යුද ජය සිහින බිඳ දැමීමට හැව්ලොක් තුරඟුන් සමත් වෙයි!

71

2019/20 ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ දෙවැනි අදියරේ පළමුවැනි සතියේ තවත් තරගයක් ලෙස හැව්ලොක් ක්‍රීඩා සමාජය සහ යුද හමුදා ක්‍රීඩා සමාජය අතර තරගය අද (25) දින හැව්ලොක් ක්‍රීඩා පිටියේ දී නිමාවට පත්විය. එහිදී ලකුණු 45 – 42ක් ලෙස තියුණු ජයග්‍රහණයක් වාර්තා කළේ හැව්ලොක් ක්‍රීඩා සමාජය යි.

පාසල් රග්බි කාලසටහන නිකුත් වෙයි

තරගකාරීත්වය, දක්ෂතාවය, වාසනාව සහ උද්වේගකර බව මුසු වූ අන්තර් පාසල් රග්බි තරගාවලිය …

තරගයේ 06 වැනි මිනිත්තුවේ දී හැව්ලොක් ක්‍රීඩා සමාජය වෙනුවෙන් ක්‍රියාත්මක වූ උමේෂ් මදුශාන් පහසුවෙන් ධවල රේඛාව පසුකර ගියේ තම කණ්ඩායම වෙනුවෙන් ලකුණු පුවරුව ක්‍රියාත්මක කරමිනි. එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට සංදේශ් ජයවික්‍රම සමත් විය. (හැව්ලොක් ක්‍රීඩා සමාජය 07 – 00 යුද හමුදා ක්‍රීඩා සමාජය)

එයට පිළිතුරු වශයෙන් යුද හමුදා ක්‍රීඩා සමාජයේ ෂෙහාන් සිල්වා “Rolling Maul” අවස්ථාවකින් මනා ප්‍රයෝජන ගනිමින් තම කණ්ඩායම වෙනුවෙන් උත්සාහක දිනුමක් වාර්තා කළ අතර එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට චමත් ප්‍රනාන්දු සමත් විය. (හැව්ලොක් ක්‍රීඩා සමාජය 07 – 07 යුද හමුදා ක්‍රීඩා සමාජය)

නැවතත් ක්‍රියාත්මක වූ යුද හමුදා ක්‍රීඩා සමාජයේ ඉසුරු මැදගෙදර, තරගයේ 14 වැනි මිනිත්තුවේ දී තවත් උත්සාහක දිනුමක් වාර්තා කළ අතර එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට නැවතත් චමත් ප්‍රනාන්දු සමත් විය. (හැව්ලොක් ක්‍රීඩා සමාජය 07 – 14 යුද හමුදා ක්‍රීඩා සමාජය)

තම වේගය සහ ශක්තිය හොඳින් භාවිතා කරමින් ක්‍රියාත්මක වූ හැව්ලොක් ක්‍රීඩා සමාජයේ උමේෂ් මදුශාන් තරගයේ 20 වැනි මිනිත්තුවේ දී පහසු උත්සාහක දිනුමක් වාර්තා කළ අතර එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට සංදේශ් ජයවික්‍රම සමත් විය. (හැව්ලොක් ක්‍රීඩා සමාජය 14 – 14 යුද හමුදා ක්‍රීඩා සමාජය)

නැවතත් වේගවත් ධාවනයක යෙදුනු යුද හමුදා ක්‍රීඩා සමාජයේ ඉසුරු මැදගෙදර තරගයේ 22 වැනි මිනිත්තුවේ දී පහසු උත්සාහක දිනුමක් වාර්තා කළ අතර එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට චමත් ප්‍රනාන්දු සමත් විය. (හැව්ලොක් ක්‍රීඩා සමාජය 14 – 21 යුද හමුදා ක්‍රීඩා සමාජය)

හැව්ලොක් ක්‍රීඩා සමාජය වෙනුවෙන් “Scrum” අවස්ථාවකින් මනා ප්‍රයෝජන ගත් ලසිඳු ඉශාන් තරගයේ 29 වැනි මිනිත්තුවේ දී තවත් උත්සාහක දිනුමක් වාර්තා කළ අතර එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට සංදේශ් ජයවික්‍රම සමත් විය. (හැව්ලොක් ක්‍රීඩා සමාජය 21 – 21 යුද හමුදා ක්‍රීඩා සමාජය)

තරගයේ 35 වැනි මිනිත්තුවේ දී විනිසුරුවරයා විසින් හැව්ලොක් ක්‍රීඩා සමාජයට එරෙහිව යුද හමුදාව වෙත පූර්ණ දඬුවම් උත්සාහක දිනුමක් ලබා දුන්නේ පන්දුව ලුහුබඳිමින් ධාවනයක නිරතව සිටි ක්‍රීඩකයෙකු නීති විරෝධීව මෙල්ල කිරීම හේතුවෙනි. (හැව්ලොක් ක්‍රීඩා සමාජය 21 – 28 යුද හමුදා ක්‍රීඩා සමාජය)

තරගයේ පීඩනය තවදුරටත් සත්කාරකයින් මතටම දමමින් යුද හමුදා ක්‍රීඩකයින් නැවතත් ඉදිරියට ඇදෙමින් සිටි අතර හැව්ලොක් ආරක්ෂණය විනිවිද යමින් පහසු උත්සාහක දිනුමක් වාර්තා කිරීමට සුදාරක දික්කුඹුර සමත් විය. චමත් ප්‍රනාන්දු විසින් එහි ප්‍රවර්තනය සාර්ථක කර ගත්තේය. (හැව්ලොක් ක්‍රීඩා සමාජය 21 – 35 යුද හමුදා ක්‍රීඩා සමාජය)

ප්‍රථම අර්ධය: හැව්ලොක් ක්‍රීඩා සමාජය 21 – 35 යුද හමුදා ක්‍රීඩා සමාජය

සම්ප්‍රදායෙහි වෙනසක් සිදු කරමින් බ්‍රැඩ්බි ශූරතාවලියේ දින වෙනසක්

කොළඹ රාජකීය විද්‍යාලය සහ මහනුවර ත්‍රිත්ව විද්‍යාලය අතර වාර්ෂිකව පැවැත්වෙන “බ්‍රැඩ්බි පළිහ”…

දෙවැනි අර්ධය ආරම්භ වූ වහාම තරගයේ 45 වැනි මිනිත්තුවේ දී හැව්ලොක් ක්‍රීඩා සමාජයේ ඉදිරිපෙළ වේගයෙන් ඉදිරියට ඇදුන අතර එම අවස්ථාවෙන් මනා ප්‍රයෝජන ගත් උමේෂ් මදුශාන් තරගයේ තම දෙවන උත්සාහක දිනුම වාර්තා කිරීමට සමත් විය. සංදේශ් ජයවික්‍රම විසින් එහි ප්‍රවර්තනය සාර්ථක කර ගත්තේය. (හැව්ලොක් ක්‍රීඩා සමාජය 28 – 35 යුද හමුදා ක්‍රීඩා සමාජය)

තරගයේ ආක්‍රමණය තමන් සතුකර ගත් හැව්ලොක් ක්‍රීඩා සමාජය වෙනුවෙන් තරගයේ 55 වැනි මිනිත්තුවේ දී රැන්ඩි සිල්වා වේගවත් ධාවනයක නිරත වෙමින් උත්සාහක දිනුමක් වාර්තා කළ අතර එහි ප්‍රවර්තනය අසාර්ථක විය. (හැව්ලොක් ක්‍රීඩා සමාජය 33 – 35 යුද හමුදා ක්‍රීඩා සමාජය)

තරගයේ 63 වැනි මිනිත්තුවේ දී හැව්ලොක් ක්‍රීඩා සමාජය වෙනුවෙන් ක්‍රියාත්මක වූ අස්මීර් ෆජුඩීන්, යුද හමුදා ක්‍රීඩා සමාජයේ පසුපෙළ ආරක්ෂාව විනිවිද යමින් තවත් උත්සාහක දිනුමක් වාර්තා කළ අතර එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට සංදේශ් ජයවික්‍රම සමත් විය. (හැව්ලොක් ක්‍රීඩා සමාජය 40 – 35 යුද හමුදා ක්‍රීඩා සමාජය)

නැවතත් තරගයේ ලකුණු තත්වය සමකරමින් යුද හමුදා ක්‍රීඩා සමාජයේ නායක තුසිත සේනානායක තම කණ්ඩායම වෙනුවෙන් තරගයේ 69 වැනි මිනිත්තුවේ දී උත්සාහක දිනුමක් වාර්තා කිරීමට සමත් විය. ඉසුරු මැදගෙදර විසින් එහි ප්‍රවර්තනය සාර්ථක කර ගත්තේය. (හැව්ලොක් ක්‍රීඩා සමාජය 40 – 42 යුද හමුදා ක්‍රීඩා සමාජය)

එයට පිළිතුරු වශයෙන් තරගයේ 76 වැනි මිනිත්තුවේ දී ක්‍රියාත්මක වූ හැව්ලොක් නායක මිතුන් හපුගොඩ යුද හමුදා ජයග්‍රහණයට තර්ජනයක් එල්ල කරමින් උත්සාහක දිනුමක් වාර්තා කළ අතර එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට සංදේශ් ජයවික්‍රමට නොහැකි විය. (හැව්ලොක් ක්‍රීඩා සමාජය 45 – 42 යුද හමුදා ක්‍රීඩා සමාජය)

බටහිර රග්බි සංගමයේ මුල්පුටුව අලුත් වෙයි

බස්නාහිර පළාත් රග්බි පාපන්දු සංගමයේ සභාපති ලෙස ශ්‍රී ලංකා හිටපු සත් සාමාජික නායක සහ වත්මන්…

අවසන් ලකුණු තත්වය: හැව්ලොක් ක්‍රීඩා සමාජය (7T, 5C) 45 – 42 (6T, 6C) යුද හමුදා ක්‍රීඩා සමාජය

ThePapare.com තරගයේ වීරයා උමේෂ් මදුශාන් (හැව්ලොක් ක්‍රීඩා සමාජය)

ලකුණු රැස්කළ ක්‍රීඩකයින්:

  • හැව්ලොක් ක්‍රීඩා සමාජය උමේෂ් මදුශාන් (3T), ලසිඳු ඉශාන් (1T), රැන්ඩි සිල්වා (1T), අස්මීර් ෆජුඩීන් (1T), මිතුන් හපුගොඩ (1T), සංදේශ් ජයවික්‍රම (5C).  
  • යුද හමුදා ක්‍රීඩා සමාජය ෂෙහාන් සිල්වා (1T), සුදාරක දික්කුඹුර (1T), තුසිත සේනානායක (1T), ඉසුරු මැදගෙදර (2T, 1C), චමත් ප්‍රනාන්දු (4C).

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<