බලාපොරොත්තු කඩවූ Pant මාධ්‍යට කතා කරයි

2979
(ZEE NEWS)

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් මහා තරගයට පිවිසෙන්නට Delhi Capitals පරාජය කළ Kolkata Knight Riders ඊයේ (13) සමත් වුනා. ඒ දිල්ලි කණ්ඩායම රැස් කළ ලකුණු 135 සාර්ථකව හඹා යමිනුයි.

Knight Riders ආරම්භක පිතිකරුවන් වන Shubman Gill හා Venkatesh Iyer ලකුණු 96ක දැවැන්ත ආරම්භක පිතිකරු සබඳතාවයක් ගොඩ නැගුවත් KKR පසුපෙළ එකා පසුපස එකා ක්‍රීඩාගාරයට හරවා යවන්නට දිල්ලි පන්දු යවන්නන් සමත් වුනා.

තරගයේ අවසන් පන්දුවාරයේ අවසන් පන්දු දෙකේ දී KKR කණ්ඩායමට ලකුණු 6ක් අවශ්‍යව තිබුණු අතර Rahul Tripathi හයේ පහරක් එල්ල කරමින් තරගයේ ජය සිය කණ්ඩායමට ගෙන ආවා.

තරගයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් ප්‍රකාශ කරමින් දිල්ලි කණ්ඩායමේ නායක Rishabh Pant පවසා සිටියේ මේ පරාජය තමාට හා සිය කණ්ඩායමට දරාගැනීමට ඉතා අපහසු පරාජයක් බවයි.

මට දැනෙන දේ කියන්න මේ වෙලාවේ වචන නැහැ. නමුත් තරගයට පසු අපිට කිසිම දෙයක් වෙනස් කරන්න බැහැ”, Pant  පවසා සිටියා.

දිල්ලි කණ්ඩායමේ නායකයා විදියට මම මගේ කණ්ඩායම් හැම වෙලාවේම විශ්වාස කරනවා. පන්දු යවන්නන් හොඳින් තරග ආපසු හරවන්නට උත්සහ කළා. නමුත් අවාසනාවට ඔවුන් දිනුම් රේඛාව පසු කළා.”

මේ  අතර චෙන්නායි කණ්ඩායමට එරෙහි පැවති අවසාන පූර්ව තරගයෙන් පසුව Ricky Ponting මෙසේ අදහස් දක්වා තිබුණා. එම තරගය ජය ගත්තේ නම් දිල්ලි කණ්ඩායමට කෙළින්ම අවසන් මහා තරගයට පිවිසෙන්නට ඉඩකඩක් තිබුණු නමුත් CSK නායක MS Dhoni එම බලාපොරොත්තු සුන් කර දැමුවා. අවසන් පන්දුවාරයේ දී CSK කණ්ඩායමට ලකුණු 13ක් අවශ්‍යව තිබුණු අතර Dhoni හතරේ පහර තුනක් එල්ල කර දමමින් තරගය අවසන් කළා.

මට ඒ තරගයේ දී ටිකක් තරහ ගියා. මම කණ්ඩායමටත් ඒක කිව්වා. මම ටිකක් හැගීම්බර කෙනෙක්. ක්‍රීඩකයෙක් ලෙස ඔබට හැම තිස්සෙම හිතෙනවා තරගයේ ප්‍රතිඵලය වෙනස් කළ හැකියි කියලා. නමුත් පුහුණුකරුවෙක් වුනාම ක්‍රීඩකයෙක්ට වඩා බලාපොරොත්තු කඩවීම් වැඩියි”, Ponting පවසා තිබුණා.

Hindustan Times ඇසුරින්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<