදු 18න් පහල කාණ්ඩයයි. මන්දයත් වයසින් මුහුකුරා ගිය පරිනත කණ්ඩායම්, දක්ෂ හා තියුණු ක්‍රීඩා රටාවකින් තරගය ක්‍රීඩා කිරීම නිසාවෙනි.

කෙසේනමුත් 18න් පහල බාලිකා තරගය නම් එලෙස උද්යෝගීමත් අාකාරයෙන් ක්‍රීඩා කලාද යන්න හොඳ ගැටළුවක්. මන්දයත් අවසන් මහා තරගයට පැමිණීමේදි දස්කම් රැසක් අැති ක්‍රීඩිකාවන් හට අභියෝගයක් වෙමින් සිය අසුන වෙන් කරගැනීමට සිදුවීම අපහසු කාර්ය්‍යක් නිසා වෙනි. ඒ අාකාරයට අැහැලියගොඩ ධර්මපාල මහා විද්‍යාලය 2/0 ලෙස පරාජය කල කෑගල්ල ගලිගමුව මධ්‍ය මහා විද්‍යාලයත්, හුංගම විජයබා ජාතික පාසල 2/1 ලෙස පරාජය කල නාත්තන්ඩිය ධම්මිස්සර මධ්‍ය මහා විද්‍යාලයත් අවසන් මහා තරගයට සිය අසුන් වෙන් කරගෙන තිබිනි.

තරගය අාරම්භයේ පටන්ම ඉතාමත් නොසැලකිලි සහ අවසන් මහා තරගයක් යන හැඟීමක් නොමැති අාකාරයෙන් ක්‍රීඩා කල ධම්මිස්සර ක්‍රීඩිකාවන් ප්‍රථම වටයේදි ලකුණු 7ක්, දෙවන වටයේදි ලකුණු 13 ක් සහ තෙවැනි වටයේදි ලකුණු 17ක් ලබා ගැනීමට සමත් විය. අැතැම් විට, වොලිබෝල් ක්‍රීඩාවට දක්ෂ පාසලක් වු ධම්මිස්සර ක්‍රීඩිකාවන් තරගයේ අාරම්භක වටයම 07/25 ක් ලෙස පරාජය වීම දැඩි ලෙස මානසික කම්පනයක් අැති කිරීමට සමත් වන්නට අැත. කෙසේ නමුත්  ඔවුන්ට තරගාවලියේ දෙවැනි ස්ථානය හිමි වෙමින් තරග නිමාවුයේ 3/0 ලෙස ගලිගමුව මධ්‍ය මහා විද්‍යාලය දිනුම ලබා ගැනීමත් සමඟිනි.

18න් පහල ඉසව්වේ තෙවැනි ස්ථානය හිමි කර ගැනීමට හුංගම විජයබා ජාතික පාසල සමත් විය.

තවත් වොලිබෝල් පුවත් සිංහලෙන්ම කියවන්න – පිවිසෙන්න


18න් පහල බාලක

ඉතාම උණුසුම් වුත්, ක්‍රීඩාශීලී බවින්  අනූන වූත් වොලිබෝල් තරගයට උදාහරණයක් දෙන්නට කීවහොත් මතක් වන තරගයක් ලෙස මෙය නම් කල හැකිය. ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩාව වු අත්පන්දු ක්‍රීඩාවට ඉතා දක්ෂ වු පාසල් දෙකක් වන නාත්තන්ඩිය ධම්මිස්සර මධ්‍ය මහා විද්‍යාලය සහ වෙන්නප්පුව ජෝසප් වාස් විදුහල අවසන් මහා තරගයට සුදුසුකම් ලබා තිබිනි.

එහිදි සීදුව දවිසමර මධ්‍ය මහා විද්‍යාලය 3/0 ලෙස පරාජය කිරීමට ධම්මිස්සර විද්‍යාලය සමත් වු අතර රුවන්වැල්ල රාජසිංහ විදුහල 3/1 ලෙස පරාජය කිරීමට සාන්ත ජෝසප් වාස් විදුහල සමත් විය. ඒ අාකාරයෙන් ඔවුන් අවසන් මහා තරගය සඳහා අසුන් වෙන් කර ගන්නා ලදි.

තරගය සවස් කාලයේදි පැවති අතර කණ්ඩායම් දෙකෙහිම ක්‍රීඩකයින් හට නිවෙස් බලා යෑමට කිසිදු හදිසියක් නොවීය. තරගය වට 5ක් පුරාවට අැදි යන ලදි.

තරගය අාරම්භ කිරීමට විනිසුරුවරුන් නලා නාද කල අතර ධම්මිස්සර විද්‍යාලය විසින් පන්දුව සාර්ථක ලෙස පිරිනැමීමට සමත් වු අතර තත්පර කිහිපයක් යෑමට මත්තෙන් ප්‍රථම වටයේ ප්‍රථම ගෝලයද වාර්තා කිරීමට ඔවුන් සමත් විය. නමුත් තරගය දක්ෂ ලෙස ක්‍රීඩා කල ජෝසප් වාස් විදුහල ප්‍රථමයෙන්ම ලකුණු 25 රැස් කිරීමට සමත් විය (20/25).

ඉන්පසුව තරගයේ දෙවන වටය අාරම්භ වු අතර එහිදි වඩාත් ජව සම්පන්නව ක්‍රීඩා කල ධම්මිස්සර විද්‍යාලය විසින් දෙවන අර්ධයේ ජය ලබා ගැනීමට සමත් විය. ඉන් අනතුරුව තරගයේ තෙවැනි වටය 19/25 ලෙස ජයග්‍රහණය කිරීමට ජෝසප් වාස් විදුහල සමත් විය. තරගයේ සිවුවැනි වටයේදි නැවතත් ජොසප් වාස් විදුහල අභිබවා යෑමට ධම්මිස්සර විද්‍යාල සමත් විය. තරගයේ 5වැනි වටය ලකුණු 15කට සීමා වන අතර එහිදි ඉතාමත් දක්ෂ ලෙස ක්‍රීඩා කල ජොසප් වාස් විදුහල 06/15 ලෙස 5වැනි වටය ජයග්‍රහණය කරන ලදි.

තරගයේදි සාන්ත ජෝසප් වාස් විද්‍යාලය අපරික්ෂාකාරි වේගවත් පිරිනැමීම් (service)  සහ සැර Dash පහර නිසාවෙන් ප්‍රතිවාදින් ලකුණු වලින් පෝෂණය නොකෙරුවානම් තරගය වට 5ක් දක්වා අැදි නොයනු අැත. නමුත් සමස්තයක් ලෙස කණ්ඩායම් දෙකම සිය උපරිමය කණ්ඩායම වෙනුවෙන් ලබා දීමට උත්සුක විය. ඒ අනුව වට 3:2 ලෙස ජයග්‍රහණය වෙන්නප්පුව ශාන්ත ජෝසප් විදුහලට හිමිවිය.

මෙම ඉසව්වේ තෙවැනි ස්ථානයට හිමිකම් කීමට සමත් වුයේ රුවන්වැල්ල රාජසිංහ විද්‍යාලයයි.

විශේෂයට අැති කරුණක් වන්නේ ගියවර තෙවැනි ස්ථානය දිනාගත් කණ්ඩායම මෙවර ප්‍රථම ස්ථානය ලබා ගැනීමයි.

ඉන් අනතුරුව දක්ෂකම් දැක්වු ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට සම්මාන සහ සහතික පත්‍ර ප්‍රදානය කිරීම සිදුවිනි.

තරගාවලියේ ඡායාරූප අැල්බමය සඳහා පිවිසෙන්න

16න් පහල බාලිකා –

  • ප්‍රථම ස්ථානය – අානමඩුව මහඋස්වැව රතනපාල මහා විද්‍යාලය
  • දෙවැනි ස්ථානය – ගලිගමුව මධ්‍ය මහා විදුහල
  • තෙවන ස්ථානය – කුරුණෑගල නිශ්ශංක මහා විද්‍යාලය
  • දක්ෂතම ක්‍රීඩිකාව – ප්‍රීතිකා ප්‍රමෝදිනි (මහඋස්වැව රතනපාල මහා විද්‍යාලය)
  • දක්ෂතම පන්දු ඔසවන්නිය – සිදීපා නිල්මිණි (මහඋස්වැව රතනපාල මහා විද්‍යාලය)
  • දක්ෂතම ප්‍රහාරක ක්‍රීඩිකාව – එස්. ජි. දිලුක්ෂි (ගලිගමුව මධ්‍ය මහා විදුහල)

16න් පහල බාලක –

  • ප්‍රථම ස්ථානය – සාන්ත සේවියර් විදුහල
  • දෙවැනි ස්ථානය – ධම්මිස්සර මධ්‍ය මහා විදුහල
  • තෙවන ස්ථානය – සීදුව දවිසමර විදුහල
  • දක්ෂතම ක්‍රීඩකයා – මිලින්ද නිර්මාල් (සාන්ත සේවියර් විදුහල)
  • දක්ෂතම පන්දු ඔසවන්නා – ජි. නවෝද් කෞෂල්‍ය (සාන්ත සේවියර් විදුහල)
  • දක්ෂතම ප්‍රහාරක ක්‍රීඩකයා – සොහාන් අභිමන්ස (ධම්මිස්සර මධ්‍ය මහා විදුහල)

18න් පහල බාලිකා –

  • ප්‍රථම ස්ථානය – ගලිගමුව මධ්‍ය මහා විද්‍යාලය
  • දෙවැනි ස්ථානය – නාත්තන්ඩිය ධම්මිස්සර මධ්‍ය මහා විද්‍යාලය
  • තෙවන ස්ථානය – හුංගම විජයබා ජාතික පාසල
  • දක්ෂතම ක්‍රීඩිකාව – එම්. පී. එන්. එස්. ගුණවර්ධන (ගලිගමුව මධ්‍ය මහා විද්‍යාලය)
  • දක්ෂතම පන්දු ඔසවන්නිය – ප්‍රියදර්ශණි විජේසිංහ (ගලිගමුව මධ්‍ය මහා විද්‍යාලය)
  • දක්ෂතම ප්‍රහාරක ක්‍රීඩිකාව – එච්. එම්.සි. පී. කාරියවසම් (ගලිගමුව මධ්‍ය මහා විද්‍යාලය)

18න් පහල බාලක –

  • ප්‍රථම ස්ථානය – වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විදුහල
  • දෙවැනි ස්ථානය – නාත්තන්ඩිය ධම්මිස්සර මධ්‍ය මහා විද්‍යාලය
  • තෙවන ස්ථානය – රුවන්වැල්ල රාජසිංහ විද්‍යාලය
  • දක්ෂතම ක්‍රීඩකයා – එච්. එම්. දමින්දු රසාංජන (සාන්ත ජෝසප් වාස් විදුහල)
  • දක්ෂතම පන්දු ඔසවන්නා – ශෙහාන් මධුශංක (සාන්ත ජෝසප් වාස් විදුහල)
  • දක්ෂතම ප්‍රහාරක ක්‍රීඩකයා – ශෙහාන් දනංජය (ධම්මිස්සර මධ්‍ය මහා විද්‍යාලය)

තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව –  එම්. පී. එන්. එස්. ගුණවර්ධන (ගලිගමුව මධ්‍ය මහා විද්‍යාලය)

රගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා – නිමේෂ් ප්‍රියමන්ත (සාන්ත ජෝසප් වාස් විදුහල)

 තවත් පුවත් සිංහලෙන්ම කියවන්න – පිවිසෙන්න මුල්පිටුවට