Home Sinhala මහනුවර අවසන් සටනට යද්දී දඹුල්ල පළමු ජය වාර්තා කරයි

මහනුවර අවසන් සටනට යද්දී දඹුල්ල පළමු ජය වාර්තා කරයි

Dialog – SLC National Super League Limited Over Tournament 2022

1575

Dialog – SLC National Super League ක්‍රිකට් තරගාවලියේ තවත් තරග දෙකක් අද (10) මහනුවර දී සහ දඹුල්ලේ දී පැවැත්වුනා. එම තරගවල දී කොළඹ කණ්ඩායම කඩුලු 6කින් පරාජය කිරීමට මහනුවර කණ්ඩායම සමත් වන විට ගාල්ල කණ්ඩායම කඩුලු 5කින් පරාජය කළ දඹුල්ල කණ්ඩායම තරගාවලියේ පළමු ජයග්‍රහණය වාර්තා කළා.

මහනුවර සහ කොළඹ අතර තරගය (15 වන තරගය)

මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති මේ තරගයේ කාසියේ වාසිය දිනාගත් කොළඹ නායක දිමුත් කරුණාරත්න පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා.

තරගයට ක්‍රීඩා කළ කණ්ඩායම්,

කොළඹ – දිමුත් කරුණාරත්න (නායක), සිතාර ගිම්හාන්, නිපුන් ධනංජය, නුවනිඳු ප්‍රනාන්දු, සම්මු අශාන්, අශේන් බණ්ඩාර, ලහිරු මදුශංක, තරිඳු රත්නායක, කලන පෙරේරා, මොහොමඩ් ඩිල්ශාඩ්, ප්‍රභාත් ජයසූරිය.

මහනුවර – නිරෝෂන් දික්වැල්ල (නායක), ලහිරු උදාර, කවීන් බණ්ඩාර, ඕෂද ප්‍රනාන්දු, සහන් ආරච්චිගේ, ප්‍රමුද් හෙට්ටිවත්ත, පුලින තරංග, අසිත ප්‍රනාන්දු, නිපුන් රන්ශික, ලසිත් ඇඹුල්දෙණිය, අශේන් ඩැනියල්.

නුවනිඳු ප්‍රනාන්දු නොකඩවා වාර්තා කළ දෙවන ශතකය සවියක් කරගෙන ලකුණු 271ක ලකුණු පුවරුවක් වෙත යාමට කොළඹ කණ්ඩායමට හැකියාව ලැබුනා. එහි දී නුවනිඳු පන්දු 133ක් තුළ හතරේ පහර 7ක් සහ එක් හයේ පහරක් එල්ල කරමින් ලකුණු 112ක් රැස් කරගත්තා.

කෙසේ නමුත් පිළිතුරු ඉනිම දියත් කළ මහනුවර කණ්ඩායම වෙනුවෙන් ඕෂද ප්‍රනාන්දු පන්දු 94ක දී නොදැවී ලකුණු 85*ක් රැස් කරගෙන සිය කණ්ඩායම ජයග්‍රහණය වෙත රැගෙන ගියා. ඕෂදගේ එම ඉනිම හතරේ පහර 6කින් වර්ණවත් වුනා. ඕෂද සමඟ එක්ව මහනුවර මැදපෙළ සවිමත් කරමින් සිව්වන කඩුල්ල සඳහා පන්දු 136ක දී ලකුණු 128ක සබඳතාවයක් ගොඩනැංවීමට සහන් ආරච්චිගේ සහය වුනා. සටන්කාමී පිතිකරණයක නිරත වුනු සහන් හතරේ පහර 7ක් එල්ල කරමින් පන්දු 76ක දී ලකුණු 64ක් වාර්තා කරගත්තා.

මහනුවර කණ්ඩායම මේ හිමි කරගත් තරග ජයග්‍රහණයත් සමඟ තවත් තරග දෙකක් ඉතිරිව තිබිය දී අවසන් මහා තරගයේ සිය ස්ථානය කල් තියාම වෙන් කරගැනීමට ඔවුන් සමත් වුනා.

තරගයේ වීරයා – ඕෂද ප්‍රනාන්දු (මහනුවර)


Result


Team Kandy
272/4 (48.5)

Team Colombo
271/10 (49.3)

Batsmen R B 4s 6s SR
Sithara Gimhan c & b 18 13 0 0 138.46
Dimuth Karunaratne st b 29 40 0 0 72.50
Nuwanidu Fernando c & b 112 133 0 0 84.21
Nipun Dananjaya lbw b 2 9 0 0 22.22
Sammu Ashan c & b 62 70 0 0 88.57
Ashen Bandara c & b 20 17 0 0 117.65
Lahiru Madushanka run out () 3 4 0 0 75.00
Kalana Perera c & b 0 3 0 0 0.00
Tharindu Ratnayaka run out () 0 2 0 0 0.00
Prabath Jayasuriya not out 4 3 0 0 133.33
Mohammad Dilshad c & b 4 3 0 0 133.33


Extras 17 (b 0 , lb 3 , nb 1, w 13, pen 0)
Total 271/10 (49.3 Overs, RR: 5.47)
Bowling O M R W Econ
Ashian Daniel 10 1 39 1 3.90
Asitha Fernando 9.3 0 41 3 4.41
Nipun Ransika 7 0 55 0 7.86
Lasith Embuldeniya 10 0 51 1 5.10
Pulina Tharanga 10 0 66 3 6.60
Pramud Hettiwatte 2 0 11 0 5.50
Sahan Arachchige 1 0 5 0 5.00


Batsmen R B 4s 6s SR
Niroshan Dickwella c & b 16 15 0 0 106.67
Lahiru Udara c & b 34 54 0 0 62.96
Sachindu Colombage c & b 25 32 0 0 78.12
Oshada Fernando not out 85 94 0 0 90.43
Sahan Arachchige c & b 64 76 0 0 84.21
Pulina Tharanga not out 32 22 0 0 145.45


Extras 16 (b 4 , lb 4 , nb 0, w 8, pen 0)
Total 272/4 (48.5 Overs, RR: 5.57)
Bowling O M R W Econ
Kalana Perera 7 0 49 0 7.00
Mohammad Dilshad 8.5 0 55 1 6.47
Tharindu Ratnayaka 8 0 49 0 6.12
Lahiru Madushanka 8 2 34 2 4.25
Prabath Jayasuriya 10 0 41 0 4.10
Sammu Ashan 7 0 36 1 5.14



ගාල්ල සහ දඹුල්ල අතර තරගය (16 වන තරගය)

රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති මේ තරගයේ කාසියේ වාසිය දිනාගත් දඹුල්ල කණ්ඩායම

පළමුව පන්දු රැකීමට තීරණය කළා.

තරගයට ක්‍රීඩා කළ කණ්ඩායම්,

ගාල්ල – පබසර වඩුගේ, අශාන් රන්දික, ප්‍රියමාල් පෙරේරා, ධනංජය ලක්ෂාන්, හිමාෂ ලියනගේ, විශාද් රන්දික, ජෙහාන් ඩැනියල්, කවිෂ්ක අංජුල, අකිල දනංජය (නායක), චලන ද සිල්වා.

දඹුල්ල – මිනෝද් භානුක (නායක), ලසිත් අබේරත්න, පවන් රත්නායක, අශාන් ප්‍රියන්ජන්, ලහිරු සමරකෝන්, සමීර සඳමාල්, දුශාන් හේමන්ත, අනුක් ප්‍රනාන්දු, දුවිඳු තිලකරත්න, විශ්ව ප්‍රනාන්දු, ලක්ෂාන් සඳකැන්.

ගාල්ල කණ්ඩායමේ මුල් පෙළ පිතිකරුවන් සියලුම දෙනා යම් ලකුණු ප්‍රමාණයක් අතරට පැමිණීමට සමත් වුනු නමුත් ඔවුන්ගේ එකඳු පිතිකරුවෙකුට හෝ පුද්ගලිකව දිගු ඉනිමක් වෙත යාමට හැකියාවක් ලැබුනේ නැහැ. වමතින් දඟපන්දු යවන දුවිඳු තිලකරත්න, ප්‍රියමාල් පෙරේරාගේ කඩුල්ල ද සමඟ ගාලු කණ්ඩායමේ කඩුලු 4ක් දවා ගැනීමට සමත් වුනා.

ගාල්ල වෙනුවෙන් වැඩිම ලකුණු රැස් කරගත් හිමාෂ ලියනගේ හතරේ පහර 2ක් සමඟ පන්දු 49ක දී ලකුණු 29ක් වාර්තා කරගත්තා. අවසානයේ දී ගාල්ල කණ්ඩායම පන්දුවාර 34කුත් පන්දු 4ක් අවසානයේ සියල්ලන්ම දැවී රැස් කරගත්තේ ලකුණු 125ක් පමණයි. දුවිඳු දවා ගත් කඩුලු 4ට අමතරව අශාන් ප්‍රියන්ජන් කඩුලු 2ක් තමන් සතු කරගත්තා.

පිළිතුරු ඉනිම දියත් කළ දඹුල්ල කණ්ඩායම තරගාවලියේ මේ දක්වා ක්‍රීඩා කර තිබූ තරග සියල්ලම පරාජය වී සිටි නමුත් මේ තරගය කඩුලු 5කින් ජයගෙන තරග 7කට පසුව ඔවුන්ගේ පළමු ජය වාර්තා කරගත්තා. එහි දී අශාන් ප්‍රියන්ජන් ලකුණු 31ක් රැස් කරගෙන මේ තරගයේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වෙද්දී, දුශාන් (ලකුණු 28*) සහ සමීර (ලකුණු 26*) නොදැවී පිතිකරණයේ නිරත වෙමින් සිය කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළා.

තරගයේ වීරයා – දුවිඳු තිලකරත්න (දඹුල්ල)


Result


Team Galle
125/10 (33.4)

Team Dambulla
126/5 (24.5)

Batsmen R B 4s 6s SR
Pabasara Waduge b 12 16 0 0 75.00
Ashan Randika c & b 13 19 0 0 68.42
Priyamal Perera c & b 16 35 0 0 45.71
Dhananjaya Lakshan run out () 12 12 0 0 100.00
Himasha Liyanage c & b 29 40 0 0 72.50
Vishad Randika c & b 10 25 0 0 40.00
Jehan Danie b 1 6 0 0 16.67
Kavishka Anjula b 0 2 0 0 0.00
Akila Dananjaya c & b 10 25 0 0 40.00
Nimesh Vimukthi c & b 1 11 0 0 9.09
Chalana de Silva  not out 2 2 0 0 100.00


Extras 19 (b 0 , lb 4 , nb 0, w 15, pen 0)
Total 125/10 (33.4 Overs, RR: 3.71)
Bowling O M R W Econ
Vishwa Fernando 5 1 15 1 3.00
Lahiru Samarakoon 3 0 17 0 5.67
Anuk Fernando 5 0 30 1 6.00
Dilum Sudeera 10 2 21 4 2.10
Lakshan Sandakan 6 0 26 0 4.33
Ashan Priyanjan 4 0 10 2 2.50
Sameera Sandamal 0.4 0 2 1 5.00


Batsmen R B 4s 6s SR
Minod Bhanuka c & b 14 11 0 0 127.27
Lasith Abeyrathne c & b 3 3 0 0 100.00
Pavan Rathnayake  c & b 7 19 0 0 36.84
Ashan Priyanjan lbw b 31 31 0 0 100.00
Lahiru Samarakoon b 13 23 0 0 56.52
Sameera Sandamal not out 26 28 0 0 92.86
Dushan Hemantha not out 28 34 0 0 82.35


Extras 4 (b 0 , lb 1 , nb 1, w 2, pen 0)
Total 126/5 (24.5 Overs, RR: 5.07)
Bowling O M R W Econ
Dhananjaya Lakshan 2 0 16 1 8.00
Kavishka Anjula 4 0 18 1 4.50
Nimesh Vimukthi 6.5 1 44 1 6.77
Chalana de Silva  7 0 29 1 4.14
Akila Dananjaya 5 0 18 1 3.60



>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<