බ්ලූස්ටාර් – නාවික හමුදා තරඟය ජය පරාජයෙන් තොරයි

681
Dialog champions League 2016/17 Super 8 week 3

ඩයලොග් ශූරයින්ගේ පාපන්දු කුසලාන තරඟාවලියේ තෙවැනි සතියේ පැවති පළමු තරඟය ජය පරාජයෙන් තොරව නිමාව දුටුවේ ගෝල 02-02ක් ලෙස සම ලකුණු මට්ටමකිනි.

තරඟයේ ආරම්භයේ සිටම ගෝලයක් වාර්තා කරන්නට කණ්ඩායම් දෙකම තියුණු සටනක නිරත වුවත්, ප්‍රථමයෙන්ම ගෝලයක් වාර්තා කරන්නේ නාවික හමුදා කණ්ඩායම විසිනි. ඒ 27 වැනි මිනිත්තුවේදී සුභාෂ් මදුශාන් වාර්තා කල ගෝලයත් සමඟිනි. මීට පෙර අවස්ථා කිහිපයකදීම කණ්ඩායම් දෙකටම ගෝල රැස් කරගැනීමට තිබුනු අගනා අවස්ථා කිහිපයක් ගිලිහී යන ලදි.

මැසිනෝඩ්, හමීඩියා, සහිරා සහ මාරිස්ටෙලා අවසන් පූර්ව වටයට

හමීඩ් අල් හුසේයිනි විද්‍යාලයේ 80 වැනි කණ්ඩායම විසින් සංවිධානය කරන ජනාධිපති කුසලාන පාපන්දු තරඟාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ…

තරඟයේ ප්‍රථම අර්ධය නිමාවීමට මත්තෙන් තවත් ගෝලයක් වාර්තා කරන්නට බ්ලූස්ටාර් ක්‍රීඩකයින් උත්සාහ දැරූවද, ඔවුන්ට සාර්ථක වන්නට නොහැකි විය.

ප්‍රථම අර්ධය: බ්ලූස්ටාර් ක්‍රීඩා සමාජය 00 – 01 නාවික හමුදා ක්‍රීඩා සමාජය

වඩාත් උද්වේගකරවූ අර්ධය වූයේ දෙවැනි වටයයි. නාවික හමුදා ක්‍රීඩකයෝ සිය දෙවැනි උත්සාහක දිනුමත් වාර්තා කරගනිමින් ලකුණු තත්වය දෙගුණ කරගන්නා ලදි. 50 වැනි මිනිත්තුවේදී ලබා ගත් එම ගෝලයට හිමිකම් කියුවේ ක්‍රිශාන්ත පෙරේරා විසිනුයි.

ඉන් මිනිත්තු 15ක් ගතවීමට මත්තෙන් බ්ලූස්ටාර් කණ්ඩායමද ලකුණු පුවරුව ක්‍රියාත්මක කරමින් ගෝලයක් වාර්තා කරන ලදි. එම ගෝලයට හිමිකම් කියුවේ බ්ලූස්ටාර් ක්‍රීඩක මොහොමඩ් රිෆ්කාන් ය.

ඉන් අනතුරුව අෆොන්සා ජිබෝලා විසින් නැවතත් නාවික ලකුණු පුවරුව ඉහල දැමුවේ තරඟයේ 77 වැනි මිනිත්තුවේදී පන්දුව සිය පාදයෙන් දැල තුලට යොමුකිරීමෙනි. ඉන් අනතුරුව නියමිත තරඟ කාලය නිමාවන තෙක් කණ්ඩායම් දෙකම ගෝල රැස් කරන්නට  අසමත් වූ අතර තරඟය නිමාවූයේ ජය පරාජයෙන් තොරවයි.

තරඟයේදී විනිසුරුවරයා විසින් නාවික හමුදා ක්‍රීඩා සමාජ ක්‍රීඩක ක්‍රිෂාන්ත පෙරේරාට (75 වැනි මිනිත්තුව) සහ බ්ලූස්ටාර් ක්‍රීඩක නසිරු ඔපායෙමි (68 වැනි මිනිත්තුව) සහ උදයංග රෙජිනෝල්ඩ් (76 වැනි මිනිත්තුව) හට කහ කාඩ්පත් නිකුත් කරන ලදි.

සම්පූර්ණ ලකුණු: බ්ලූස්ටාර් ක්‍රීඩා සමාජය 02 – 02 නාවික හමුදා ක්‍රීඩා සමාජය

ThePapare.com තරඟයේ වීරයා: අෆොන්සා ජිබෝලා (බ්ලූස්ටාර් ක්‍රීඩා සමාජය)

තරඟයෙන් අනතුරුව ThePapare.com සමඟින් අදහස් දැක්වූ නාවික හමුදා පුහුණුකරු ධම්මික අතුකෝරල,

“ලකුණක වාසියක් තිබියදී නිමාවුනු ප්‍රථම අර්ධයෙන් පසුව දෙවැනි අර්ධයේදී අප තවත් ගෝල ලබා ගන්නට උත්සාහ කලා. නමුත් සුළු සුළු වැරදි හේතුවෙන් බ්ලූස්ටාර් කණ්ඩායම එම අර්ධයේදී ගෝල 02ක් වාර්තා කලා. අපට ලකුණු ලබා ගන්න හොඳ අවස්ථා දෙකක් තිබුනත් ව්‍යාකූලත්වය නිසාවෙන් එම අවස්ථාවන් අපට මඟ හැරී ගියා. මෙම අතපසුවීම් සිදුනොවුනානනම් මෙය අපට දිනන් අවස්ථාව තිබුනු තරඟයක්”

“අප දෙවැනි අර්ධයේදී සුළු වෙනස්කම් කිහිපයක් සිදුකලා. ජිබෝලා විසින් සාර්ථකව අවස්ථාවන් කිහිපයක්ම නිර්මාණය කලා ලකුණු රැස් කරන්න සහ ඒවා සියල්ල ප්‍රයෝජනවත් ඒවා වුනා. සමහර ක්‍රීඩකයෝ එතරම් යහපත් සෞඛ්‍ය තත්වයක පසුවුනේ නැහැ නමුත් සියළු දෙනා හොඳින් සෙල්ලම් කලා” බ්ලූස්ටාර් කණ්ඩායමේ පුහුණුකරු ජී. වී. සී. කරුණාරත්න ThePapare.com හා පැවසීය.

ගෝල වාර්තා කල ක්‍රීඩකයින්

  • නාවික හමුදා ක්‍රීඩා සමාජය: සුභාෂ් මදුශාන් 27’, ක්‍රිශාන්ත පෙරේරා 50’
  • බ්ලූස්ටාර් ක්‍රීඩා සමාජය: මොහොමඩ් රිෆ්කාන්  65’, අෆොන්සා ජිබෝලා 77’

කහා කාඩ්පත්

  • නාවික හමුදා ක්‍රීඩා සමාජය: ක්‍රිශාන්ත පෙරේරා 75’
  • බ්ලූස්ටාර් ක්‍රීඩා සමාජය: නසිරු ඔපායෙමි 68’, උදයංග රෙජිනෝල්ඩ් 76’

 තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට 

WATCH MATCH REPLAY