තියුණු සටනකින් පසු Red Stars සහ Sea Hawksට ජයග්‍රහණ

Super League Pre-Season 2021

230
Ratnam SC v Red Stars FC & Sea Hawks FC v Blue Eagles SC

Super League 2021 පාපන්දු තරගාවලියේ පූර්ව තරග කාලසීමාවට අදාළව අද (16) කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ පැවති තරගවලින් Blue Eagles SC සහ Ratnam SC කණ්ඩායම් පරදා ජයග්‍රහණය කිරීමට Blue Eagles SC සහ Red Stars FC ක්‍රීඩකයන් සමත් වුනා.

Sea Hawks FC – Blue Eagles SC

පෙර තරගයේ ලද ජයග්‍රාහී රිද්මය එලෙසෙම පවත්වා ගනිමින් අද තරගයට අවතීර්ණ වූ Sea Hawks වෙනුවෙන් 3 වැනි මිනිත්තුවේ දී පළමු ගෝලය රැස්කරමින් සාර්ථක ආරම්භයක් ලබා දීමට Sea Hawks ක්‍රීඩක හස්මීර් සමත් වුනා.

එම ගෝලය ලබා ගැනීමෙන් මිනිත්තු කිහිපයකට පසු නැවතත් ක්‍රියාත්මක වූ Sea Hawks ක්‍රීඩක හස්මීර් තරගයේ 9 වැනි මිනිත්තුවේ දී දඬුවම් රාමුවේ සිට අලංකාර පහරක් ගෝලය වෙත එල්ල කරමින් තරගයේ දෙවන ගෝලය රැස්කිරීමට සමත් වුනා.

එම අර්ධය තුළ දී තවත් ගෝල රැස්කිරීමට කණ්ඩායම් ද්විත්වයේම ක්‍රීඩකයන් අසමත් වීම නිසා ගෝල 2-0ක් ලෙස Sea Hawks කණ්ඩායමට වැඩි වාසි ගෙන දෙමින් පළමු අර්ධය නිමා වුනා.

පළමු අර්ධයේ ලද පසුබෑමත් සමඟ දෙවන අර්ධයට පිවිසි Blue Eagles වෙනුවෙන් තරගයේ 53 වැනි මිනිත්තුවේ දී පැති යොමු කිරීමකින් ලද පන්දුවක් හිසින් ගෝලය වෙත යොමු කරමින් මුල්ම ගෝලය රැස්කිරීමට Blue Eagles ක්‍රීඩක ජීවන්ත සමත් වුනා.

එම ගෝලයෙන් පසු තරගයේ සම්පූර්ණ කාලය අවසන් වන තුරුම කිසිදු ගෝලයක් රැස්කිරීමට දෙපිලේම ක්‍රීඩකයන් අසමත් වීම නිසා තරගයේ ජය ගෝල 2-0ක් ලෙස Sea Hawks ක්‍රීඩකයන්ට හිමි වුනා.

අවසන් ලකුණු තත්වය: Sea Hawks FC 2 – 1 Blue Eagles SC

ගෝල රැස්කළ ක්‍රීඩකයින්:

  • Sea Hawks FC: හස්මීර් 3’ & 9’
  • Blue Eagles SC: ජීවන්ත 53’

තවත් පාපන්දු පුවත්:

Ratnam SC – Red Stars FC

තරගයේ 11 වැනි මිනිත්තුවේ දී දඬුවම් රාමුව තුළ සිට ගෝලය වෙත සාර්ථක පහරක් එල්ල කරමින් තරගයේ පළමු ගෝලය රැස්කිරීමට Ratnam ක්‍රීඩක රාජකුමාර් සාන්තන් සමත් වුනා.

තරගය ආරම්භයේ දී ම සිදු වූ පසුබෑමෙන් පසුව තරමක ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශයක් Red Stars ක්‍රීඩකයන්ගෙන් දක්නට ලැබුණු අතර තරගයේ 31 වැනි මිනිත්තුවේ දී ස්මයිල් අබුමේරී ලබා දුන් පන්දුවක් ගෝලය වෙත යොමු කරමින් තරගයේ ගෝල තත්වය සම කිරීමට Red Stars ක්‍රීඩක විජේසිංහ සමත් වුනා.

දෙපිලටම සමබර වූ පළමු අර්ධයෙන් පසු තරගයේ 59 වැනි මිනිත්තුවේ දී ලද දඬුවම් පහරක් සාර්ථක කරගනිමින් සිය කණ්ඩායමට අවශ්‍ය ගෝල පරතරය ලබා දීමට Red Stars ක්‍රීඩක මොහොමඩ් රහමාන් සමත් වුනා.

එම ගෝලයෙන් පසු නැවත ගෝලය වාර්තා කිරීමට කණ්ඩායම් ද්විත්වයම අසමත් වීම නිසාවෙන් තරගයේ ජය ගෝල 2-1ක් ලෙස Red Stars FC ක්‍රීඩකයන්ට හිමි වුනා.

අවසන් ලකුණු තත්වය: Sea Hawks FC 2 – 1 Blue Eagles SC

ගෝල රැස්කළ ක්‍රීඩකයින්:

  • Red Stars FC: විජේසිංහ 31’, මොහොමඩ් රහමාන් 59’
  • Ratnam SC: රාජකුමාර් සාන්තන් 11’

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<