ඉසිපතනය විසින් විද්‍යාර්ථයින්ගේ ජයග්‍රාහී ගමන නිමා කරයි

Dialog අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලිය 2022

5301

Dialog පාසල් රග්බි ලීග් වාරය නිමා කිරීම සඳහා අද (29) ඉසිපතන විද්‍යාලය සහ මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය නිත්තවෙල දී තරග වැදුණා. එම තරගයේ දී ලකුණු 25-23ක් ලෙස මහනුවර විද්‍යාර්ථ කණ්ඩායම පරාජය කිරීමට ඉසිපතන විද්‍යාලය සමත් වුනා.

ඒ අනුව මෙවර Dialog රග්බි ලීග් තරගාවලියේ අඛණ්ඩව ජයග්‍රහණ 5ක් ඉසිපතන විද්‍යාලය විසින් සටහන් කර තිබුණා.

විද්‍යාර්ථය මෙවර තරගාවලියේ පෙරළිකාර කණ්ඩායම බවට පත්වුනා. කෙසේ වෙතත් ඉසිපතන විද්‍යාලය ඔවුන්ගේ ප්‍රතිවාදීන් හොඳින් අධ්‍යනය කර තිබූ අතර තරගයේ ලකුණු පුවරුව ක්‍රියාත්මක කිරීම ද ඔවුන් විසින් සිදු කරනු ලැබුවා.

විද්‍යාර්ථ සීමා ඉර ආසන්නයේ දී ම දඬුවම් පහරක් වාර්තා කළ ඉසිපතන ක්‍රීඩක එම්. බොතේජු ඉසිපතන ලකුණු පුවරුව ලකුණු 03ක් බවට පත්කරනු ලැබුවා. (ඉසිපතන 3-0 විද්‍යාර්ථ)

කෙසේ වෙතත් විද්‍යාර්ථ කණ්ඩායම ඉසිපතන අභියෝගයට ප්‍රතිඅභියෝගයක් එල්ල කරමින් උත්සාහක දිනුමක් වාර්තා කිරීමට සමත් වුනා. විද්‍යාර්ථ ක්‍රීඩක එස්. ප්‍රේමරත්න විසින් එම උත්සාහක දිනුම වාර්තා කළා. මනුක තිලකරත්න විද්‍යාර්ථය වෙනුවෙන් ප්‍රවර්තනය සාර්ථක කළා. (ඉසිපතන 3-7 විද්‍යාර්ථ)

ඉසිපතන කණ්ඩායම පසුබැසීමකට ලක්කරමින් විද්‍යාර්ථ කණ්ඩායම පිට පිට දඬුවම් පහර දෙකක් සාර්ථක කර ගනිමින් සිය ආධිපත්‍ය තහවුරු කිරීමට සමත් වුනා. එම දඬුවම් පහර මනුක තිලකරත්නගේ පාදයෙන් වාර්තා වුනා. (ඉසිපතන 03-13 විද්‍යාර්ථ)

ඉන් අනතුරුව ඉසිපතන කණ්ඩායමට ලකුණු ලබා ගැනීමට අවස්ථාවක් හිමි වූ අතර වම් කෙළවරේ සිට එල්ල කළ දඬුවම් පහරක් සාර්ථක කර ගැනීමට එම්. බොතේජු සමත් වුනා. (ඉසිපතන 06-13 විද්‍යාර්ථ)

තරගයට අවතීර්ණ වීම ආරම්භ කරමින් ඉසිපතන කණ්ඩායමේ එස්. වෑවලගේ ප්‍රබල දිවයාමක් සමඟින් දහාන් වික්‍රමආරච්චි හට පන්දුව යොමු කළ අතර ඔහු එය සාර්ථකව උත්සාහක දිනුමක් බවට පත්කිරීමට සමත් වුනා. එහි ප්‍රවර්ථනය ද සාර්ථක කර ගත් ඉසිපතන ක්‍රීඩකයන් ලකුණු පුවරුව සමකිරීමට සමත් වුනා. (ඉසිපතන 13-13 විද්‍යාර්ථ)

පළමු අර්ධය නිමා කිරීමට පෙර විද්‍යාර්ථ කණ්ඩායමට තවත් දඬුවම් පහරක් ලැබුණු අතර ඔවුන් අර්ධ කාලය තුළ පෙරමුණ ගත් විට ඉහළ පහරක් එල්ල කිරීම වරදක් වුනා. (ඉසිපතන 13-16 විද්‍යාර්ථ)

පළමු අර්ධය – ඉසිපතන 13 (1T 1C 2P) – 16 (1T 1C 3P) විද්‍යාර්ථ

දෙවැනි අර්ධයේ පළමු උත්සාහක දිනුම වාර්තා කිරීමට විද්‍යාර්ථ කණ්ඩායමේ ආදේශක ක්‍රීඩක බී. ධර්මසිරි සමත් වූ අතර ඔහු අදියර 7කට පමණ පසු සීමා ඉර පසුකර යාමට සමත් වුනා. මනුක තිලකරත්න ප්‍රවර්තනය ද සාර්ථක කරගනිමින් සිය ලකුණු පුවරුව ලකුණු 23ක් බවට පත්කිරීමට සමත් වුනා. (ඉසිපතන 13-23 විද්‍යාර්ථ)

එතැන් සිට තරගයේ ආධිපත්‍ය තමන් සතුකර ගැනීමට ඉසිපතන කණ්ඩායම සමත් වුනා. එහි දී විද්‍යාර්ථ කණ්ඩායමට රතු කාඩ්පතක් සහ කහ කාඩ්පතක් නිකුත් කළ අතර ඔවුන්ට එක් අවස්ථාවක දී ක්‍රීඩකයන් 13 දෙනෙකුගෙන් ක්‍රීඩා කිරීමට සිදු වුනා.

ඉසිපතන ෆ්ලයි-හාෆ් ලෙස ක්‍රීඩා කළ එන්. කවිෂ්ක විද්‍යාර්ථ සීමා රේඛාව පසුකරමින් උත්සාහක දිනුමක් වාර්තා කළ අතර ඔහුම එහි ප්‍රවර්තනය ද සාර්ථක කරගැනීමට සමත් වුනා. (ඉසිපතන 20-23 විද්‍යාර්ථ)

අනතුරුව ක්‍රියාත්මක වූ එස්. වෑවලපන්ඩිත් තවත් උත්සාහ දිනුමක් ඉසිපතන ලකුණු පුවරුවට එක්කිරීමට සමත් වුනා. එහි ප්‍රවර්තනය සාර්ථක නොවූවද ලකුණු දෙකක වාසියක් ලබා ගැනීමට ඉසිපතන ක්‍රීඩකයන් සමත් වුනා. (ඉසිපතන 25-23 විද්‍යාර්ථ)

තරගයේ අවසන් මිනිත්තු කිහිපය තුළ කණ්ඩායම් දෙකම ලකුණු ලබා ගැනීමට උත්සාහ කළ නමුත්, පන්දු හැසිරවීම සහ දුර්වල ක්‍රීඩා රටාව විද්‍යාර්ථ කණ්ඩායමේ ජයග්‍රහණය පිළිබඳ බලාපොරොත්තු සුන් කළා. ඒ අනුව තරගය නිමා වුනේ ලකුණු 25-23ක් ලෙස ඉසිපතන කණ්ඩායමට ජයග්‍රහණය හිමිකර දෙමින්.

අවසන් ලකුණු තත්වය – ඉසිපතන කණ්ඩායම 25 (3T 2C 2P) – 23 (2T 2C 3P) විද්‍යාර්ථ කණ්ඩායම

ලකුණු වාර්තා කළ ක්‍රීඩකයින්:

  • ඉසිපතනය – එම්. බොතේජු (2P, 1C), එස්. වෑවලපන්ඩිත් (1T), දාහන් වික්‍රමආරච්චි (1T), එන්. කවිෂ්ක (1T, 1C)
  • විද්‍යාර්ථය – එස්.ප්‍රේමරත්න (1T), බී. ධර්මසිරි (1T), මනුක තිලකරත්න (2C, 3P)

තරගාවලියේ 6 වැනි සතියේ තවත් තරග කිහිපයක් සති අන්තයේ දී පැවැත්වීමට නියමිතයි. තරගාවලියේ උණුසුම සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟින්ම.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න <<