අනපේක්ෂිත යුද හමුදා ප්‍රහාරයෙන් ගුවන් මෙහෙයුම අසාර්ථක වේ

184

දෙවන අර්ධයේ දී තරගයේ රිද්මය සොයා ගත් යුද හමුදා ක්‍රීඩා සමාජය අතිශය තියුණු සටනකින් ගුවන් හමුදා කණ්ඩායම පරාජය කරන්නට සමත් විය.

කොළඹ තුරඟ තරග රග්බි ක්‍රීඩාංගණයේ ඊයේ (17) පස්වරුවේ පැවති තරගයේ ලකුණු තත්ත්වය  සටහන් වුනේ 33-32ක් ලෙසයි. යුද හමුදා කණ්ඩායම උත්සාහක දිනුම් 5ක් වාර්තා කරමින් ඉන් 4ක් ප්‍රවර්තනය කිරීමට සමත් වෙද්දී ගුවන් හමුදා ක්‍රීඩා සමාජය ලකුණු රැස් කළේ උත්සාහක දිනුම් 4ක් ප්‍රවර්තන 3ක් සහ දඬුවම් පහර 2ක් මගිනුයි.

හැව්ලොක් අභියෝගයට මහනුවරින් ප්‍රබල පිළිතුරක්

‘Dialog’ අන්තර් සමාජ රග්බි ලීග් තරගාවලිය යටතේ හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය සහ මහනුවර ක්‍රීඩා සමාජය අතර අද (02) කොළඹ හැව්ලොක් පාක් ක්‍රීඩාංගණයේ දී පැවති…

සත්කාරක යුද හමුදා ක්‍රීඩා සමාජය දීප්තිමත් ඉරු දින පස්වරුවක තරගය ආරම්භ කිරීමත් සමඟ කණ්ඩායම්  දෙකටම නිසි අයුරින් තරගයට අවතීර්ණ වීමට පෙර මිනිත්තු කිහිපයක් අපතේ යැවීමට සිදු විය.

ඒ එකිනෙකාගේ ආරක්ෂක හැකියාව පරීක්ෂා කිරීමට පිටියේ සම්පූර්ණ පළල භාවිත කරමින් ගත කළ කාලයයි. මේ අතර 10 වන මිනිත්තුවේ දී සත්කාරකයන් තරගයේ ලකුණු පුවරුව ක්‍රියාත්මක කළේ උත්සාහක දිනුම් රේඛාවේ වම් කෙළවර සීමාව අසලින්ම පන්දුව පතිත කරන්නට සුධාරක දික්කුඹුර සමත් වීමත් සමඟයි. ගයාන් සාලින්දගේ ප්‍රවර්තන උත්සාහය ගෝල කණු ආසන්නයටම පැමිණිය ද ඒ තුලින් ඇදී ගියේ නැත (යුද හමුදාව 05-ගුවන් හමුදාව 00)

ගුවන් හමුදා කණ්ඩායම තම පිළිතුර සපයන්නට වැඩි කාලයක් ගත නොකළ අතර මිනිත්තු 3කට පසු කණ්ඩායමේ සියල්ලන්ගේම පාහේ දායකත්වයෙන් ප්‍රතිවාදී සීමාවට ගෙන යනු ලැබූ පන්දුව සීමා ඉරෙන් එපිටට තැබුවේ අමිල බණ්ඩාර විසින්. චරිත සෙනෙවිරත්න එය ප්‍රවර්තනය කළා පමණක් නොව තවත් මිනිත්තු 5ක අවෑමෙන් ප්‍රතිවාදීන්ගෙන් පන්දුව සොරා ගෙන කිසිදු බාධාවකින් තොරව උත්සාහක දිනුමක් වාර්තා කිරීමට ද සමත් විය. එමෙන්ම තම උත්සාහක දිනුමට අමතර ලකුණු එක් කරන්නට ද ඔහු අසමත් වුනේ නැත. (යුද හමුදාව 05-ගුවන් හමුදාව 14)

සෙනෙවිරත්න පළමු අර්ධයේ තරුව බවට පත් වුනේ දඬුවම් පහරක් මගින් ගුවන් හමුදා කණ්ඩායමේ ලකුණු වාසිය 12ක් දක්වා ඉහළ දමා ගනිමිනුයි (යුද හමුදාව 05-ගුවන් හමුදාව 17)

සාරක වැරැල්ලගේ ධාවන දක්ෂතා සහ ඔහු භාර දුන් පන්දුව උත්සාහක දිනුමක් බවට පත් කිරීමේ අවසන් කොටස සූරිය ක්‍රිෂාන් විසින් ඉටු කිරීමත් සමඟ ගුවන් හමුදාව තම ආධිපත්‍ය තවදුරටත් වර්ධනය කර ගන්නා ලදි. කෙසේ වෙතත් අවසානයේ චරිත් සෙනෙවිරත්න සොයා අවාසනාව පැමිණියේ ඔහුගේ ප්‍රවර්තනය ගෝල කණුවේ ගැටී ඉවතට යාමත් සමඟයි. (යුද හමුදාව 05-ගුවන් හමුදාව 22)

CR ප්‍රහාරයෙන් පොලිසියට අසාධ්‍යයි

ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ 26 වන තරගය අද (15) කොළඹ ලොන්ග්ඩන් පෙදෙසේ දී පැවති අතර, එම තරගයෙන් ලකුණු 53-13ක් ලෙස පොලිස් ක්‍රීඩා සමාජය පරාජය…

මිනිත්තු 30කට ආසන්න කාලයක් පුරා ප්‍රතිවාදීන්ගේ පහර දීමට ලක්වූ යුද හමුදාවට මානසික සහනයක් සමඟ පළමු අර්ධය අවසන් කිරීමට හැකි වුනේ අවසන් මොහොතේ හිමි වූ දඬුවම් උත්සාහක දිනුමක් සමඟයි.

පළමු අර්ධය : යුද හමුදාව 12 – ගුවන් හමුදාව 22

ලකුණු 10ක් පසුපසින් පළමු අර්ධය අවසන් කළ යුද හමුදාව තම වගකීම් මනාව වටහා ගෙන තරගය නැවත ආරම්භ කළ අතර මිනිත්තු දෙකක ගත වන විට අශේන් බණ්ඩාරගේ සහ අශෝක ජයලාල්ගේ සුසංයෝගයෙන් දර්ශනීය උත්සාහක දිනුමක් වාර්තා කරන්නට ඔවුන්ට හැකියාව ලැබුණි. ගයාන් සාලින්ද  ප්‍රවර්තනය කළේ යුද හමුදාව නැවත තරගයට ගෙන එමින්. (යුද හමුදාව 19 – ගුවන් හමුදාව 22)

තවත් මිනිත්තු කිහිපයක් තුළ නැවතත් ගුවන් හමුදා ආරක්ෂක කලාපය ආක්‍රමණය කළ යුද හමුදාව වෙනුවෙන් සුගත් නානායක්කාර උත්සාහක දිනුම් රේඛාව පසු කරද්දී සාලින්දගේ ප්‍රවර්තනය යළිත් වරක් සාර්ථක විය. (යුද හමුදාව 26-ගුවන් හමුදාව 22)

එතැන් පටන් යුද හමුදාව තරගයේ පාලනය තමන් සතු කර ගත් බවක් දක්නට ලැබුණු අතර ඔවුන් වැඩි කාලයක් ගත කළේ ප්‍රතිවාදී අර්ධය තුලයි. කෙසේ වෙතත් ලකුණු ලබා ගැනීමේ අවස්ථා කිහිපයක් යුද හමුදාව වෙතින් ගිලිහී යද්දී 65 වන මිනිත්තුවේ දී දඬුවම් පහරක් මගින් ගුවන් හමුදා ලකුණු පුවරුව යලි ක්‍රියාත්මක කළ චරිත් සෙනෙවිරත්න ලකුණු වෙනස 1ක් දක්වා අඩු කරන ලදි. (යුද හමුදාව 26 – ගුවන් හමුදාව 25)

ඒ සමඟින් ගුවන් හමුදා කණ්ඩායමට යම් බලාපොරොත්තුවක් එක් වූවා නම් එම බලාපොරොත්තුවට වැඩි ආයුෂ හිමි නොවුනේ නැවතත් ප්‍රතිවාදී ආරක්ෂක ක්‍රීඩකයන් හරහා දිව ගිය අශාන් බණ්ඩාර මෙවර තමන්ගේ නම ඉදිරියේම උත්සාහක දිනුමක් සටහන් කර ගැනීමත් සමඟයි. ගයාන් සාලින්දගේ පා පහරින් පන්දුව නැවතත් ගෝල කණු අතරින් ඇදී යද්දී යුද හමුදා කණ්ඩායමේ ලකුණු වාසිය ද ලකුණු 8ක් දක්වා  වර්ධනය විය. (යුද හමුදාව 33 – ගුවන් හමුදාව 25)

ශ්‍රී ලංකාවේ ලෝක ශූරතා සිහිනයට හොංකොං හරස් වෙයි

පළමු අර්ධය තුළ දැක්වූ ප්‍රබල ප්‍රතිරෝධය මගින් මෙරට ක්‍රීඩාලෝලීන් තුළ බලාපොරොත්තු දල්වන්නට සමත් වුවත්, සත්කාරක හොංකොං කණ්ඩායම හමුවේ තවත් දැවැන්ත පරාජයක…

අවසන් මිනිත්තු කිහිපය තුළ දී ගුවන් හමුදා කණ්ඩායමෙන් දක්ෂ ක්‍රීඩා විලාශයක් දැක ගැනීමට හැකි වූ අතර පන්දු පාලනයේ දී සිදු වූ අත්වැරදී හේතුවෙන් ඔවුන්ගේ ලකුණු ලබා ගැනීමේ බලාපොරොත්තු සිහිනයක් බවට පත් විය. අවසන් මොහොතේ ගිහාන් පෙරේරා ගුවන් හමුදාව වෙනුවෙන් උත්සාහක දිනුමක් වාර්තා කළ අතර චරිත් සෙනෙවිරත්නගේ තෙවන සාර්ථක ප්‍රවර්තනය මගින් වුවද යුද හමුදාව අභිබවා යන්නට ඔවුන්ට හැකි වුනේ නැත.

තරග ප්‍රතිඵලය : යුද හමුදාව 33 – ගුවන් හමුදාව 32

ThePapare.com තරගයේ වීරයා – ගයන්ත ඉද්දමල්ගොඩ

ලකුණු ලබාගත් ක්‍රීඩකයන්

යුද හමුදාව

  • උත්සාහක දිනුම් – සාලින්ද දික්කුඹුර, අශෝක ජයලාල්, සුදත් නානායක්කාර, අශාන් බණ්ඩාර සහ එක් දඬුවම් උත්සාහක දිනුමක්
  • ප්‍රවර්තන – ගයාන් සාලින්ද (4)

ගුවන් හමුදාව

  • උත්සාහක දිනුම් – අමිල බණ්ඩාර, චරිත් සෙනෙවිරත්න, සූරිය ක්‍රිෂාන්, ගිහාන් පෙරේරා.
  • ප්‍රවර්තන – චරිත් සෙනෙවිරත්න (3)
  • දඬුවම් –  චරිත් සෙනෙවිරත්න (2)

 >> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<