මහේල ජයවර්ධන ලැන්කෂයර් ප්‍රාන්තය සමඟ ගිවිසුම්ගත වෙයි

537
Mahela Jayawardene

එංගලන්තයේ දී පැවැත්වීමට නියමිත “NatWest T20 බ්ලාස්ට්” විස්සයි විස්ස තරගාවලිය සඳහා ශ්‍රී ලාංකික සුපිරි පිතිකරු මහේල ජයවර්ධනගේ සේවය ලබා ගැනීමට ලැන්කෂයර් ප්‍රාන්තය තීරණය කර තිබේ.

අයි.පී.එල් ඉතිහාසයේ දැවැන්තම ජය මුම්බායි ඉන්දියන්ස් පිළට!

ඉන්දියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ දැවැන්තම ජයග්‍රහණය වාර්තා කිරීමට ඊයේ (06) ප්‍රබල මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත් විය.

මහේල මීට පෙර තරග වාරයේ දී සමර්සෙට් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළ අතර පකිස්තානයේ දී සහ නවසීලන්තයේ දී පැවැත්වුණු විස්සයි විස්ස තරගාවලිවල දී කරච්චි කිංග්ස් සහ සෙන්ට්‍රල් ස්ටැග්ස් යන කණ්ඩායම් ද්විත්වය නියෝජනය කර ඇත.

මේ වන විට 39 වැනි වියේ පසුවන මෙම අග්‍රගන්‍ය පිතිකරුවා 2014 වර්ෂයේ දී පැවති විස්සයි විස්ස ලෝක කුසලානය ශ්‍රී ලංකාවට දිනා දීම සඳහා ද විශිෂ්ට දායකත්වයක් ලබා දුන් අතර මේ වන විට ඔහු විස්සයි විස්ස තරගවල දී ලකුණු 5455ක ප්‍රමාණයක් රැස් කරගෙන ඇත. එසේම ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් අතරින් විස්සයි විස්ස ශතක 3ක් රැස් කර ගැනීමට සමත්කම් දක්වා ඇති එකම පිතිකරුවා වන්නේ ද මහේල ජයවර්ධනයි.

“මට ඔහු පිතිකරණයේ යෙදෙන අයුරු දකින තුරු ඉවසිල්ලක් නැහැ” ලැන්කෂයර් ප්‍රධාන පුහුණුකරු ග්ලේන් චැපල් බී.බී.සී. රේඩියෝවට අදහස් දක්වමින් කියා සිටියි. “ඔහු සතුව විස්සයි විස්ස තරග රටාවේ අත්දැකීම් විශාල ප්‍රමාණයක් ගැබ්වී තිබෙනවා, ඒ වගේම ඔහු ලෝකයේ අති විශිෂ්ට නායකත්වයක් සහිත ක්‍රීඩකයෙක්. මට විශ්වාසයි ඔහු ඒ හැම පැත්තෙන්ම අපිට විශාල ශක්තියක් වනු ඇතැයි කියා”

ලැන්කෂයර් කණ්ඩායම 2015 වර්ෂයේ දී මුල් වරට “T20 බ්ලාස්ට්” කිරුළට හිමිකම් කියූ නමුත් අවසන් තරග වාරයේ දී ඔවුන්ට මුල් වටයෙන් ඉදිරියට පැමිණීමට හැකි නොවීය. ජයවර්ධන ලැන්කෂයර් කණ්ඩායම සමඟින් T20 බ්ලාස්ට් තරගාවලිය සඳහා ගිවිසුම්ගත වුනු දෙවැනි ක්‍රීඩකයා බවට පත්වන අතර පකිස්තාන වේග පන්දු යවන ක්‍රීඩක ජුනෙයිඩ් කාන් ද ජූලි 7 වැනිදා සිට සැප්තැම්බර් 2 වැනිදා වනතුරු තම සේවය ලැන්කෂයර් කණ්ඩායමට ලබා දීම සඳහා සූදානමින් පසුවෙයි.

හිටපු ශ්‍රී ලංකා නායක මහේල ජයවර්ධන පවසන පරිදි, “ලැන්කෂයර් කණ්ඩායම ඉතාමත් කීර්තිමත් ඉතිහාසයකට උරුමකම් කියන ප්‍රාන්ත කණ්ඩායමක් ලෙසින් නමක් දිනාගෙන තිබෙනවා. ඒ වගේම ඔවුන් සතුව දක්ෂතා වලින් පිරිපුන් නවක ක්‍රීඩකයින් රැසක්ම සිටිනවා. ඔවුන් සමඟ එක්වී මෙම විස්සයි විස්ස තරගාවලිය තුල බොහෝ දුර ගමනක් යාමට මා මඟ බලමින් සිටිනවා.”

“මේ වන තෙක් මා NatWest T20 බ්ලාස්ට් තරගාවලියක් ජයග්‍රහණය කොට නැහැ, එබැවින් ලැන්කෂයර් කණ්ඩායම නියෝජනය කරමින් එම අභියෝගය ජය ගැනීම මගේ ක්‍රීඩා දිවියේ තවත් එක් සන්ධිස්ථානයක් බවට පත්වේවි.” මහේල ජයවර්ධන වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියි.

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට