Home Sinhala චරිත් සහ කමිඳුගෙන් නායකත්වයේ ජයග්‍රාහී ඉනිම්

චරිත් සහ කමිඳුගෙන් නායකත්වයේ ජයග්‍රාහී ඉනිම්

National Super League Limited Over Tournament 2022

5221
Dialog-SLC National Super League 2022

චරිත් අසලංක සහ කමිඳු මෙන්ඩිස්ගේ නොදැවුනු ඉනිම්වල උණුසුමත් සමඟින් ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් සංවිධානය කරන National Super League සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (26) පැවති තරගවලින් කොළඹ සහ මහනුවර කණ්ඩායම් ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් වුනා.

එහි දී දඹුල්ල ක්‍රීඩකයන්ට එරෙහිව කඩුලු 7ක ජයග්‍රහණයක් හිමිකර ගැනීමට කොළඹ ක්‍රීඩකයන් ද, යාපනය කණ්ඩායමට එරෙහිව කඩුලු 6ක ජයග්‍රහණයක් හිමිකර ගැනීමට මහනුවර ක්‍රීඩකයන් ද සමත් වුනා.

චරිත් අසලංක කොළඹ කණ්ඩායමේ නායකත්වය දැරූ අතර මහනුවර කණ්ඩායමේ නායකත්වය දැරුවේ කමිඳු මෙන්ඩිස් විසිනුයි.

යාපනය සහ මහනුවර අතර තරගය

කොළඹ සිංහල ක්‍රීඩා සමාජ පිටියේ දී පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනූ මහනුවර නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි යාපනය ක්‍රීඩකයන් කඩුලු 8ක් දැවී ලකුණු 246ක් රැස්කර ගත්තා. ඊට පිළිතුරු ලෙසින් මහනුවර ක්‍රීඩකයන් කඩුලු 4ක් දැවී ලකුණු 247ක් රැස් කළා.

යාපනය ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූයේ ලහිරු තිරිමාන්නයි. ඔහු පන්දු 74කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 56ක් වාර්තා කළා.

ලකුණු 33කට කඩුලු 2ක් දැවී තිබිය දී ජ්‍යෙෂ්ඨ පිතිකරුවෙකු ලෙසින් කණ්ඩායමේ වගකීම භාර ගත් තිරිමාන්න, අර්ධ ශතක දෙකක ලකුණු සබඳතා ගොඩ නැගීමට දායක වුනා. එහි පළමුවැන්න වුනේ නායක ධනංජය ද සිල්වා හා එක්ව තෙවැනි කඩුල්ලට එක් කළ ලකුණු 54ක සබඳතාවයි.

අනතුරුව ඔහු ජනිත් ලියනගේ හා එක්ව සිව්වැනි කඩුල්ලට ලකුණු 71ක සබඳතාවක් ද වාර්තා කළා.

තිරිමාන්නගේ දැවී යෑමෙන් අනතුරුව ජනිත් ලියනගේ පන්දු 63කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 41ක් රැස් කරගෙන සිටිය දී පස්වැනි කඩුල්ල ලෙස දැවී ගියා. පසුපෙළ පිතිකරුවන් ද සමඟින් ඉනිම යාවත්කාලීන කළ සංතුෂ් ගුණතිලක, පන්දු 50කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 45ක් වාර්තා කළා.

22 හැවිරිදි දකුණතින් වේගපන්දු යැවූ නිපුන් රන්සික ලකුණු 41කට කඩුලු 3ක් දවා ගනිමින් නුවර කණ්ඩායම වෙනුවෙන් හොඳම පන්දු යැවීම වාර්තා කළා. ඊට අමතරව අසිත ප්‍රනාන්දු සහ පුලින තරංග අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියා.

ලකුණු 247ක හඹා යන ඉනිමකට පිටියට පිවිසි මහනුවර ක්‍රීඩකයන් කඩුලු 4ක් පමණක් දැවී, තවත් පන්දු 62ක් ඉතිරිව තිබිය දී තරගය ජයග්‍රහණය කිරීමට සමත් වුනා. එහි දී ආරම්භක පිතිකරු නිරෝෂන් දික්වැල්ල සහ නායක කමිඳු මෙන්ඩිස් අර්ධ ශතක රැස් කිරීමට සමත් වුනා.

දික්වැල්ල පන්දු 45කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 69ක් රැස්කර ගත්තා. ඔහු පළමු කඩුල්ලට පැතුම් නිස්සංක හා එක් වෙමින් ලකුණු 105ක සබඳතාවක් ද ගොඩනැගීමට සමත් වීම කැපී පෙනුණා. පැතුම් පන්දු 45කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 32ක් වාර්තා කළා.

කමිඳු මෙන්ඩිස් පන්දු 45කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 57ක් රැස්කර ගත්තා.

පන්දු යැවීමේ දී ශිරාන් ප්‍රනාන්දු ලකුණු 33කට කඩුලු 2ක් දවා ගත්තා.

ලකුණු පුවරුව:

යාපනය කණ්ඩායම – කඩුලු 8ක් දැවී 246 (50): ලහිරු තිරිමාන්න 56, ධනංජය ද සිල්වා 28, ජනිත් ලියනගේ 41, සංතුෂ් ගුණතිලක 45, අසිත ප්‍රනාන්දු 2/51, නිපුන් රන්සික 3/41, පුලින තරංග 2/44.

මහනුවර කණ්ඩායම – කඩුලු 4ක් දැවී 247 (39.4):නිරෝෂන් දික්වැල්ල 69, පැතුම් නිස්සංක 32, කමිල් මිෂාර 34, කමිඳු මෙන්ඩිස් නොදැවී 57, සහන් ආරච්චිගේ නොදැවී 28, ශිරාන් ප්‍රනාන්දු 2/33.


Result


Team Jaffna
246/8 (50)

Team Kandy
247/4 (39.4)

Batsmen R B 4s 6s SR
Sadeera Samarawickrama lbw b Nipun Ransika 18 23 3 0 78.26
Nipun Haggalla  c Kamil Mishara b Asitha Fernando 10 19 0 0 52.63
Lahiru Thirimanne  c Sahan Arachchige b Nipun Ransika 56 74 2 0 75.68
Dhananjaya de Silva c Pathum Nissanka b Kamindu Mendis 28 33 4 0 84.85
Janith Liyanage lbw b Nipun Ransika 41 63 3 1 65.08
Santhush Gunathilake  c Pathum Nissanka b Asitha Fernando 45 50 3 0 90.00
Ishan Jayaratne  b Pulina Tharanga 19 24 0 1 79.17
Shiran Fernando  c Niroshan Dickwella b Pulina Tharanga 0 1 0 0 0.00
Jeffrey Vandersay  not out 16 14 2 0 114.29
Dilum Sudeera  not out 0 0 0 0 0.00


Extras 13 (b 1 , lb 2 , nb 1, w 9, pen 0)
Total 246/8 (50 Overs, RR: 4.92)
Fall of Wickets 1-28 (5.4) Sadeera Samarawickrama, 2-33 (7.4) Nipun Haggalla , 3-87 (17.6) Dhananjaya de Silva, 4-158 (34.1) Lahiru Thirimanne , 5-173 (36.5) Janith Liyanage, 6-173 (36.5) Ishan Jayaratne , 7-206 (44.3) Shiran Fernando , 8-243 (49.4) Santhush Gunathilake ,

Bowling O M R W Econ
Asitha Fernando 10 0 51 2 5.10
Nipun Ransika 8 0 41 3 5.12
Lasith Crosspulle 10 0 37 0 3.70
Kamindu Mendis 5 0 36 1 7.20
Pulina Tharanga 10 0 44 2 4.40
Sahan Arachchige 7 0 34 0 4.86


Batsmen R B 4s 6s SR
Niroshan Dickwella c Dhananjaya de Silva b Shiran Fernando  69 45 7 4 153.33
Pathum Nissanka c Jeffrey Vandersay  b Shiran Fernando  32 45 3 0 71.11
Kamindu Mendis b Nuwan Pradeep  34 52 3 1 65.38
Oshada Fernando b Jeffrey Vandersay  18 17 4 0 105.88
Kamindu Mendis not out 57 45 5 1 126.67
Sahan Arachchige not out 28 35 1 1 80.00


Extras 9 (b 0 , lb 1 , nb 1, w 7, pen 0)
Total 247/4 (39.4 Overs, RR: 6.23)
Fall of Wickets 1-105 (14.2) Niroshan Dickwella, 2-107 (16.4) Pathum Nissanka, 3-136 (21.5) Oshada Fernando, 4-179 (28.6) Kamindu Mendis,

Bowling O M R W Econ
Ishan Jayaratne  6 0 35 0 5.83
Nuwan Pradeep  8 0 65 1 8.12
Dilum Sudeera  3.4 0 23 0 6.76
Dhananjaya de Silva 5 0 35 0 7.00
Shiran Fernando  7 0 33 2 4.71
Jeffrey Vandersay  10 1 52 1 5.20




දඹුල්ල සහ කොළඹ අතර තරගය

කොළඹ පී. සරා ඕවල් පිටියේ දී පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගනිමින් පළමුවෙන් පන්දුවට පහර දුන් දඹුල්ල ක්‍රීඩකයන් සියලුම දෙනා දැවී ලකුණු 143ක් රැස් කර ගත් අතර ඊට පිළිතුරු ලෙසින් කොළඹ ක්‍රීඩකයන් කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 144ක් රැස් කරමින් තරගය ජයග්‍රහණය කළා.

දඹුල්ල ඉනිමේ පළමු පන්දුවෙන්ම කඩුල්ලක් දවා ගත් කොළඹ ක්‍රීඩකයන් ප්‍රතිවාදී ඉනිම පන්දුවාර 40කින් නිමා කළා. එම ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූයේ ලසිත් අබේරත්නයි. ඔහු පන්දු 53කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් ලකුණු 41ක් වාර්තා කරගත්තා.

ලසිත් සහ නායක අශාන් ප්‍රියන්ජන් තෙවැනි කඩුල්ලට ලකුණු 37ක ලකුණු සබඳතාවක් එක් කළ අතර එය දඹුල්ල කණ්ඩායමේ හොඳම ලකුණු සබඳතාව ද වුනා.

අශාන් ප්‍රියන්ජන් පන්දු 25කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 31ක් රැස්කර ගත්තා.

පන්දු යැවීමේ දී වමතින් දඟපන්දු යවන 30 හැවිරිදි ප්‍රභාත් ජයසූරිය ලකුණු 35කට කඩුලු 3ක් දවා ගත්තා. ඊට අමතරව කළණ පෙරේරා සහ චරිත් අසලංක කඩුලු 2 බැගින් දවා ගත්තා.

ප්‍රතිවාදී ලකුණු 144ක ඉලක්කය පහසුවෙන්ම පසු කිරීමට කොළඹ ක්‍රීඩකයන් සමත් වූයේ කඩුලු 7ක් මෙන්ම ඔවුන්ගේ ඉනිමේ තවත් පන්දු 176ක් ඉතිරිව තිබිය දීයි.

එහි දී කැපී පෙනෙන ඉනිමක් ක්‍රීඩා කිරීමට කුසල් මෙන්ඩිස් සමත් වුනා. ඔහු පන්දු 44කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 67ක් රැස්කර ගත්තා. කුසල් හා ධනුශ්ක ගුණතිලක අතර පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 43ක සබඳතාවක් එක් වෙද්දී ඉන් ලකුණු 37ක්ම වාර්තා කරගෙන සිටියේ කුසල් මෙන්ඩිස්. ඒ වන විට ඔහු වැය කර තිබුනේ පන්දු 17ක් පමණයි.

පන්දු 13කට මුහුණ දී සිටි ධනුශ්ක ගුණතිලක ලකුණු 6කට පළමු කඩුල්ල ලෙසින් දැවී ගිය පසු පිටියට පිවිසියේ නායක චරිත් අසලංක. කුසල් සහ චරිත් දෙදෙනා එක්ව දෙවැනි කඩුල්ලට පන්දු 62ක දී ලකුණු 71ක සබඳතාවක් ගොඩ නැගුවා.

තරගය නිමා වන විට නායක චරිත් අසලංක පන්දු 46කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සමඟින් නොදැවී ලකුණු 52ක් රැස් කරගෙන සිටියා.

ලකුණු පුවරුව:

දඹුල්ල කණ්ඩායම – සියලුම දෙනා දැවී 143 (40):ලසිත් අබේරත්න 41, පවන් රත්නායක 19, අශාන් ප්‍රියංජන් 31, කළණ පෙරේරා 2/18, ප්‍රභාත් ජයසුරිය 3/35, චරිත් අසලංක 2/19.

කොළඹ කණ්ඩායම –  කඩුලු 3ක් දැවී 144 (20.4):කුසල් මෙන්ඩිස් 67, චරිත් අසලංක නොදැවී 52.


Result


Team Dambulla
143/10 (40)

Team Colombo
144/3 (20.4)

Batsmen R B 4s 6s SR
Gayan Maneeshan c Kusal Mendis b Kalana Perera 0 1 0 0 0.00
Ron Chandragupta c Danushka Gunathilaka b Kalana Perera 6 20 0 0 30.00
Lasith Abeyrathne st Kusal Mendis b Prabath Jayasuriya 41 53 7 0 77.36
Pavan Rathnayake  c Ashen Bandara b Charith Asalanka 19 29 1 0 65.52
Ashan Priyanjan c Kavindu Nadeeshan b Charith Asalanka 31 25 2 1 124.00
Sonal Dinusha run out (Charith Asalanka) 15 34 1 0 44.12
Anuk Fernando c Kusal Mendis b Sammu Ashan 10 27 0 0 37.04
Duvindu Tillakaratne c Ashen Bandara b Kavindu Nadeeshan 12 29 0 1 41.38
Lakshan Sandajan c Charith Asalanka b Prabath Jayasuriya 4 7 0 0 57.14
Vishwa Fernando not out 1 8 0 0 12.50
Nuwan Thushara lbw b Prabath Jayasuriya 0 7 0 0 0.00


Extras 4 (b 0 , lb 1 , nb 0, w 3, pen 0)
Total 143/10 (40 Overs, RR: 3.58)
Fall of Wickets 1-0 (0.1) Gayan Maneeshan, 2-29 (6.6) Ron Chandragupta, 3-88 (18.6) Pavan Rathnayake , 4-115 (26.2) Ashan Priyanjan, 5-117 (28.4) Sonal Dinusha, 6-131 (34.4) Anuk Fernando, 7-142 (37.2) Lakshan Sandajan, 8-142 (38.1) Duvindu Tillakaratne, 9-143 (39.6) Nuwan Thushara, 10-16 (66) Lasith Abeyrathne,

Bowling O M R W Econ
Kalana Perera 5 0 18 2 3.60
Lahiru Madushanka 5 0 25 0 5.00
Prabath Jayasuriya 10 2 35 3 3.50
Kavindu Nadeeshan 7 0 33 1 4.71
Charith Asalanka 7 0 19 2 2.71
Danushka Gunathilaka 4 2 5 0 1.25
Sammu Ashan 2 0 7 0 3.50


Batsmen R B 4s 6s SR
Danushka Gunathilaka c Ashan Priyanjan b Duvindu Tillakaratne 6 14 1 0 42.86
Kusal Mendis c Pavan Rathnayake  b Lakshan Sandajan 67 44 6 4 152.27
Charith Asalanka not out 52 46 0 0 113.04
Avisha Fernando c Vishwa Fernando b Nuwan Thushara 12 14 2 0 85.71
Dimuth Karunaratne not out 4 6 0 0 66.67


Extras 3 (b 0 , lb 0 , nb 0, w 3, pen 0)
Total 144/3 (20.4 Overs, RR: 6.97)
Fall of Wickets 1-43 (5.1) Danushka Gunathilaka, 2-114 (15.3) Kusal Mendis, 3-129 (18.4) Avisha Fernando,

Bowling O M R W Econ
Vishwa Fernando 2 0 32 0 16.00
Ashan Priyanjan (l 5 1 23 1 4.60
Duvindu Tillakaratne  3 0 15 0 5.00
Sonal Dinusha 1 0 9 0 9.00
Lakshan Sandakan 4 0 24 0 6.00
Nuwan Thushara 2.4 0 19 1 7.92
Anuk Fernando 3 0 22 0 7.33



තරගාවලියේ මීළඟ තරග මේ මස 28 වැනිදාට යෙදී තිබෙනවා. ඒ අනුව දඹුල්ල සහ ගාල්ල කණ්ඩායම් අතර තරගය කොළඹ පී. සරා ඕවල් පිටියේ දී ද, කොළඹ සහ මහනුවර කණ්ඩායම් අතර තරගය කොළඹ එස්. එස්. සී. පිටියේ දී ද පැවැත්වීමට නියමිතයි.

තරගාවලියේ උණුසුම් තොරතුරු දැනගැනීමට රැඳී සිටින්න, ThaPapare.com අප සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<