IPLවල කණ්ඩායම් මාරු කරපු ප්‍රබල ක්‍රීඩකයෝ

379

2019 ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය ආරම්භ වීමට නියමිතව ඇත්තේ තවත් දින දෙකක් පමණයි. එළඹෙන 23 වැනිදා මෙවර තරගාවලිය ආරම්භ කරමින් වත්මන් ඉන්දීය ප්‍රිමියර් ලීග් ශූරයින් වන චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම හා රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම තරග බිමට පිවිසීමට නියමිතයි.

මුරලිගේ සම්මාන සියල්ල සීනිගමට

ශ්‍රී ලංකාවෙන් බිහි වූ සුපිරිතම පන්දු යවන්නෙක් වන මුත්තයියා මුරලිදරන් ඔහුගේ ක්‍රිකට් දිවිය තුල දිනා ගත් සම්මාන සියල්ල ගුණ ජය සතුට පදනම හරහා…

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය පසුගිය දෙසැම්බර් මාසයේ දී ජායිපූර් හිදී පැවැත්විය. එහි දී ඇමරිකානු ඩොලර් මිලියන 15යි දශම 5කට ආසන්න මුදලක් වැය කරමින් කණ්ඩායම් මෙවර තරගාවලිය සඳහා ක්‍රීඩකයින් මිල දී ගන්නා ලදි.

පසුගිය වසර කිහිපයේ ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ දී අඛණ්ඩව ප්‍රබල කණ්ඩායම් නියෝජනය කළ ක්‍රීඩකයින් රැසක් මෙවර නව කණ්ඩායම් සමඟ ගිවිසුම් ගත වී සිටීම විශේෂත්වයකි.

  1. රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ සිටි දකුණු අප්‍රිකානු ආරම්භක පිතිකරු ක්වින්ටන් ඩි කොක් මෙවර මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම හා එක්වීම.

පසුගිය ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිවල දී රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ ආරම්භක පිතිකරු ලෙස ක්‍රීඩා කළ ක්වින්ටන් ඩි කොක් මෙවර තරගාවලියේ දී මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම සමඟ ගිවිසුම් ගත වී තිබේ.

ක්වින්ටන් ඩි කොක්ව සිය කණ්ඩායම වෙත එකතු කර ගැනීම සඳහා බංග්ලාදේශ කණ්ඩායමේ වේගපන්දු යවන ක්‍රීඩක මුස්ටෆිසර් රහමාන් සහ ශ්‍රී ලංකා දඟපන්දු යවන ක්‍රීඩක අකිල ධනංජය කණ්ඩායමෙන් නිදහස් කිරීමට මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට සිදු විය.

ඒ අනුව ක්වින්ටන් ඩි කොක් මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමේ මුල්පෙළ ශක්තිමත් කිරීම සඳහා එවින් ලුවීස් හා මුම්බායි නායක රෝහිත් ශර්මා සමඟ එක්වනු ඇත.

  1. සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමේ සිටි ඉන්දීය පිතිකරු ශිකර් ධවාන් දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සමඟ එක්වීම.

ඉන්දීය කණ්ඩායමේ ආරම්භක පිතිකරු ශිකර් ධවාන් ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගාවලියේ දී දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් කණ්ඩායම නියෝජනය කළේය. එහි දී ඔහු එම තරගාවලියේ තුන්වැනි වැඩිම ලකුණු ලාභියා බවට පත්වීම විශේෂත්වයකි.

මෙවර දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් කණ්ඩායම වෙනුවට තරගාවලියට සහභාගී වන දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට ශිකර් ධවාන්ට ක්‍රීඩා කිරීමේ අවස්ථාව හිමිව තිබේ.

විජේ ශන්කර්, ශහබාස් නඩීම් සහ අභිෂේක් ශර්මා කණ්ඩායමෙන් නිදහස් කර ශිකර් ධවාන් දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සමඟ එක්කරගෙන තිබේ.

  1. කිංග්ස් ලෙවන් පන්ජාබ් කණ්ඩායමේ සිටි මාකස් ස්ටෝයිනිස් රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සමඟ එක්වීම.

පසුගිය තරගාවලිවල දී කිංග්ස් ලෙවන් පන්ජාබ් කණ්ඩායම නියෝජනය කළ ඕස්ට්‍රේලියාවේ මාකස් ස්ටොයිනිස් මෙවර රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සමඟ එක්ව තිබේ.

ඉන්දියාවට එරෙහි එක්දින ක්‍රිකට් තරගාවලියේ දී ඕස්ට්‍රේලියාවට ජයග්‍රහණය රැගෙන ඒමට මාකස් ස්ටෝයිනිස්ට හැකි විය.

නිමාවට පත්වූ බිග් බෑෂ් ලීග් පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ද තුන්වැනි වැඩිම ලකුණු ලාභියා ඔහුය.

  1. කිංග්ස් ලෙවන් පන්ජාබ් කණ්ඩායමේ සිටි ඉන්දීය ක්‍රීඩක යුවරාජ් සිං මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම සමඟ එක්වීම.

පසුගිය 2018 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දී තරග 8කට සහභාගී වීමෙන් පසු යුවරාජ් සිංට රැස් කිරීමට හැකි වූයේ ලකුණු 65ක් පමණයි.

කෙසේ වෙතත් යුවරාජ් සිං සිය කණ්ඩායම සමඟ එක්වීම පිළිබඳ අදහස් දැක්වූ මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමේ නායක රෝහිත් ශර්මා සඳහන් කළේ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය තුල යුවරාජ් යනු අත්දැකීම් බහුල ක්‍රීඩකයෙකු බවත්, ඔහු තරග දිනවන්නෙකු බවත් ය.

  1. නවසීලන්ත පිතිකරු මාටින් ගප්ටිල් සහ එංගලන්තයේ ජොනි බෙයාර්ස්ටෝ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සමඟ එක්වීම.

මොවුන් දෙදෙනා මෙවර තරගාවලියේ දී ආරම්භක පිතිකරුවන් ලෙස සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම නියෝජනය කරනු ඇති බවට තොරතුරු වාර්තා වේ.

ශිකර් ධවාන් සන්රයිසස් කණ්ඩායමෙන් ඉවත් වීම සහ ඕස්ට්‍රේලියාවේ ඩේවිඩ් වෝනර්ගේ සහභාගීත්වය ගැටලු සහගත වීම ඊට හේතුවයි.

එංගලන්තයේ ජොනි බෙයාර්ස්ටෝ ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය සමඟ එක්වන පළමු අවස්ථාව මෙයයි.

නවසීලන්ත පිතිකරු මාටින් ගප්ටිල් ද විවිධ අවස්ථාවල දී ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියේ දී අලෙවි නොවූ ක්‍රීඩකයෙකු බවට පත්විය. කෙසේ වෙතත් මෙවර ඇමරිකානු ඩොලර් 140000ක මුදලකට ගප්ටිල් සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සමඟ එක්ව තිබේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<