වේල්ස් කුමරුවන් තවත් පිම්මක් ඉදිරියට

230

සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ පළමු වටය මේ වන විට අවසන් වී තිබෙන අතර අද (20) දිනයේ දී තවත් සුහද කාණ්ඩයේ තරග කිහිපයක් හා එක් අර්ධ අවසන් පූර්ව වටයේ තරගයක්  පැවැත්විය.

පිළිමළුන් පිටුදැකීමේ සටන ඇරඹේ; වේල්ස් කුමරුන්ට වැඩි වාසි!

පාසල් ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ දක්ෂතා එළිදැක්වීමට අපූරු තෝතැන්නක් වන…

වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලය හා රත්ගම දේවපතිරාජ විද්‍යාලය

හම්බන්තොට සූරියවැව ක්‍රීඩාංගණයේ අද දින ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් සාන්ත ජෝසප් වාස් ක්‍රීඩකයන් ප්‍රථමයෙන්ම පන්දුවට පහර දීමට තීරණය කරන ලදි.  

මෙහි දී සාන්ත ජෝසප් වාස් ක්‍රීඩකයන් සියලු දෙනා දැවී ලකුණු 131ක් ලබා ගැනීමට සමත් විය. ජෝසප් වාස් විද්‍යාලය වෙනුවෙන් බියන් පතිරණ ලකුණු 31ක් ලබා ගනිද්දී පන්දු යැවීමේ දී තිසර දිල්ෂාන්, පවන් සන්දේශ්, පැතුම් මදුශංක අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියේය.

තම ප්‍රථම ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි දේවපතිරාජ ක්‍රීඩකයන් දිනය නිමා වන විට සියලු දෙනා දැවී ලකුණු 154ක් රැස්කර ගෙන ප්‍රථම ඉනිමේ ජය තමන් සතු කර ගන්නා ලදි. මෙහි දී දේවපතිරාජ විද්‍යාලයේ කල්ප චේතිය ලකුණු 36ක් ලබා ගත් අතර ජෝසප් වාස් විද්‍යාලය වෙනුවෙන් නිපුන් ධනංජය කඩුලු 5ක් දවා ගන්නා ලදි.

සාන්ත ජෝසප් වාස් විද්‍යාලය – 133 (33.5) බියන් පතිරණ 31, තිසර දිල්ෂාන් 2/22, පවන් සන්දේශ් 2/24,පැතුම් මදුශංක 2/47

දේවපතිරාජ විද්‍යාලය – 154 (56.4) කල්ප චේතිය 36, සුදීර වීරරත්න 35, නිපුන් ධනංජය 5/40, අවිදු හේරත් 2/12


කොළඹ ආනන්ද විද්‍යාලය හා කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලය

ආනන්ද විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගය ඊයේ දිනට තරගය නතර කරන විට සාන්ත ජෝසප් ක්‍රීඩකයන් කඩුලු 6ක් දැවී ලකුණු 175ක් රැස්කර ගෙන ප්‍රථම ඉනිමේ ජය තමන් සතුකර ගන්නා ලදි.

Photos: St. Joseph’s College vs Ananda College – U19 Cricket Tournament 2018/19

අද දිනයේ දී ඉනිම ආරම්භ කළ සාන්ත ජෝසප් ක්‍රීඩකයන් සියලු දෙනා දැවී ලකුණු 314ක් රැස්කර ගන්නා ලදි. මෙහි දී සාන්ත ජෝසප් විද්‍යාලය වෙනුවෙන් දිනෙත් ජයකොඩි අගනා ශතකයක් වාර්තා කරන ලදි.

තම දෙවැනි ඉනිම ආරම්භ කළ ආනන්ද ක්‍රීඩකයන් කඩුලු 8ක් දැවී ලකුණු 251ක් ලබා සිටිය දී දිනය නිමාවට පත්විය. මෙහි දී ආනන්ද විද්‍යාලය වෙනුවෙන් කමේෂ් නිර්මාල් අර්ධ ශතකයක් ලබාගන්නා ලදි. පන්දු යැවීමේ දී ජොහාන් ද සිල්වා හා දුනිත් වෙල්ලාලගේ අතරේ කඩුලු දෙක බැගින් බෙදී ගියේය.

ආනන්ද විද්‍යාලය – 193 (49) දමින්ද රෙෂාන් 51, මොදිත රණතුංග 51, කමේෂ් නිර්මාල් 21, අශේන් ඩැනියල් 4/55, අශාන් ද අල්විස් 2/33

සාන්ත ජෝසප් විද්‍යාලය – 314 (82.5) දිනෙත් ජයකොඩි 115, ජොහැන් ද සිල්වා  59, ලක්ශාන් ගමගේ 43, සවිරු බණ්ඩාර 4/98, ජනිදු ජයවර්ධන 3/51

ආනන්ද විද්‍යාලය – කඩුලු 8 ලකුණු  251 (57) කමේෂ් නිර්මාල් 50, කලන විජේසිරි 43,සු දීපා අගුළුගහ 36, ජොහැන් ද සිල්වා 2/20, දුනිත් වෙල්ලාලගේ 2/75

56 වැනි සහෝදර ගැටුම තීරණයකින් අවසන් වන ලකුණු?

කොළඹ ඉසිපතන විද්‍යාලය හා කොළඹ තර්ස්ටන් විද්‍යාලය අතර 56 වැනි…


ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය හා මොරටුව වේල්ස් කුමර විද්‍යාලය

වේල්ස් කුමර විද්‍යාලයේ පැවැත්වෙන මෙම අර්ධ අවසන් පූර්ව තරගය ඊයේ දිනට නිමාවන විට වේල්ස් කුමර ක්‍රීඩකයන්ට වැඩි වාසි හිමි වී තිබුණි.

අද දිනයේ දී ඉනිම ආරම්භ කරන විට වේල්ස් කුමර ක්‍රීඩකයන් කඩුලු 3ක් දැවී ලකුණු 120ක් ලබාගෙන තිබුණි. අද දිනයේ උදෑසන තම ප්‍රථම ඉනිමේ ජය හඹා ගිය වේල්ස් කුමරුවන් ප්‍රථම ඉනිම සඳහා සියලු දෙන දැවී ලකුණු 247ක් රැස්කර ගන්නා ලදි. මෙහි දී සුවත් මෙන්ඩිස් ලකුණු 54ක් ලබා ගන්නා ලදි. පන්දු යැවීමේ දී සදුන් මෙන්ඩිස් කඩුලු 4ක් දවා ගන්නා ලදි.

Photos: Prince of Wales College vs Richmond College | Singer U19 Cricket Tournament 2018/19

තම දෙවැනි ඉනිම ආරම්භ කළ රිච්මන්ඩ් ක්‍රීඩකයන් කඩුලු 4ක් දැවී ලකුණු 160ක් ලබා සිටිය දී දිනය නිමාවට පත්විය. මෙහි දී විනුජ කිරිඇල්ල ලකුණු 57ක් රැස්කර ගත් අතර පන්දු යැවීමේ දී සුවත් මෙන්ඩිස් හා කෞමාල් නානායක්කාර කඩුලු 2 බැගින් බිඳ හෙලන ලදි.

රිච්මන්ඩ් විද්‍යාලය – 162 (59.2) සඳුන් මෙන්ඩිස් 50, අම්ෂි ද සිල්වා 42, දිලුම් සුදීර 26, කෞමාල් නානායක්කාර 6/89

වේල්ස් කුමර විද්‍යාලය – 247 (104) සුවත් මෙන්ඩිස් 57, ප්‍රන්ස් ප්‍රනාන්දු 43, දේවක පීරිස් 37, සඳුන් මෙන්ඩිස් 4/64, අම්ෂි ද සිල්වා 2/39, දිලුම් සුදීර 2/46

රිච්මන්ඩ් විද්‍යාලය – 160/4 (56) විනුජ කිරිඇල්ල 55, සඳුන් මෙන්ඩිස් 35*, තවිෂ අභිෂේක් 32, සුවත් මෙන්ඩිස් 2/37, කෞමාල් නානායක්කාර 2/67

දිනා ගත් ගෞරවයත් සමඟ ඇරඹෙන දෙවැනි ටෙස්ට් තරගයට පෙර

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායම අතර….


කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය හා මහනුවර ධර්මරාජ විද්‍යාලය

මත්තේගොඩ යුද හමුදා ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් ධර්මරාජ ක්‍රීඩකයන් ප්‍රථමයෙන්ම පන්දු රැකීමට තීරණය කරන ලදි.

ප්‍රථමයෙන්ම පන්දුවට පහර දීමට පිටියට පිවිසි ඩී. එස්. ක්‍රීඩකයන් කඩුලු 6ක් දැවී 283ක් ලබා සිටිය දී ඉනිම අත්හිටු වන ලදි. මෙහි දී මුදිත ලක්ශාන් හා සඳරු සන්දික අර්ධ ශතක වාර්තා කරන ලදි. පන්දු යැවීමේ දී තුෂාන් හේරත් හා උපේන්ද්‍ර වර්ණකුලසූරිය අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියේය.

ප්‍රථම ඉනිම ක්‍රීඩා කිරීම සඳහා පිටියට පිවිසි ධර්මරාජ ක්‍රීඩකයන් දිනය නිමා වන විට කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 58ක් රැස්කරගෙන තිබුණි. මෙහි දී සචින්ත සේනානායක නොදැවී ලකුණු 29ක් රැස් කරගෙන සිටි.

ඩී. එස්. සේනානායක විද්‍යාලය – 283/6d (74) මුදිත ලක්ෂාන් 54, සදරු සන්දික 50*,චමත් යටවර 40*,  තුෂාන් හේරත් 2/61, උපේන්ද්‍ර වර්ණකුලසූරිය 2/92

ධර්මරාජ විද්‍යාලය – 58/0 (19) සචින්ත සේනානායක 29*, ලක්ෂණ දයානන්ද 21*

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<