පළමු අර්ධයේ දක්ෂතා පොලීසියට ජය ගෙන එයි

91
Club Rugby

ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ 11 වැනි සතියේ තරග ඊයේ (14) ආරම්භ විය. ඒ අනුව පොලිස් ක්‍රීඩා සමාජය හා ගුවන් හමුදා ක්‍රීඩා සමාජය අතර තරගය ඊයේ පොලිස් පාක් ක්‍රීඩාංගණයේ දී පැවැත්වූ අතර එම තරගයේ දී ලකුණු 29-12ක් ලෙස ජයග්‍රහණය ලබා ගැනීමට පොලිස් ක්‍රීඩා සමාජය සමත් විය.

පොලිස් ක්‍රීඩා සමාජය පසුගිය සතියේ දී ප්‍රබල තරගයකින් අනතුරුව හැව්ලොක් ක්‍රීඩා සමාජය ලකුණු 34-28ක් ලෙස පරාජය කළ අතර ලකුණු සටහනේ තුන්වැනි ස්ථානය හිමිකරගෙන සිටියහ. 

ධර්මරාජය දිනවීමේ වගකීම ජූඩ්ට!

එළඹෙන 2020 නව රග්බි තරග වාරය සඳහා ධර්මරාජ විද්‍යාලයේ පළමු පෙළ රග්බි කණ්ඩායමේ නායකයා

ගුවන් හමුදා කණ්ඩායම පසුගිය සතියේ දී CR&FC සමාජය සමඟින් තරග වැදුණු අතර එහි දී ඔවුන් පරාජය වූයේ ලකුණු 53-15ක් ලෙසිනි. ඔවුන් ලකුණු සටහනේ 8 වැනි ස්ථානයේ පසුවේ. 

මෙවර තරගාවලියේ පළමු වටයේ දී පොලිස් කණ්ඩායම හා ගුවන් හමුදා කණ්ඩායම අතර පැවති තරගයේ දී ලකුණු 36-15ක් ලෙස ජයග්‍රහණය කිරීමට පොලිස් කණ්ඩායම සමත් විය. 

මෙම තරගය සඳහා ගුවන් හමුදා කණ්ඩායම වෙනස්කම් 10ක් කර තිබුණි. ඒ ක්‍රීඩකයන් කීපදෙනෙකුට සිදු වූ ආබාධ නිසාවෙනි. 

පොලිස් කණ්ඩායම ද වෙනස්කම් කීපයක් සමඟින් තරගය ආරම්භ කළේය. ඔවුන් උදය සංජුල හා කසුන් රාජකරුණා කණ්ඩායමට එක් කර තිබූ අතර උදාර සූරියප්පෙරුම හා සචිත් සිල්වා විවේක ගන්වා තිබුණි. 

තරගයේ ආරම්භයේ දී ම පොලිස් ලකුණු පුවරුව ක්‍රියාත්මක කිරීමට නිසල් සමාධි සමත් විය. ගුවන් හමුදා ආරක්ෂකයින් මඟහැර යමින් තරගයේ තුන්වැනි මිනිත්තුවේ දී ම උත්සාහක දිනුමක් වාර්තා කිරීමට ඔහු සමත් විය. එහි ප්‍රවර්තනය සාර්ථක වූයේ නැත. (පොලිස් 05 – 00 ගුවන් හමුදා)

ගුවන් හමුදා කණ්ඩායම තරගයට අවතීර්ණ වීමට යම් පසුබෑමක් පෙන්වූ අතර පොලිස් කණ්ඩායම නැවතත් ලකුණු පුවරුව ක්‍රියාත්මක කළේ කසුන් රාජකරුණා වාර්තා කළ උත්සාහක දිනුමත් සමඟිනි. ගුවන් හමුදා ඉදිරිපෙළ අසරණ කරමින් උත්සාහක දිනුමක් පිටියෙහි එක් කොනකින් වාර්තා කිරීමට කසුන් සමත් වූ අතර එවර අසීරු ප්‍රවර්තනය සාර්ථක කරගැනීමට යොශාන් පීරිස් සමත් විය. පොලිස් ලකුණු පුවරුව ලකුණු 12ක් දක්වා ඉහල ගොස් තිබුණි. (පොලිස් 12 – 00 ගුවන් හමුදා)

තරගය තුල පොලිස් කණ්ඩායම ප්‍රතිවාදීන්ට ප්‍රබල අභියෝගයක් එල්ල කිරීමට සමත් වූ අතර ගුවන් හමුදා කණ්ඩායම පොලිස් ඉදිරිපෙළ අබිබවා යාමට ගත් උත්සාහයක් සියල්ල ව්‍යර්ථ විය. 

2020 පාසල් රග්බි පිටිය උණුසුම් කරන කාලසටහන එළිදකියි

2020 වර්ෂය සඳහා වන පාසල් රග්බි තරග කාලසටහන නිළ වශයෙන් ප්‍රකාශයට පත්කිරීම ශ්‍රී ලංකා පාසල්

තරගයේ 15 වැනි මිනිත්තුවේ දී පොලිස් කණ්ඩායම වෙනුවෙන් තවත් උත්සාහක දිනුමක් වාර්තා කිරීමට ශාන් අකිල සමත් විය. දක්ෂ පන්දු පිරිනැමීමක් සාර්ථකව සීමා ඉර පසුකර පතිත කිරීමට ඔහු සමත් වූ අතර පොලිස් ලකුණු පුවරුව ලකුණු 17ක් දක්වා ඉහල ගොස් තිබුණි. යොශාන් පීරිස් අමතර ලකුණු දෙක ද එක් කරමින් ලකුණු පුවරුව ලකුණු 19ක් දක්වා ඉහල දැමීමට සමත් විය. (පොලිස් 19 – 00 ගුවන් හමුදා)

තරගයේ 20 වැනි මිනිත්තුවේ දී පොලිස් කණ්ඩායමට දඬුවම් පහරක් මඟින් ලකුණු රැස් කිරීමට අවස්ථාව උදා වූ අතර යොශාන් පීරිස් සාර්ථකව පන්දුව ගෝල කණු අතරින් යවමින් තවත් ලකුණු 3ක් කණ්ඩායමට එක් කළේය. (පොලිස් 22 – 00 ගුවන් හමුදා)

 ගුවන් හමුදා කණ්ඩායමට තවත් අභියෝගයක් එල්ල කරමින් එම කණ්ඩායමේ ලහිරු උදයංග හට කහ කාඩ්පතක් නිකුත් කිරීමට විනිසුරුවන් තීරණය කළේ අනතුරුදායක වැළැක්වීමක් නිසාවෙනි. 

එම කහ කාඩ්පත නිසා ගුවන් හමුදා කණ්ඩායම ක්‍රීඩකයන් 14කට අඩු වූ අතර ඉන් උපරිම ප්‍රයෝජනය ගැනීමට පොලිස් කණ්ඩායම සමත් විය. 

තරගයේ 30 වැනි මිනිත්තුවේ දී පොලිස් ක්‍රීඩක උදය සංජුල පොලිස් කණ්ඩායම වෙනුවෙන් සිව්වැනි උත්සාහක දිනුම වාර්තා කළ අතර ඒ සමඟින් ප්‍රසාද ලකුණක් ද ඔවුන්ට හිමි විය. එහි ප්‍රවර්තනය ද සාර්ථක කර ගත් යොශාන් පීරිස් පළමු අර්ධය නිමා වීමට පෙරම පොලිස් ලකුණු පුවරුව 29ක් දක්වා ඉහල දැමීමට සමත් විය. (පොලිස් 29 – 00 ගුවන් හමුදා)

පළමු අර්ධය නිමා වීමට පෙර ගුවන් හමුදා කණ්ඩායමට තවත් අභියෝගයක් එල්ල කරමින් ඉමේශ් අපොන්සු හට කහ කාඩ්පතක් නිකුත් කළ අතර ඔවුන් පළමු අර්ධය නිමා කළේ ක්‍රීඩකයන් 14 දෙනෙකුගෙනි. 

පළමු අර්ධය: පොලිස් ක්‍රීඩා සමාජය 29 – 00 ගුවන් හමුදා ක්‍රීඩා සමාජය

දෙවන අර්ධය සඳහා ගුවන් හමුදා කණ්ඩායමට වෙනස්කම් කීපයක් සිදු කළ අතර පොලිස් ආක්‍රමණයන් සාර්ථකව ව්‍යර්ථ කිරීම ඔවුන්ගේ අරමුණ වී තිබිණි. 

තරගයේ 55 වැනි මිනිත්තුවේ දී පොලිස් කණ්ඩායමට ප්‍රබල අභියෝගයක් එල්ල කරමින් හශාන් ප්‍රනාන්දු හට කහ කාඩ්පතක් නිකුත් කළ අතර ඉන් ප්‍රයෝජනය ගත් ගුවන් හමුදා කණ්ඩායම තරගයේ තම පළමු උත්සාහක දිනුම වාර්තා කළේය. ඒ තිමිර අමන්ද විසිනි. 

එම උත්සාහක දිනුම වාර්තා වූයේ තරගයේ 62 වැනි මිනිත්තුවේ දී ය. එහි ප්‍රවර්තනය සාර්ථක නොවූ අතර ගුවන් හමුදා කණ්ඩායමට ලකුණු 5කින් සෑහීමකට පත්වීමට සිදු විය. (පොලිස් 29 – 05 ගුවන් හමුදා)

තරගයේ 66 වැනි මිනිත්තුවේ දී පොලිස් ක්‍රීඩක අදීශ හඳුන්පතිරණ හට ද කහ කාඩ්පතක් නිකුත් කළ අතර පොලිස් කණ්ඩායම තරමක පසුබෑමකට ලක්විය. 

ත්‍රිත්ව කණ්ඩායමේ වගකීම නව නායකයෙකුට

2020 අන්තර් පාසල් රග්බි ලීග් තරගාවලිය ඇරඹීමට ඇත්තේ තවත් සති කීපයක් පමණි. තරගකාරීත්වය, උද්වේගකර බව මුසු වූ රග්බි

තරගයේ 72 වැනි මිනිත්තුවේ දී ගුවන් හමුදා කණ්ඩායම වෙනුවෙන් දෙවන උත්සාහක දිනුම වාර්තා කිරීමට ශශික ප්‍රනාන්දු සමත් විය. Rolling Maul අවස්ථාවක් මඟින් එම උත්සාහ දිනුම වාර්තා විය. එහි ප්‍රවර්තනය සාර්ථක කර ගත් ගයන්ත ඉද්දමල්ගොඩ ගුවන් හමුදා ලකුණු පුවරුව ලකුණු 12ක් දක්වා ඉහල දැමීමට සමත් විය. (පොලිස් 29 – 12 ගුවන් හමුදා) 

තරගයේ දෙවන අර්ධයේ දී කිසිදු ලකුණක් වාර්තා කිරීමට පොලිස් කණ්ඩායම සමත් වූුයේ නැත. ගුවන් හමුදා කණ්ඩායම ප්‍රබල ඉදිරිපෙළක් සමඟින් පොලිස් උත්සාහයන් සියල්ල ව්‍යර්ථ කිරීමට සමත් විය. 

තරගයේ නියමිත කාලය අවසන් වූයේ ලකුණු 29-12ක් ලෙස පොලිස් කණ්ඩායමට ජයග්‍රහණය හිමිකර දෙමිනි. 

අවසන් ලකුණු තත්ත්වය: පොලිස් ක්‍රීඩා සමාජය 29 – 12 ගුවන් හමුදා ක්‍රීඩා සමාජය 

Dialog Viu තරගයේ වීරයා: ප්‍රිමේශ් ධනුශ්ක (පොලිස්) 

ලකුණු ලබාගැනීම

  • පොලිස්: නිසල් සමාධි 1T, කසුන් රාජකරුණා 1T, ශාන් අකිල 1T, උදය සංජුල 1T, යොශාන් පීරිස් 3C, 1P
  • ගුවන් හමුදා: තිමිර අමන්ද 1T, ශශික ප්‍රනාන්දු 1T, ගයන්ත ඉද්දමල්ගොඩ 1C

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<