දේවන්ස් ප්‍රිමියර් ලීගයට දින තීන්දුයි

දේවන්ස් ප්‍රිමියර් ලීගය 2021

140

රත්ගම දේවපතිරාජ විද්‍යාලයේ ආදී ක්‍රිකට් ක්‍රීඩකයින් සහ වර්තමාන ක්‍රිකට් ක්‍රීඩකයින් අතර පැවැත්වෙන 2021 Devans Premier League T10 ක්‍රිකට් තරගාවලිය මේ මස 27 සහ 28 දෙදින පුරාවට රත්ගම මහජන ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනවා. මේ තරගාවලිය පැවැත්වෙන්නේ T.A.C.N. ගුණසේකර අනුස්මරණ අභියෝගතා කුසලානය සඳහායි.

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජන කළ තරිඳු කෞෂාල්, තික්ෂිල ද සිල්වා සහ ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම නියෝජනය කළ ඩිල්ශාන් කාංචන, ශ්‍රී ලංකා පළමු පෙළ ක්‍රිකට් තරග බිමේ සිටින චලන ද සිල්වා, රවීන් යසස්, රොෂාන් ලක්මාල්, පැතුම් මධුසංක, තරිඳු නුවන්, චතුර ලක්ෂාන්, තිසර ඩිල්ශාන්, කල්ප චේතිය, සුධීර වීරරත්න, පවන් සංදේශ් සහ ජීවක ශෂීන් යන ක්‍රීඩකයින් මේ තරගාවලිය සඳහා සහභාගී වනවා.

තවත් ක්‍රිකට් පුවත්: 

1997 වසරේ දී රත්ගම දේවපතිරාජ විද්‍යාලය සඳහා ක්‍රිකට් ක්‍රීඩාව හඳුන්වා දුන් රත්ගම දේවපතිරාජ විද්‍යාලයේ හිටපු විදුහල්පතිවරයෙක් වන T.A.C.N. ගුණසේකර මහතා සිහිවීම වෙනුවෙන් පවත්වන මේ තරගාවලිය අවසානයේ දී ශූරතාවය දිනා ගන්නා කණ්ඩායමට T.A.C.N. ගුණසේකර අනුස්මරණ අභියෝගතා කුසලානය ලැබෙනවා.

දේවපතිරාජ විද්‍යාල ක්‍රිකට් කණ්ඩායම් ඉතිහාසය තුල දක්වා තිබෙන ප්‍රධාන දස්කම්,

  • 2004 වසරේ දී දර්ශන සිරිමල් හේවාවසම්ගේ නායකත්වය යටතේ Astra කුසලාන වයස අවුරුදු 16න් පහළ තෙවැනි කොටසේ අනුශුරතාවය
  • 2011 වසරේ දී නිලංක රුක්ෂිතගේ නායකත්වය යටතේ වයස අවුරුදු 13න් පහළ දෙවැනි කොටසේ ශූරතාවය
  • 2013/14 වසරේ දී ලහිරු මදුසංකගේ නායකත්වය යටතේ වයස අවුරුදු 19න් පහළ තෙවැනි පෙළ ක්‍රිකට් තරගාවලියේ අනුශූරතාවය
  • 2017/18 වසරේ දී පැතුම් මෙන්ඩිස්ගේ නායකත්වය යටතේ වයස අවුරුදු 19න් පහළ දෙවැනි පෙළ ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය
  • රංජන් ලසන්ත ද සිල්වා මහතාගේ පුහුණුකාරීත්වය යටතේ සහ ක්‍රිකට් භාර ආචාර්ය Y. නිශාන්ත කුමාර මහතාගේ අධීක්ෂණය යටතේ තරග වදිනු ලබන දේවපතිරාජ විද්‍යාලයේ වයස අවුරුදු 13න් පහළ, 15න් පහළ, 17න් පහළ සහ 19න් පහළ යන කණ්ඩායම් සියල්ලම පළමු පෙළ කාණ්ඩයේ තරග වැදීම සුවිශේෂී වෙනවා.

කණ්ඩායම් 4ක් එක්වන තරගාවලියේ මූලික වටය අවසානයේ ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියෙන්ම සිටින කණ්ඩායම් දෙක අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබාගන්නා අතර අනෙක් කණ්ඩායම් දෙක සඳහා තුන්වැනි ස්ථානය තෝරාගැනීම වෙනුවෙන් පැවැත්වෙන තරගය සඳහා සහභාගී වීමට අවස්ථාව ලැබෙනවා.

දකුණතින් පිට දඟපන්දු යවන තරිඳු කෞෂාල් Devan Soldier කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරන අතර, Devan Gladiators සහ Devan Fighters යන කණ්ඩායම් දෙක දර්ශන සිරිමල් සහ තරිඳු නුවන්ගේ නායකත්වය යටතේ ක්‍රීඩා කරනු ඇත. එසේම 2020/21 පාසල් තරග වාරය සඳහා ක්‍රීඩා කරනු ලබන Devan Juniors කණ්ඩායම සඳහා නායකත්වය ලබා දෙන්නේ සුධීර වීරරත්නයි.

තරග සඳහා සහභාගී වන කණ්ඩායම් 4 සහ ඔවුන්ගේ සංචිතයන්,

Devan Soldiers: Tharindu Kaushal (Captain), Madhuranga Piyumal, Chamara Kelum, Udesh Madhusanka, Lahiru Madhuwantha, Thilina Samith, Harsha Sandaruwan, Pasindu Madhuranga, Sammu Eranda, Upul Kumara, Nilanga Neranjana, Nuwan Sandaruwan, Kasun Lahiru, Madhusha Rasanga, Nayana Sanjeewa

Devan Gladiators: Darshana Srimal (Captain), Mahesh Sandaruwan, Tharindu Priyankara, Umesh Kasun, Raveen Yasas, Roshan Lakmal, Indunil Kumara, Pradeep Nishantha, Pethum Madhusanka, Nimesh Chathuranga, Gihan Indrajith, Lahiru Lakmal, Lahiru Anuradha, Chamika Sandaruwan, Prasanna Karunawansha

Devan Fighters:Tharindu Nuwan, Thikshila De Silva, Rajitha Priyan, Chalana De Silva, Gayan Abesekara, Sadik Kumara, Dilshan Kanchana, Chathura Lakshan, Thisara Dilshan, Kalpa Chethiya, Ruwan Sameera, Sandun De Silva, Avishka Gimhana, Ashen Kanchaka, Nuran Dhanitha, Hasitha Sandaruwan

Devans Juniors: Sudeera Weerarathne (Captain), Pawan Sandesh, Jeewaka Shasheen, Sasanka Nirmal, Tharindu Rukshan, Isrushka Thimira, Sandaru Theekshana, Dinitha Prabhanka, Matheesha Saranga, Chaminda Sandaruwan, Pethum Shaminda, Darshaka Sandeep, Saddesh Nethsara, Hiran Chamikara, Thanush Viduranga

තරග කාලසටහන

පෙබරවාරි 27

  • Match No 1- Devan Fighters vs Devan Juniors
  • Match No 2 – Devan Soldiers vs Devan Gladiators
  • Match No 3 – Devan Juniors vs Devan Soldiers
  • Match No 4 – Devan Gladiators vs Devan Fighters

පෙබරවාරි 28

  • Match No 5 – Devan Juniors vs Devan Gladiators
  • Match No 6 – Devan Soldiers  vs Devan Fighters
  • Match No 7- 3rd place match (No 3 vs No 4)
  • Match No 8 – Final (No 1 vs No 2)

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<