CR ප්‍රහාරයෙන් පොලිසියට අසාධ්‍යයි

2361

ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ 26 වන තරගය අද (15) කොළඹ ලොන්ග්ඩන් පෙදෙසේ දී පැවති අතර, එම තරගයෙන් ලකුණු 53-13ක් ලෙස පොලිස් ක්‍රීඩා සමාජය පරාජය කිරීමට CR & FC කණ්ඩායමට හැකි විය.

CH & FC ප්‍රහාරයෙන් නාවිකයෝ මුහුදුබත් වෙති

ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ සත්වැනි සතිය ආරම්භ කරමින් අද (15) කොළඹ තුරඟ තරග පිටියේ දී පැවති තරගයෙන් නාවික හමුදා ක්‍රීඩා සමාජයට එරෙහිව ලකුණු 27-24ක් ලෙස තියුණු ජයක්…

පසුගිය සතියේ දී CR & FC කණ්ඩායම හැව්ලොක් ක්‍රීඩා සමාජය හමුවේ තියුණු තරගයක් ලබා දී ලකුණු 30-35ක් ලෙස පරාජයට පත්වූ අතර, ප්‍රතිවාදී පොලිස් ක්‍රීඩා සමාජය ලකුණු 18-32ක් ලෙස පරාජයට පත්වූයේ යුද හමුදාව හමුවේයි.

සවස 4.00ට පමණ පොලිස් ක්‍රීඩා සමාජය විසින් තරගයේ ආරම්භය ලබා ගන්නා ලදි. තරගය ආරම්භ වී මිනිත්තු 5 වන විට පහසු උත්සාහක දිනුමක් ලබා ගැනීමට CR & FC ක්‍රීඩක අවිශ්ක හීන්පැල්ල සමත් විය. එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට ස්ක්‍රම් හාෆ් ක්‍රීඩක තරින්ද රත්වත්තේ අපොහොසත් විය (CR & FC 05-00 පොලිස්).

තරගයේ 12 වැනි මිනිත්තුවේ දී ක්‍රියාත්මක වූ CR & FC නායක කවිඳු පෙරේරා සිය සඟයන් සමඟින් පොලිස් ක්‍රීඩකයින් හා කරට කර සටන් කරමින් තවත් උත්සාහක දිනුමක් ලබා ගන්නා ලදි. රත්වත්තේ හට පෙර පරිදිම එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට නොහැකි විය (CR & FC 10–00 පොලිස්).

පොලිස් කණ්ඩායම උත්සාහක දිනුමක් ආසන්නයේ සිටිය දී 16 වන මිනිත්තුවේ දී ක්‍රියාත්මක වූ රත්වත්තේ පොලිස් ක්‍රීඩකයින් අතර වූ පන්දු හුවමාරු වළක්වා සිය කණ්ඩායමේ උත්සාහක දිනුම් කනුව වෙතට පන්දු රැගෙන යන ලදි. උත්සාහක දිනුම සම්පූර්ණයෙන්ම සාර්ථකයි. (CR & FC 17–00 පොලිස්)

පොලිස් කණ්ඩායමට දඬුවම් පහර අවස්ථාවක් ලැබුණු අතර එය තරගයේ 23 වැනි මිනිත්තුවේ දී සන්දේශ් ජයවික්‍රම විසින් සාර්ථක කර ගත්තේ පොලිස් පිලේ ලකුණු පුවරුව ක්‍රියාත්මක කරමිනි (CR & FC 17–03 පොලිස්).

CR & FC කණ්ඩායමේ ගයාන් ජයසේකර හට 28 වැනි මිනිත්තුවේ දී කහ කාඩ්පතක් හිමි වූ අතර ඒ අවසරයෙන් පොලිස් කණ්ඩායමට තවත් දඬුවම් පහරක් සාර්ථක කර දීමට සන්දේශ්ට හැකි විය (CR & FC 17–06 පොලිස්).

CR & FC කණ්ඩායම වෙනුවෙන් හෆීස් නූර් ද උත්සාහක දිනුමක් ලබා ගන්නා ලදි. එ් තරගයේ 32 වැනි මිනිත්තුවේ දී වන අතර එහි ප්‍රවර්තනය ද රත්වත්තේ විසින් සාර්ථක කර ගැනීමත් සමඟින් පොලිස් කණ්ඩායමට තවත් තරගයේ පීඩනය එල්ල විය (CR & FC 24–06 පොලිස්).

හැව්ලොක් නායක කවිඳු පොලිස් බල ප්‍රදේශයන් අස්ථාවර කරමින් තවත් උත්සාහක දිනුම් අවස්ථාවක් සාර්ථක කර ගත්තේය. ඒ තරගයේ 34 වැනි මිනිත්තුවේ දී වන අතර එහි පහසු ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට රත්වත්තේ සමත් වූයේ තම කණ්ඩායම තරගය තුල තවදුරටත් පෙරමුණේ තබමිනි (CR & FC 31–06 පොලිස්).

පොලිස් පිල off side ක්‍රීඩා කිරීම නිසා තරගයේ 37 වැනි මිනිත්තුවේ දී හැව්ලොක් පිලට දඬුවම් පහරක් ලැබුණු අතර රත්වත්තේ එම අවස්ථාව පහසුවෙන්ම සාර්ථක කර ගන්නා ලදි (CR & FC 34–06 පොලිස්).

පළමු අර්ධය : CR & FC 34 (5T, 3C,1P) – 06 (2P) පොලිස් ක්‍රීඩා සමාජය

තරගයේ දෙවන අර්ධය ආරම්භ වූයේ පොලිස් කණ්ඩායම අසීරුතාවක සිටි මොහොතකයි. කෙසේ නමුත් පොලිස් ක්‍රීඩා සමාජයේ උදාර සූරියප්පෙරුම තරගයේ 46 වැනි මිනිත්තුවේ දී උත්සාහක දිනුමක් සාර්ථක කර ගනිමින් පොලිසිය තවත් ඉදිරියට රැගෙන ගිය අතර‍ එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට සන්දේශ්ට හැකි විය. (CR & FC 34–13 පොලිස්).

තරගයේ 54 වැනි මිනිත්තුවේ දී ශසාන් මොහොමඩ් උත්සාහක දිනුමක් වාර්තා කර ගත්තේ CR & FC ලකුණු පුවරුව තව දුරටත් ඉහළ නංවාලමිනි. එහි ප්‍රවර්තනය අසාර්ථක විය. (CR & FC 39–13 පොලිස්).

පොලිස් ක්‍රීඩකයින් අතරේ තිබූ පන්දුව ඔවුන්ගේ දුර්වලතාවයක් නිසා CR & FC කණ්ඩායමට හිමි විය. අනතුරුව එයින් උපරිම ඵල නොලාගන්නට නූර් සමත් වූයේ මෙම තරගය තුල ඔහු ලබාගත් දෙවන උත්සාහක දිනුම වාර්තා කරමිනි. එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට රත්වත්තේට හැකි විය (CR & FC 46–13 පොලිස්).

පරාජයේ අළු මතින් ජයග්‍රහණයට සැරසෙන යොවුන් ඇතුන්

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ආසියානු ශූරතා රග්බි තරගාවලියේ පළමු කාණ්ඩයේ ශූරතාව සඳහා ශ්‍රී ලංකාව හා හොංකොං තරග වදින අතර එම තරගාවලියේ දෙවැනි…

තරගයේ අවසන් මිනිත්තු කිහිපය තුල දෙපිල අතරම තියුණු සටනක් තිබුනත් එ් වන විටත් සැලකිය යුතු ලකුණු පරතරයක් සහිතව පෙරමුණේ සිටීමට CR & FC කණ්ඩායමට හැකි විය. එය තවදුරටත් සාක්ෂාත් කළ කෝකිල සමනප්පෙරුම විසින් උත්සාහක දිනුමක් ලබාගත් අතර එහි ප්‍රවර්තනය තහවුරු කිරීමට ශානක කුමාර සමත් වූයේ CR & FC කණ්ඩායමේ ජය තහවුරු කරමිනි.

අවසන් ලකුණු තත්වය : CR & FC 53 (8T, 5C, 1P) – 13 (1T, 1C, 2P) පොලිස් ක්‍රීඩා සමාජය

ThePapare.com තරගයේ වීරයා: සුපුන් වර්ණකුලසූරිය (CR & FC)

ලකුණු ලබා ගැනීම

  • CR & FC (53) – අවිශ්ක හීන්පැල්ල 1T, කවිඳු පෙරේරා 2T, තරින්ද රත්වත්තේ 1T,4C, 1P හෆීස් නූර් 2T, ශසාන් මොහොමඩ් 1T, කෝකිල සමනප්පෙරුම 1T, ශානක කුමාර 1C
  • පොලිස් ක්‍රීඩා සමාජය (13) – උදාර සූරියප්පෙරුම 1T, සන්දේශ් ජයවික්‍රම 1C, 2P

 >> රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<