සාෆ් (SAFF) ශූරතාවලියේ ශ්‍රී ලංකා නායකත්වය එරන්දිට

491

ඉදිරියේදී පැවැත්වෙන 2016 සාෆ් (SAFF) කාන්තා පාපන්දු ශූරතාවලිය සඳහා එක්වීමට නියමිත ශ්‍රී ලංකා කාන්තා සංචිතය ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය විසින් ප්‍රකාශයට පත්කොට තිබේ.

පසුගිය ලිපි: 19න් පහල කිරුළ සාන්ත ජෝසප් විදුහලට

සිව්වෙනි වරට පැවැත්වීමට නියමිත සාෆ්  කාන්තා පාපන්දු ශූරතාවලිය හෙට (26) සිට ජනවාරි 04 දක්වා ඉන්දියාවේ දකුණු බෙංගාලයේ කැන්චෙන්ජන්ගා ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි.

A කාණ්ඩයෙන් තරඟ වැදීමට නියමිත ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ තෙවරක් අනුශූරතාවය ලැබූ නේපාලයද එම කාණ්ඩයෙන්ම තරඟ වැදීමට නියමිතයි. තෙවරක් ශූරතාවය ලැබූ ඉන්දියාව B කාණ්ඩයෙන් තරඟ වැදීමට නියමිත අතර ඔවුන් 2010, 2012 සහ 2014 වසරවලදී ශූරතාවය දිනාගන්නා ලදී.

A කාණ්ඩය (FIFA ශ්‍රේණිගත කිරීම්)

ශ්‍රීලංකාව (122),  භූතානය (n/a), මාලදිවයින (124), නේපාලය (112)

B කාණ්ඩය (FIFA ශ්‍රේණිගත කිරීම්)

ඉන්දියාව (57), ඇෆ්ගනිස්තානය (n/a), බංග්ලාදේශය (121)

2012 දී (ශ්‍රී ලංකාවේ පැවති) සහ 2014 දී පැවති සාෆ් කාන්තා පාපන්දු ශුරතාවලදී ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් පූර්ව වටය දක්වා පැමිණි අතර  පිළිවෙලින් 2012 දී ගෝල 3-0ක් ලෙස නේපාලය හමුවේත්  2014 දී ගෝල 5-0 ලෙස ඉන්දියාව හමුවේත් පරාජයට පත්විය.

ක්‍රීඩිකාවන් 20 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දරණු ලබන්නේ එරන්දි ලියනගේ විසින් වන  අතර මධුශානි විතානගේ විසින් උප නායකත්වයේ වගකීම් දරණු ලබයි. ශ්‍රී ලංකා කණ්ඩායමේ බහුතරයක් නාවික හමුදා කණ්ඩායම නියෝජනය කරන අතර  සිව්දෙනා බැගින් යුධ හමුදා කණ්ඩායම සහ ගුවන් හමුදා කණ්ඩායමට ක්‍රීඩා කරන ක්‍රීඩිකාවන් වේ.

පසුගිය තරගාවලි දෙකක අත්දැකීම් සහිතව අචලා සරුක්කාලි, ප්‍රවීනා පෙරේරා සහ කණ්ඩායම් නායිකාව මෙවර තරඟාවලියට ඉදිරිපත් වේ.

එරන්දි ලියනගේ පසුගිය තරඟාවලි වල වැඩිම ගෝල ලාභියා (ගෝල 4) වන අතර සරුක්කාලි  සහ ප්‍රවීනා ගෝල 2 බැගින් ලබාගෙන ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සොලිඩ් (Solid SC) කණ්ඩායමේ ද පුහුණුකරු ලෙස කටයුතු කරන අත්දැකීම් බහුල  රත්නම් ජස්මින් මහතා ද, සහය පුහුණුකරු ලෙස දීපානි සමරසිංහ මහත්මිය ද,  පන්දු රැකීමේ පුහුණුකරු ලෙස ජූඩ් කරුනාරත්න මහතා ද කටයුතු කරයි.

 ශ්‍රී ලංකා සංචිතය 

එරන්දි ලියනගේ (නායිකාව), මධුශානි විතානගේ (උප නායිකාව), චලනි ඒකනායක, ලක්මිනි සිල්වා, නාලිකා කරුනාරත්න, වත්සල ප්‍රියදර්ශනී, චමන්තා සැලෝමි, රුශානි ගුණවර්ධන, ප්‍රවීනා පෙරේප්ර්, ඩැනියෙල් ලීලන්ති, නිලුකා අලුත්ගේ, අයෝමි විජයරත්න(පන්දු රකින්නිය), තිලිනි ජයසිංහ, චතුරිකා මධුෂානි, T.K. ඇන්ජෙලා, සකුරා සෙව්වන්දි(පන්දු රකින්නිය), අචලා සරුක්කාලි, තුශානි මධුෂිකා, මහේෂිකා කුමුදිනී, නිසංසලා  කුමාරි (පන්දු රකින්නිය)

රත්නම් ජස්මින් (ප්‍රධාන පුහුණුකරු), දීපානි සමරසිංහ (සහය පුහුණුකරු), ජූඩ් කරුනාරත්න (පන්දු රැකීමේ පුහුණුකරු), ගාමිණී මදුරවල (කණ්ඩායම් කළමනාකරු), සෞමයා ප්‍රියදර්ශනී (භෞතික චිකිත්සක).

තවත් පාපන්දු ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට