පාසල් රග්බි කැලන්ඩරය නිකුත් වෙයි

745
Schools Rugby 2022 Calendar

ශ්‍රී ලංකා පාසල් රග්බි පිටියේ 2022 වසර සඳහා අපේක්ෂිත තරග කාලසටහන ශ්‍රී ලංකා පාසල් රග්බි සම්මේලනය විසින් මාධ්‍ය වෙත නිකුත් කර තිබුණා.

පවතින වාතාවරණය යටතේ නියමිත සෞඛ්‍යාරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් මෙම වසරේ දී සියලුම වයස් කාණ්ඩ ආවරණය වන පරිදි තරගාවලි විස්සකට ආසන්න සංඛ්‍යාවක් පවත්වමින් ඔක්තෝබර් දක්වා රග්බි පිටිය කාර්යබහුල කිරීමට දැනට සැලසුම් කර තිබෙනවා.

2022 වසරේ රග්බි තරග පසුගිය මාසයේ පැවති 14න් පහළ සංවර්ධන තරගාවලියත් සමඟින් ආරම්භ වූ අතර කණ්ඩායම් 20කින් සමන්විත දෙවැනි කාණ්ඩයේ තරගාවලියක් මාර්තු 12 වැනිදා මහනුවර දී පැවැත්වීමට නියමිතයි.

මෙවර පාසල් රග්බි පිටියේ පළමු කාණ්ඩයේ තරග ආරම්භ කරමින් වයස අවුරුදු 14න් පහළ දස සාමාජික තරගාවලිය අප්‍රේල් 23 සහ 24 යන දෙදින තුළ කොළඹ දී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

පාසල් රග්බි පිටියේ වැඩි අවධානයක් දිනා ගත් තරගාවලිය වන 19න් පහළ තරගාවලියේ මූලික වටයේ තරග ජුනි සහ ජූලි මාසයේ දී පැවැත්වීමට නියමිත අතර එහි Knock-Out වටය අගෝස්තු මාසයේ දී පැවැත්වීමට නියමිතයි.

එමෙන්ම කාන්තා රග්බි ක්‍රීඩාව දියුණු කිරීමේ අරමුණින් කාන්තා තරගාවලි පහක් ද මෙම වසරේ දී පැවැත්වීමට සැලසුම් කර ඇති අතර එහි පළමු තරගාවලිය වන 14න් පහළ සත් සාමාජික තරගාවලිය මැයි මාසයේ දී පැවැත්වීමට නියමිතයි.

වයස අවුරුදු 19න් පහළ සහ 16න් පහළ කාන්තා තරගාවලි සැප්තැම්බර් මාසයේ දී පැවැත්වීමට සැලසුම් කර ඇති අතර ඔක්තෝබර් මාසයේ දී 12න් පහළ සහ 18න් පහළ තරගාවලි පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

2022 පාසල් රග්බි පිටියෙහි යෝජිත කාලසටහන,

EVENT MONTH Date
U-14 DIV III Development 7s Tournament Boys (Western / Southern / Sabaragamuwa) February 20
U-14 DIV III Development 7s Tournament Boys (Central / Uva / Wayamba) March 12
U-14 DIV 1 10 a side Tournament Boys April 23/24
U-12 Provincial 7 a side Tournament Boys April 30
U-14 DIV II 10 a side Tournament Boys May 07/08
U-14 7 a side Tournament Girls May 21/22
U-19 League Tournament Boys June/ July 20-24
U – 16 DIV 1 10a side Tournament Boys July 30-31
U-19 Knock-Out Tournament Boys August 06-20
U-16 DIV II 10 a side Tournament Boys August 27-28
U-19 7 a Side Tournament Girls September 03-04
U-16 7 a side Tournament Girls September 10-11
U-19 DIV  1 7 a side Tournament Boys September 17-18
U-19 DIV 11 7 a side Tournament Boys September 24-25
U- 18 7 a side Tournament Girls October 01-02
U-18 DIV 1 7 a side Tournament Boys October 07-08
U-18 DIV II 7 a side Tournament Boys October 15-06
U-12 7 a side Tournament Girls October 29-30

>>තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්නරග්බි පිටුවට<<