ත්‍රිත්ව කණ්ඩායමේ වගකීම නව නායකයෙකුට

110

2020 අන්තර් පාසල් රග්බි ලීග් තරගාවලිය ඇරඹීමට ඇත්තේ තවත් සති කීපයක් පමණි. තරගකාරීත්වය, උද්වේගකර බව මුසු වූ රග්බි තරගාවලියක් සඳහා දිවයින පුරා ඇති පාසල් මේ වන විටත් සූදානම් වෙමින් සිටී. 

මහනුවර ත්‍රිත්ව විද්‍යාලය මෙවර පාසල් රග්බි ලීග් තරගාවලියේ පළමු කාණ්ඩයේ තරග වදින අතර එම කණ්ඩායමේ නායකත්වය ටෙහාන් කරුණානායක හට හිමිව ඇත. ඔහු සිව්වැනි වසරේ වර්ණලාභී ක්‍රීඩකයෙකි. 

කණ්ඩායමේ ස්ක්‍රම් හාෆ් ක්‍රීඩකයෙකු ලෙස ක්‍රීඩා කරන ටෙහාන් ත්‍රිත්ව ඉදිරිපෙළ සමඟින් ප්‍රබල සංයෝගයක් ගොඩනගාගනු ඇත. පසුගිය වසර කීපය තුල කැපී පෙනෙන දස්කම් දැක්වූ ත්‍රිත්ව කණ්ඩායම මෙවර ප්‍රබල කණ්ඩායමක් සමඟින් තරගාවලියට පිවිස ඇත. වසර 32කට පසුව තම කණ්ඩායමට ලීග් ශූරතාව ලබාගැනීම ඔවුන්ගේ එකම අභිප්‍රායයි.

2020 පාසල් රග්බි පිටිය උණුසුම් කරන කාලසටහන එළිදකියි

2020 වර්ෂය සඳහා වන පාසල් රග්බි තරග කාලසටහන …….

පසුගිය වසරේ දී ත්‍රිත්ව විද්‍යාල කණ්ඩායම ලීග් ශූරතාවයේ හත්වැනි ස්ථානය දිනා ගත් අතර ඔවුන් එක් ලකුණක පරතරයක් ලබාගෙන සිටියහ. නැති වූ කීර්තිය නැවත ලබා ගැනීම සහ ත්‍රිත්ව විද්‍යාලයට ආවේණික වූ සම්භාව්‍ය රග්බි ක්‍රීඩාවට කණ්ඩායම නැවත මෙහෙයවීම ටෙහාන්ගේ ප්‍රබලතම කාර්‍යභාරය වනු ඇත. 

මෙම වසරේ ත්‍රිත්ව කණ්ඩායමේ උපනායකත්වය තිදස් තන්ත්‍රිගේ හට හිමිව ඇති අතර ඔහු තුන්වැනි වසරේ වර්ණලාභීයෙකි. ඔහු ෆ්ලෑන්කර් ක්‍රීඩකයෙකු ලෙස කණ්ඩායමට එක්ව සිටින අතර ඉදිරිපෙළ ශක්තිමත් කිරීම ඔහුගේ ප්‍රබලතම වගකීම වනු ඇත. ස්ක්‍රම් අවස්ථාවන් වලදී මෙන්ම lineout අවස්ථාවල දී ද ඔහුට පැවරෙන කාර්‍යභාරය සුළුපටු නොවේ. 

පසුගිය වසරේ වයස අවුරුදු 20න් පහල සත් සාමාජික රග්බි තරගාවලියේ දී ත්‍රිත්ව විද්‍යාලය ප්‍රබල දස්කම් දැක්වීමට සමත් වූ අතර ඔවුන් එම තරගාවලිය ජයග්‍රහණය කළේ වසර 42කට පසුව වීම විශේෂත්වයකි. ප්‍රබල පසුපෙළක් සමඟින් එම තරගාවලියට පිවිසි ත්‍රිත්ව කණ්ඩායම සියලු ප්‍රතිවාදීන් පහසුවෙන් මෙල්ල කරමින් ශූරතාව දිනා ගැනීමට සමත් විය. 

එම තරගාවලියේ දී ත්‍රිත්ව කණ්ඩායම ඔවුන්ට ආවේණික තරග රටාවට අවතීර්ණ වූ අතර ඔවුන්ගේ හැකියාවන් මනා ලෙස ප්‍රදර්ශනය කිරීමට සමත් විය. 

ත්‍රිත්ව කණ්ඩායමට හා මෙම ක්‍රීඩකයන් දෙදෙනාට ලැබෙන තවත් අභියෝගයක් නම් මෙම වසරේ බ්‍රැඩ්බි කුසලානය දිනා ගැනීමයි. ප්‍රබල රාජකීය කණ්ඩායම හමුවේ එම කුසලානය නැවත තම පාසල වෙත ගෙන ඒම එතරම් පහසු නොවනු ඇත. 

මෙවර බ්‍රැඩ්බි පලිහ සඳහා වන තරග පාසල් රග්බි ලීග් තරගාවලියට පරිබාහිරව පැවැත්වීමට සංවිධායකයන් තීරණය කර ඇති අතර වසරේ තියුණුම රග්බි පලිහ සඳහා වන තරගය සැබවින්ම තරගකාරී හා උද්වේගකර වනු ඇත. 

පාසල් රග්බි C කාණ්ඩයේ කාලසටහන නිකුත්වේ

B කාණ්ඩයට පිවිසීමේ අරමුණින් කණ්ඩායම් ………..

මෙවර රග්බි තරගාවලිය සඳහා ත්‍රිත්ව විද්‍යාලයේ පුහුණුකරු ලෙස හිටපු නවසීලන්ත රග්බි ක්‍රීඩක Rodney So’oialo කටයුතු කරයි. මේ ශ්‍රී ලංකාව තුල ඔහු කණ්ඩායමක පුහුණුකාරීත්වය දරන පළමු අවස්ථාව වේ. 

ත්‍රිත්ව විද්‍යාලයේ පසුපෙළ පුහුණුකරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමේ  හිටපු ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයෙකු වන සාලිය කුමාර කටයුතු කරයි. ත්‍රිත්ව විද්‍යාල කණ්ඩායම තම පළමු තරගය සඳහා සාන්ත තෝමස් කණ්ඩායම සමඟින් එළඹෙන මාර්තු මස 6 වැනිදා පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ දී සහභාගි වීමට නියමිතය. එම තරගය කැනන් ආර්. එස්. ද සිල්වා කුසලානය සඳහා පැවැත්වේ. 

පාසල් රග්බි ලීගයේ B කාණ්ඩයේ තරග කාලසටහන

දිවයින පුරා විහිදී ඇති පාසල් රග්බි කණ්ඩායම් ………

ත්‍රිත්ව විද්‍යාලයේ රග්බි කාලසටහන 

  • මාර්තු 06 – සාන්ත තෝමස් විද්‍යාලය – පල්ලෙකැලේ ක්‍රීඩාංගණය
  • මාර්තු 13 – සාන්ත අන්තෝනි විද්‍යාලය – නිත්තවෙල ක්‍රීඩාංගණය
  • මාර්තු 20 – රාජකීය විද්‍යාලය – රාජකීය විද්‍යාල ක්‍රීඩාංගණය
  • මාර්තු 27 – සාන්ත ජෝසප් විද්‍යාලය – පල්ලෙකැලේ ක්‍රීඩාංගණය
  • අප්‍රේල් 04 – කිංග්ස්වුඩ් විද්‍යාලය – පල්ලෙකැලේ ක්‍රීඩාංගණය

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<