ඉන්දීය ක්‍රිකට් ලොක්කෙක්ට වසරක දීර්ඝ කිරීමක්

133

ඉන්දීය ක්‍රිකට් ආයතනයේ ඔම්බුඩ්ස්මන්වරයා ලෙස කටයුතු කළ ඩී. කේ. ජේන් මහතාට තවත් වසරක් එම ධූරයේ කටයුතු කිරීමට අවස්ථාව ලැබී ඇත.

ශ්‍රේෂ්ඨාධිකරණයේ හිටපු විනිසුරුවරයෙකු වන ඩී. කේ. ජේන් මහතා පසුගිය සතියේ ඉන්දීය ක්‍රිකට් ආයතනයේ අධ්‍යක්ෂක මණ්ඩලයෙන් වසරක කාලයක් ලබා ගැනීමෙන් පසු එම ආයතනයේ ඔම්බුඩ්ස්මන්වරයා සහ ආචාර ධර්ම පිළිබඳ අධ්‍යක්ෂක කාර්යභාරය ඉටු කිරීමට නියමිතය.

එංගලන්ත බලාපොරොත්තු ගැන හෝප් කතා කරයි

ජේන් ප්‍රථම වරට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2019 පෙබරවාරි මාසයේ දී ඉන්දීය ක්‍රිකට් ආයතනයේ ප්‍රථම ඔම්බුඩ්ස්මන්වරයා ලෙස පත් කරන ලදි. පසුව ඔහු එම භූමිකාව පුළුල් කළ අතර මණ්ඩලයේ ආචාර ධර්ම නිලධාරියා ලෙස ද වැඩ භාරගත්තේය.  ඔහුගේ ධුර කාලය පසුගිය පෙබරවාරි මස 29 වැනිදායින් අවසන් විය. එම කාලය අවසන් වී මාස තුනකට පසු ජේන්ගේ කොන්ත්‍රාත්තුව තවත් වසරක් දක්වා අලුත් කිරීමට ඉන්දීය ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.

“මම පසුගිය සතියේ නැවත ධුරයේ කටයුතු ආරම්භ කළා. ඒ ආචාර ධර්ම නිලධාරි සහ ඔම්බුඩ්ස්මන් ලෙස තවත් වසරක කාලයක් සඳහා” ජේන් උපුටා දක්වමින් PTI වාර්තා කළේය. “COVID-19 තත්වය සැලකිල්ලට ගනිමින්, මම නඩු විභාග දුරස්ථ ක්‍රමවේදයකට පවත්වනවා” ජේන් තවදුරටත් පැවසීය. 

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ හිටපු සම්බන්ධීකරණ නිලධාරියෙකු වන මායාන්ක් පරික්ට එරෙහිව ඇති චෝදනාවල තීන්දුව සම්බන්ධයෙන් ගන්නා පියවර පිළිබඳව බොහෝ දෙනා උනන්දුවක් දක්වයි. එය ජේන්ගේ ප්‍රමුඛ නඩු විභාග අතර ඉහළින්ම තිබෙන පරීක්ෂණයකි. 

පරික්ට මුම්බායි හි සමාජ ශාලා හයක් පවත්වා ගෙන ගිය බවට චෝදනා එල්ල වී තිබේ.  “පරික්ගේ නඩුව විභාග වෙමින් පවතින අතර එය ඉක්මනින් අවසන් වනු ඇතැයි මම අපේක්ෂා කරනවා”නුවෙන් ජේන් වැඩිදුරටත් පැවසීය.

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ප්‍රධානියා ඉල්ලා අස්වෙයි

ජයින් 2019 දී සිය ධුර කාලය ආරම්භ කර තිබුණේ හර්ඩික් පාණ්ඩ්‍යා සහ කේ. එල්. රාහුල් සම්බන්ධ කුප්‍රකට මතභේදයෙනි. ජේන් සිය ධුර කාලය තුළ හිටපු ක්‍රිකට් උපදේශක කමිටුවේ සාමාජිකයින් වන සචින් තෙන්ඩුල්කාර්, වී. වී. එස්. ලක්ෂ්මන් සහ වර්තමාන ඉන්දීය ක්‍රිකට් ආයතනයේ සභාපති සෞරව් ගංගුලි සම්බන්ධ නඩුවල මුලසුන හෙබවීය.

හිටපු ලෝක කුසලාන ජයග්‍රාහී නායක කපිල් දේව්, අන්ෂුමාන් ගයික්වාඩ්, ශාන්ත රංගස්වාමි යන සිද්ධීන් අතර ගැටුම් ඇති වූ අතර ඒ සඳහා ද ජේන් විශාල කාර්‍යභාරයක් ඉටු කළේය. ඉන්දියාවේ හිටපු නායක රාහුල් ඩ්‍රාවිඩ් ද බැංගලෝරයේ ජාතික ක්‍රිකට් ඇකඩමියේ අධ්‍යක්ෂ ධුරයට පත්වීමෙන් ටික කලකට පසු එවැනිම චෝදනාවලට ලක්වූ අතර එම සිදුවීම් සමථයකට පත්කිරීමට ජේන් මැදිහත් විය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<