එංගලන්ත බලාපොරොත්තු ගැන හෝප් කතා කරයි

3813

වර්තමාන ක්‍රිකට් ක්‍රීඩාව තුල කැපී පෙනෙන තරුණ ක්‍රීඩකයන් කීපදෙනෙකු සිටී. බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම නියෝජනය කරන ශායි හෝප් ඉන් ඉදිරියෙන්ම සිටින ක්‍රීඩකයෙකි.

2017 දී හෙඩින්ග්ලි හිදී ශායි හෝප් වාර්තා කළ ශතක ද්විත්වය ක්‍රිකට් ක්‍රීඩා ඉතිහාසයේ විශිෂ්ටතම පිතිකරණය අතරට පැමිණිය හැකි ඉනිම් දෙකකි. පළමු පන්තියේ තරගයක සෑම ඉනිමක දී ම කිසිම ක්‍රීඩකයෙකු මීට පෙර ශතකයක් රැස් කර තිබුණේ නැත. හෝප් එලෙස වාර්තා කළේ වසර 100කට වැඩි කාලයක් ක්‍රිකට් ක්‍රීඩා පිටියේ දී නොදුටු ඉනිම් දෙකකි. බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම කිසිදා අමතක නොවන කඩුලු 5ක ජයග්‍රහණයක් වාර්තා කිරීමට ද සමත් විය.

අකාලයේ මිලින වූ කිරුළ නොපළන් “රජරට රැජිණ”

නමුත් හෝප්ගේ ටෙස්ට් දිවිය වටා ගොඩනැගුණු හැකියාවන් හා ඔහුගේ දක්ෂතා ඔහු ක්‍රිකට් ලෝකයේ කැපී පෙනෙන ස්ථානයකට රැගෙන ඒමට සමත් විය. ක්‍රිකට් ක්‍රීඩාවට පැමිණි මොහොතේ සිට වසර දෙකහමාරක ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ හෝප්ගේ වික්‍රමාන්විත හැකියාව එක්දින පිටියේ දී වඩාත් දීප්තිමත්ව දැකගත හැකිව ඇති අතර එහි දී ඔහු ශතක අටක් වාර්තා කර ඇත්තේ ලකුණු සාමාන්‍ය 55.52ක් ලෙස සටහන් කරමිනි. කොදෙව් කණ්ඩායමේ කඩුලු රකින ක්‍රීඩකයා ද ඔහුය. 

වසර තුනකට පෙර ලීඩ්ස් හි දී හෝප් රැස් කළ ලකුණු 265 මේ වන විට ඔහුගේ වෘත්තීය දිවියේ මුළු එකතුවෙන් 18%ක් පමණ වේ. කෙසේ වෙතත්, ඔහුගේ ලකුණු සාමාන්‍ය 27.23ක් ලෙස සටහන් වේ. ක්‍රේග් බ්‍රැත්වයිට් ද හෙඩින්ලී තරගයේ දී ලකුණු 134ක් සහ 95ක් වාර්තා කළේය. 

එක්දින තරගවලට සාපේක්ෂව ඔහුගේ ටෙස්ට් තරගවල පසුබෑම පිළිබඳව හෝප් අදහස් දක්වා සිටියා. ඔහු පැවසුවේ “මට එය වෙනස් කිරීමට අවශ්‍යයි. ටෙස්ට් පිතිකරණය අනිවාර්යයෙන්ම මගේ ප්‍රියතම කොටසයි. නමුත් ලකුණු සහ සංඛ්‍යාලේඛන හරියටම මට අවශ්‍ය තැන නෙමෙයි තියෙන්නේ. නමුත් මම ඒ සඳහා කටයුතු කරමින් ඉන්නේ. මට මේ අවස්ථාවේ දී කිසිවක් වැරදියි කියන්න බෑ. මගේ සූදානම වෙනස් වී ඇති බව මම කියන්නේ නෑ. එය මගේ ක්‍රීඩාවේ තාක්‍ෂණික පැත්තට පැමිණි විට එය ප්‍රධාන දෙයක් යැයි මම හිතන්නේ නෑ. ඔබ ඉදිරියට යන විට ඔබට පාලනය හැකි යම් යම් දේ තිබෙනවා. එය මානසික දෙයක්. මම බලාපොරොත්තු වෙනවා මට එය අවශ්‍ය ලෙස හරවා එතැනින් ඉදිරියට යන්න පුළුවන් කියලා.” 

ටෙස්ට් තරග බිම ආක්‍රමණයට සැරසෙන වෝර්න්ගේ අනුප්‍රාප්තිකයා

“නිසැකවම මට මේ දේ අමාරු වේවි. විශේෂයෙන් මට යමක් කළ හැකි බව මම දන්නවා. නමුත් එය ඇත්ත වශයෙන්ම සංඛ්‍යාලේඛන නිරූපණය කරන්නේ නෑ. මා ගැන අඛණ්ඩ විශ්වාසයක් තබා ගැනීමට අවශ්‍යයි. මගේ හැකියාව ආපසු ලබා ගත හැකි බව මා දන්නා නිසා එය අත්‍යවශ්‍ය දෙයක්. එය මම මීට පෙර සිදු නොකර සිටියේ නෑ. මෙම අවස්ථාවන්ගෙන් උපරිම ප්‍රයෝජන ගැනීමටත්, කණ්ඩායම ජයග්‍රහණය කිරීම සඳහා මට හැකි සෑම දෙයක්ම කිරීමටත් මම වග බලා ගන්නවා.”

ටෙස්ට් කණ්ඩායම තුළ හෝප්ගේ පරමාදර්ශී භූමිකාව තවමත් තීරණය කළ යුතුව ඇත. ඔහුගේ හෙඩින්ග්ලි ශතකය වාර්තා වූයේ අංක 5 පිතිකරුවෙකු ලෙසිනි. ඒ කොදෙව් කණ්ඩායම night watchman ක්‍රීඩකයෙකු භාවිතා කළ නිසාවෙනි. ඉන්පසු ඔහු අංක 4 ස්ථානයට පැමිණියේය. නමුත් ඔහු එතැන් සිට තුන්වැනි ස්ථානය දක්වා ඉදිරියට ගොස් ඇති අතර නිත්‍ය කඩුලු රකින්නා වන ෂේන් ඩෝරිච්ගේ ආදේශක ක්‍රීඩකයා ලෙස පෙනී සිටින විට ඔහු ඔහුගේ සුපුරුදු ස්ථානය වෙනස් කළේය. 

“මම කුමන ස්ථානයක පන්දුවට පහර දුන්නත්, මට හැකි ඕනෑම ආකාරයකින් කණ්ඩායමට දායක විය යුතුයි” ඔහු පැවසීය. “මම ඉහළ හෝ මැද පෙළේ ආරම්භ කළත් කමක් නැහැ. අවශ්‍ය දේ වන්නේ කණ්ඩායමට වැඩි ලකුණු ප්‍රමාණයක් ලබා ගැනීමයි.”

බටහිර ඉන්දීය කොදෙව්වන් එංගලන්තය කණ්ඩායමට වේගපන්දු ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කිරීමත් සමඟම ඔවුන්ගේ වැඩි වගකීමක් මෙන්ම වැඩි අවස්ථාවක් උපයෝගී කර ගැනීමේ හැකියාව පිතිකරුවන් එංගලන්ත කණ්ඩායමට මුහුණ දෙන ආකාරය මත රඳා පවතී. මාස 18කට පෙර කැරිබියන්හිදී එංගලන්තය පරාජය කිරීමට දායක වූ ක්‍රීඩකයින් දෙදෙනෙකු වන ඩැරන් බ්‍රාවෝ සහ ෂිම්රන් හෙට්මියර් මෙම තරගාවලියට සහභාගි නොවීම කොදෙව් කණ්ඩායමේ බර බ්‍රැත්වයිට් සහ හෝප් මත පැටවීමට ඉඩ තිබේ.

ආරම්භක පිතිකරු බ්‍රැට්වයිට්ගේ ද දක්ෂතා 2017 සිට තරමක් අඩුවී ඇති අතර ඔහුගේ අවසන් ටෙස්ට් තරග 20 තුල රඳවා ගත් සාමාන්‍ය 25.33කි. රොස්ටන් චේස් කැරිබියන්හිදී ඔහුගේ පිතිකරණයේ වැඩි සාර්ථකත්වයක් ළඟා කරගෙන සිටී. 

ජර්මයින් බ්ලැක්වුඩ් මීට වසර පහකට පෙර ඔහුගේ එකම ටෙස්ට් ශතකය රැස් කළ අතර ජෝන් කැම්බල්, ෂමාර් බෲක්ස් සහ නක්‍රුමා බොනර් වැනි ක්‍රීඩකයින් සාපේක්ෂව රිද්මයේ නොසිටින ක්‍රීඩකයන් වේ. නමුත් ඔවුන්ගෙන් යමක් බලාපොරොත්තු වීම වැදගත් යැයි හෝප් පැවසීය. 

“එය ඉතා වැදගත්, විශේෂයෙන් අපට දැන් ඇති කණ්ඩායම් දක්ෂතාවය සඳහා, අපට ප්‍රධාන ක්‍රීඩකයන් කිහිප දෙනෙකු මග හැරී තියනවා. එබැවින් ඉහළ පෙළේ පිතිකරුවන් වශයෙන් අපට  ලකුණු පුවරුවට වැඩි ලකුණු ප්‍රමාණයක් ලබා ගැනීම ඉතා වැදගත් වේවි” හෝප් පැවසීය. 

“විශේෂයෙන් නව පන්දුවට එරෙහිව තරගයේ පළමු කොටස තුල පන්දුවට පහර දෙන පසුපෙළ ක්‍රීඩකයින්ට තරගය පහසු කරවන්න අවශ්‍යයි.” 

“මම යුතුකම් ඉටු කරන්න එනවා!” – වහබ් රියාස්

“මේ අපේ දක්ෂතා වැඩියෙන් අවශ්‍ය වන වෙලාවක්. ඔව්, අපිට අනිවාර්යයෙන්ම අනෙක් ක්‍රීඩකයන් සිහිවේවි [බ්‍රාවෝ සහ හෙට්මියර්]. ඔවුන් කණ්ඩායමේ විශාල කාර්යභාරයක් ඉටු කළ ක්‍රීඩකයන්. නමුත් එය අපට මඟ හැරේවි. සමහර විට ක්‍රිකට් ක්‍රීඩාව යන්නේ එලෙසය. අපිට ඇත්ත වශයෙන්ම අවශ්‍ය වෙන්නේ මේ ඉන්න ක්‍රීඩකයන්ගේ දක්ෂතා එළියට ගන්න. මට  අවධාරණය කිරීමට අවශ්‍යයි පිතිකරවන් ලෙස අපි එම ලකුණු ලබා දෙන බවට වග බලා ගන්නවා. ”   

ඕල්ඩ් ට්‍රැෆර්ඩ් හි පැවැත්වීමට නියමිතව තිබූ බටහිර ඉන්දීය කොදෙව් පුහුණු සැසිය සඳහා අඟහරුවාදා වර්ෂාව හේතුවෙන් බාධා ඇතිවිය. නමුත් හෝප් පැවසුවේ ක්‍රීඩකයින් හොඳින් මෙම තත්ත්වයට හුරුවී ඇති බවත්, පළමු ටෙස්ට් තරගය ජූලි 8 වැනිදා ආරම්භ වන විට උණුසුම ඉහළ නැංවීමට බලාපොරොත්තු වන බවත්ය.

“අපි බලාපොරොත්තු වෙනවා වේගපන්දු යවන්නන් මේ තරග මාලාවේ යම්කිසි වෙනසක් කරාවි කියලා. මේ තණතීරු ඔවුන්ට සුදුසුම තණතීරු. අපි සෑම දෙයකටම හුරුවීමට උත්සාහ කරනවා. මම හිතන්නේ අපි හොඳින් ක්‍රීඩා කරාවි. “

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<