තරග පාවා දෙන්න මට බලපෑම් කළා

3621

කැනඩාවේ පැවැත්වෙන ග්ලෝබල් විස්සයි විස්ස තරගාවලියේ දී තමන්ට තරග පාවාදීම සඳහා මන්සූර් අක්තාර් බලපෑම් කළ බවට උමර් අක්මාල් චෝදනා කර තිබේ. මන්සූර් අක්තාර් විනිපෙග් හෝක්ස් කණ්ඩායමේ කළමනාකරුවෙකු ලෙස කටයුතු කරන අතර ඔහු තරග කීපයක දී මෙලෙස තරග පාවාදීම සඳහා බලපෑම් කර ඇත. 

හෂීම් අම්ලා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි !

මීට වසර 15 කට පමණ පෙර දකුණු අප්‍රිකාව වෙනුවෙන් ජාත්‍යන්තර ටෙස්ට් පිටියට පිවිසුණු සුපිරි පිතිකරු…

උමර් අක්මාල් ද ග්ලෝබල් විස්සයි විස්ස තරගාවලියේ විනිපෙග් හෝක්ස් කණ්ඩායමේ ක්‍රීඩා කරන අතර තමන්ට මෙසේ බලපෑම් කළ බව ඔහු තරගාවලියේ සංවිධායකයන්ට හා පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ වංචා දූෂණ සෙවීමේ කමිටුවට පැමිණිලි කර ඇත. මෙම සිදුවීම සම්බන්ධයෙන් උමාර් විසින් මන්සූර් හට සෘජුව චෝදනා එල්ල කර තිබීම විශේෂත්වයකි. මන්සූර් පාකිස්තානයේ හිටපු ටෙස්ට් ක්‍රීඩකයෙකු ද වේ. 

පාකිස්තාන ක්‍රිකට් ආයතන ආරංචි මාර්ග ද මෙම වාර්තා සනාථ කර ඇති අතර උමර් විසින් තරගාවලියේ සංවිධායකයන්ට ද මෙලෙස පැමිණිලි කර ඇති බව තහවුරු කර ඇත. මන්සූර් පාකිස්තානය වෙනුවෙන් 1980 හා 1990 කාලයේ දී ටෙස්ට් තරග 19කට හා එක්දින තරග 41කට ක්‍රීඩා කර ඇත. වර්තමානයේ ඔහු ඇමරිකා එක්සත් ජනපදයේ පදිංචිව සිටින අතර මෙම චෝදනා එල්ල වීමත් සමඟ ඔහු මාධ්‍ය වෙත අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කර ඇත. 

පාකිස්තානය ක්‍රිකට් පුහුණුකරුවන් ගෙදර යවයි

පාකිස්තාන ක්‍රිකට් ආයතනය තම පුහුණුකරුවන් වෙනස් කිරීමට තීරණය කර තිබෙනවා…

උමර් අක්මාල් පසුගිය පාකිස්තාන ඕස්ට්‍රේලියා තරග සංචාරය සඳහා ක්‍රීඩා කළ අතර එහි දැක්වූ දක්ෂතා ඔහුට පාකිස්තාන ලෝක කුසලාන සංචිතය නියෝජනය කිරීමට තරම් ප්‍රමාණවත් නොවීය. 

උමර් අක්මාල් මීට පෙර ද රූපවාහිනී සාකච්ඡාවක දී 2015 ලෝක කුසලාන තරගාවලියේ දී හා හොංකොං සුපර් සික්සස් තරගාවලිය අතරතුර දී තරග පාවාදීම සඳහා බලපෑම් එල්ල වූ බව පවසා තිබුණි. 

කෙසේ වෙතත් මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් මෙතෙක් පියවර ගෙන නොමැති අතර මෙම සිදුවීම ජාත්‍යන්තර මාධ්‍ය විසින් ප්‍රධාන තැනක් ලබා දෙමින් වාර්තා කර තිබුණි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<