පාසල් සත් සාමාජික රග්බි කිරුළ සාන්ත පීතර විද්‍යාලයට

U19 Elite Schools Rugby 7s Tournament 2024

57
U19 Elite Schools Rugby 7s Tournament 2024

ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සම්මේලනය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ Elite Rugby 7s තරගාවලිය ඊයේ (21) දිනයේ සාර්ථකව අවසන් වුනා.

Dialog Axiata අනුග්‍රහයෙන් පැවැත්වුණු මෙම තරගාවලිය පසුගිය සෙනසුරාද (20) දිනයේ දී ආරම්භ වූ අතර, එහි පළමු දිනය තුළ මූලික වටයේ තරග සහ බඳුන ශූරතාව සඳහා අර්ධ අවසන් පූර්ව තරග පැවැත්වුණා.

මෙවර තරගාවලිය සඳහා විද්‍යාලය 19කින් කණ්ඩායම් ඉදිරිපත් කර තිබූ අතර, එහි දී කාණ්ඩ 8ක් යටතේ මූලික වටයේ තරග පැවැත්වුණා.

මූලික වටයේ තරග

Team Score Team
විද්‍යා විද්‍යාලය 44 00 රිච්මන්ඩ්
පිළියන්දල මධ්‍ය විද්‍යාලය 36 00 සිරි පියරතන
ඉසිපතන 26 05 සාන්ත බෙනඩික්ට්
 වේලස් කුමර විද්‍යාලය 24 10 ශ්‍රී සුමංගල
ධර්මරාජ 10 07 ආනන්ද
ලුම්බිණි 38 00 රිච්මන්ඩ්
ඇලෝශියස් 33 05 සිරි පියරතන
රාජකීය 66 00 නාලන්දා
විද්‍යාර්ථ W/O   රාහුල
සාන්ත පීතර 31 00 මලියදේව
විද්‍යා 29 07 ලුම්බිණි
පිළියන්දල මධ්‍ය විද්‍යාලය 29 21 ඇලෝශියස්

බඳුන ශූරතාව

Team Score Team
සාන්ත බෙනඩික්ට් 38 00 ශ්‍රී සුමංගල
ආනන්ද 44 00 නාලන්දා
මලියදේව W/O    
ලුම්බිණි 33 10 ඇලෝශියස්

ශූරතා සටන

Team Score Team
වේලස් කුමර 00 43 ඉසිපතන
රාජකීය 33 00 ධර්මරාජ
 පිළියන්දල මධ්‍ය විද්‍යාලය 05 17 විද්‍යා විද්‍යාලය
සාන්ත පීතර 29 00 විද්‍යාර්ථ

තරගාවලියේ මෙම තරග අවසන් වීමෙන් අනතුරුව පලිහ, බඳුන සහ පලඟ ශූරතා සඳහා අවසන් පූර්ව සටන් ආරම්භ වුනා.

පලිහ ශූරතාව

  • සාන්ත ඇලෝශියස් 10 – 17 සිරි පියරතන
  • ශ්‍රී සුමංගල 39 – රිච්මන්ඩ් 10

පලිහ අවසන් මහා තරගය

  • ශ්‍රී සුමංගල 7 – සිරි පියරතන 12

පලිහ ශූරතාව සිරි පියරතන විද්‍යාලය

පලඟ ශූරතාව

  • ධර්මරාජ 22 – 07 වේල්ස් කුමර විද්‍යාලය
  • විද්‍යාර්ථ විද්‍යාලය 38 – 0 පිළියන්දල මධ්‍ය විද්‍යාලය

අවසන් මහා තරගය

  • විද්‍යාර්ථ විද්‍යාලය 24 – 12 ධර්මරාජ විද්‍යාලය

පලඟ ශූරතාව විද්‍යාර්ථ විද්‍යාලය

බඳුන ශූරතාව

  • ආනන්ද විද්‍යාලය 10 – 05 සාන්ත බෙනඩික්ට් විද්‍යාලය
  • මලියදේව විද්‍යාලය 05 – 19 ලුම්බිණි විද්‍යාලය

අවසන් මහා තරගය

  • ආනන්ද විද්‍යාලය 24 – ලුම්බිණි විද්‍යාලය 0

බඳුන ශූරතාව ආනන්ද විද්‍යාලය

ශූරතා සටන

අවසන් පූර්ව වටය

  • ඉසිපතන විද්‍යාලය 07 – රාජකීය විද්‍යාලය 15
  • විද්‍යා විද්‍යාලය 07 – 21 සාන්ත පීතර විද්‍යාලය

මේ අයුරින් තරගාවලියේ අවසන් මහා තරගය තෙක් තරගාවලිය ඇදී ආ අතර, ශූරතාව සඳහා සටන වෙනුවෙන් සත්කාරක රාජකීය විද්‍යාලය සහ සාන්ත පීතර විද්‍යාලය හමු වීමට නියම වුනා.

අවසන් මහා තරගය

  • රාජකීය විද්‍යාලය 05 – 10 සාන්ත පීතර විද්‍යාලය

ශූරතාව බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය

ඒ අනුව පාසල් සත් සාමාජික රග්බි ශූරතාව මෙසේ අවසන් වූ අතර, මේත් සමඟින් උදා වන රග්බි වසන්තය නිසා ඉදිරියේ දී දේශීය පාසල් රග්බි පිටියේ උණුසුම තවත් ඉහළ යනු ඇතැයි ද අනුමාන කළ හැකි.

එම තොරතුරු ද නිරන්තරයෙන් ම ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න <<