Lionel Messi තවත් වාර්තාවක්; Liverpoolට සුපිරි ජයක්

73

ශූරයින්ගේ ලීග් පාපන්දු තරගාවලියේ තෙවැනි තරග දිනය මේ දිනවල පැවැත්වෙනවා. තරගාවලියේ ඉතා වැදගත් තරග කිහිපයක් ඊයෙත් (23) පැවැත්වුණු අතර එම තරග බොහොමයක් ඉතාම උණුසුම් වුනා.

Liverpool කණ්ඩායමට සුපිරි ජයක්.

E කාණ්ඩයෙන් තරග කරන ප්‍රබල Liverpool කණ්ඩායම Alex Oxlade-Chamberlainගේ ගෝල ද්විත්වයේ සහයෙන් Racing Genk ගෝල 4-1ක් ලෙස පරාජය කළා.  

කලකට පසුව Liverpool වෙනුවෙන් තරගයක් ආරම්භ කළ Oxlade-Chamberlain, දෙවන මිනිත්තුවේ සිට ක්‍රියාත්මක වූ අතර Fabinhoගේ පන්දු යොමු කිරීමක් ඔහු අනර්ඝ ලෙස පොළොවට සමාන්තර පන්දුව දැල් ගත කළේ තරගයේ පළමු ගෝලය ලෙසයි.

Genk කණ්ඩායම ද පළමු අර්ධයේ ගෝලයක් වාර්තා කරන්නට උත්සහ කළත් ඔවුන්ගේ එම උත්සහය සාර්ථක වුනේ නැහැ. James Milner පසු කරමින් Mbwana Samatta පන්දුව සිය හිසෙන් දැල වෙත යොමු කළත් විනිසුරු VAR මගින් තීරණය කළේ එම උත්සාහක Offside අවස්ථාවක් බවයි.   

Mbappe නැවතත් වැඩ පෙන්නද්දී Real Madridට පළමු ජයග්‍රහණය

යුරෝපයේ ප්‍රමුඛතම පාපන්දු තරගාවලිය වන ‘UEFA Champions ………..

ඊට සුළු මොහොතකට පසුව Liverpool සිය ලකුණු පුවරුව දෙගුණ කළ අතර  Oxlade-Chamberlain, ගෝල රකින ක්‍රීඩක Gaetan Couckeගේ හිසට ඉහළින් පන්දුව ගෝල රාමුව තුළට එල්ල කළේ සිය දෙවන ගෝලය වාර්තා කරමින්.  

2017 වසරට පසුව Liverpool කණ්ඩායම ශූරයින්ගේ ලීග් තරගාවලියේ පළමු වටයේ එකදු සංචාරක තරගයක් හෝ ජය ගෙන නොතිබීම ඔවුන්ට අමතර පීඩනයක් වුනා.

77 වන මිනිත්තුවේ දී Mohamed Salah, Sadio Mane හට දක්ෂ ලෙස ගෝලයක් සඳහා ඉඩ සකසා දුන් අතර Mane එම අවස්ථාවෙන් තුන්වැනි Liverpool ගෝලය වාර්තා කළා. තරගයේ අවසන් භාගයේ Mohomed Salah තමන්ගේ නමට ද ගෝලයක් ලියා ගැනීමට සමත් වූ අතර Odey 88 වැනි මිනිත්තුවේ දී Genk වෙනුවෙන් හුදකලා ගෝලයක් වාර්තා කළා.

අවසන් ලකුණු තත්වය: Liverpool 04 – 01 Genk

ගෝල වාර්තා කළ ක්‍රීඩකයෝ

  • Liverpool – Oxlade-Chamberlain 2, 57, Mané 77, Salah 87 
  • Genk – Odey 88

Messiගේ තවත් වාර්තාවක්

සුපිරි ක්‍රීඩක Lionel Messi අඛණ්ඩ ශූරයින්ගේ ලීග් තරගාවලි 15ක ගෝල රැස් කළ පළමු ක්‍රීඩකයා ලෙසට ඉතිහාස ගත වෙද්දී, Barcelona ගෝල 2-1ක් ලෙස Slavia Prague පරාජය කළා. 

තරගයේ ආරම්භයේ දී ම ක්‍රියාත්මක වුණු Messi තුන්වැනි මිනිත්තුවේ දී Barcelona පෙරමුණට ගෙන ආවේ Arthurගේ පන්දු පිරිනැමීමක් ප්‍රයෝජනයට ගනිමින්.

50 වැනි මිනිත්තුවේ දී ක්‍රියාත්මක වූ Slavia Prague කණ්ඩායම සෑහෙන උත්සහයකට පසුව තරගයේ ගෝල සම කරන්නට සමත් වුනා. යාර 16 සීමාවේ සිට එල්ල කළ Lukas Masopustගේ පන්දු හුවමාරුව ලබා ගත් Jan Boril එම ගෝලය වාර්තා කළා.  

සුජාන්ගේ දක්‍ෂතා හමුවේ ශ්‍රී ලංකාවෙන් තවත් දුර්වල තරගයක්

2022 FIFA පාපන්දු ලෝක කුසලාන තරගාවලිය හා 2023 …….

Messi ලබා ගත් නිදහස් පහරක් Luis Suarez අලංකාර ලෙස ලබා ගත් අතර ඔහුගේ හරස් පන්දු ප්‍රහාරය Peter Olayinkaගේ වැදී ඉවත ගියේ අවාසනාවන්ත ලෙසයි. 

කෙසේ වෙතත් 57 වැනි මිනිත්තුවේ දී Olayinka අතින් සිදු වූ අතපසුවීමක් නිසා Barcelona කණ්ඩායමට Own ගෝලයක් හිමි වූ අතර එම අවස්ථාව තරගයේ අවසන් ගෝලය වනු ඇතැයි  කණ්ඩායම් දෙකම සිතුවේ නැහැ.

Lukas Masopustගේ ප්‍රහාරය වැළැක්වූ Marc-Andre ter Stegen, Olayinkaගේ උත්සහයක් ද ගෝල රාමුවට ඉහළින් පා කර හැරියේ ඉතා ආසන්න අවස්ථා ද්විත්වයක් නිශ්ප්‍රභ කරමින්.

අවසන් ලකුණු තත්වය: Barcelona 02 – 01 Slavia Prague

ගෝල වාර්තා කළ ක්‍රීඩකයෝ

  • Barcelona – Messi 3′, Olayinka 57′ OG
  • Slavia Prague – Boril 50′

 යොවුන් Chelsea ක්‍රීඩකයින්ගේ ජයග්‍රහණ රැල්ල දිගටම

Michy Batshuayi අවසන් මිනිත්තුවේ වාර්තා කළ ගෝලයෙන් Chelsea කණ්ඩායම ගෝල 1-0ක් ලෙස Ajax පරාජය කරන්නට සමත් වුනා.

Christian Pulisic මේ තරගයේදීත් තරගය සම්පූර්ණයෙන් වෙනස් කරන්නට සමත් වූ අතර දෙවන අර්ධයේ තරගයට පිවිසුණු ඔවුන් ඔහුගේ සගයා වූ Batshuayiට අලංකාර පන්දු යොමු කිරීමක් සිදු කළා. Batshuayi එම අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගත්තේ 86 වැනි මිනිත්තුවේ දී තරගයේ ජයග්‍රාහි ගෝලය වාර්තා කරමින්. 

තරගයේ පළමු අර්ධය ඉතා උණුසුම් වුනා. Ajax කණ්ඩායම 35 වැනි මිනිත්තුවේ දී තමන් තරගයේ පෙරමුණ ගත්තා යැයි සිතුවත් එම බලාපොරොත්තු වැඩි වෙලාවක් පැවතුණේ නැහැ. uincy Promes විසින් Hakim Ziyechගේ හරස් පන්දු යොමු කිරීමක් දැල් ගත කළ නමුත් විනිසුරු VAR යොදාගෙන එම අවස්ථාව Offside බව පවසා සිටියා. 

Ronaldo ගෝල 700ය ඉක්මවා යද්දී Lewandowskiගෙන් තවත් වාර්තාවක්

මේ සති අන්තයේ දී ස්පාඤ්ඤ La Liga තරගාවලිය මෙන්ම …………..

60 වැනි මිනිත්තුවේ දී Promesගේ Corner උත්සහයක් Edson Alvarez විසින් ගෝල රාමුව වෙත යොමු කළත් එම උත්සාහක සාර්ථක වුනේ නැහැ. 

Chelsea කණ්ඩායම ප්‍රබල ආක්‍රමණ ආරම්භ කළේ දෙවන අර්ධයේ අවසන් භාගයේ වීම විශේෂත්වයක්. 73 වැනි මිනිත්තුවේ දී Pulisicගේ ප්‍රහාරයකින් ගෝල රාමුවේ වැදී නැවත පැමිණි පන්දුව Batshuayi යාර හයක සීමාවේ සිට පන්දුව දැල වෙත යොමු කරන්නට උත්සහ කළත් පන්දුව ගෝල රාමුවේ වැදී ඉවත ගියා.  

අවසන් ලකුණු තත්වය: Chelsea 01 – 00 Ajax

ගෝල වාර්තා කළ ක්‍රීඩකයෝ

  • Chelsea – Michy Batshuayi 86′

Inter Milan සිය පළමු ජය වාර්තා කරයි

Borussia Dortmund ගෝල 2-0ක් ලෙස පරාජය කරමින් Inter Milan මෙවර ශූරයින්ගේ ලීග් තරග වාරයේ සිය පළමු ජය වාර්තා කරන්නට සමත් වුනා. Inter ක්‍රීඩක Lautaro Martinez එක් ගෝලයක් වාර්තා කළ අතර ඔහුට දෙවන අර්ධයේ දී දඬුවම් පහරක් මඟ හැරීම ද විශේෂත්වයක්. 

ආර්ජෙන්ටිනා ක්‍රීඩක Lautaro Martinez 22 වැනි මිනිත්තුවේ දී තරගයේ පළමු ගෝලය වාර්තා කළා. Stefan de Vrijගෙන් පන්දුව ලබා ගත් ඔහු එම අලංකාර ගෝලය වාර්තා කළා. කෙසේ වුනත් තරග අවසන් වීමට මිනිත්තු අටක් තිබිය දී ලැබුණු දඬුවම් පහරක් ඔහුට සාර්ථක කර ගන්නට හැකි නොවුණු අතර Roman Buerki එම අවස්ථාව ව්‍යර්ථ කළා.   

කෙසේ වෙතත් 89 වැනි මිනිත්තුවේ දී ක්‍රියාත්මක වුණු Antonio Candreva දෙවන Inter ගෝලයත් වාර්තා කළේ තරගය සම්පූර්ණයෙන්ම තමන්ගේ අතට ගනිමින්.  

අවසන් ලකුණු තත්වය: Borussia Dortmund 00 – 02 Inter Milan

ගෝල වාර්තා කළ ක්‍රීඩකයෝ

  • Borussia Dortmund – Lautaro Martínez 22′, Antonio Candreva 89′

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<