උස පැනීමේ පුරෝගාමියෙකුගේ අවසානය

161
Dick Fosbury dies at 76
Courtesy – Fox news

උස පැනීමේ තාක්ෂණයේ නැවුම් වෙනසක් කළ පුරෝගාමියෙකු වන ඇමරිකා එක්සත් ජනපදයේ Dick Fosbury (ඩික් ෆොස්බරි) අප අතරින් සමුගෙන තිබෙනවා.

ඔහුගේම නමින් හැඳින්වෙන “ෆොස්බරි ෆ්ලොප්” නම් වූ උපක්‍රමය මලල ක්‍රීඩා ලොවට හඳුන්වා දුන්නේ ඔහුයි. 1968 ඔලිම්පික් උළෙලේ දී ඔහු කළ එම වෙනස නිසා රන් පදක්කම ඔහුට හිමි වූ අතර ඔහු ගැන ක්‍රීඩා ඉතිහාස පොත් වල ලියවුනා.

76 හැවිරිදි ෆොස්බරි මියගියේ ඇමරිකා එක්සත් ජනපදයේ දීයි. ඔහුගේ බිරිඳ රොබින් තොමාසි, දූ පුතුන් වන එරික් ෆොස්බරි සහ ස්ටෙෆ්නි තෝමස්, ක්‍රිස්ටීන් තොම්සන් අතින් ඔහුගේ අවසන් කටයුතු සිදු වනු ඇති.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<