ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය අද (20) ආරම්භ වීමට නියමිතයි. තරගාවලියේ සෙසු තරග ද්විත්වය මේ මස 23 වැනිදා සහ 26 දිනවල පැවැත්වෙන අතර සියලුම තරග පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට යෝජිතයි.
දෙරට ක්‍රීඩකයෝ මේ දක්වා එක්දින ජාත්‍යන්තර තරග 64කදී එකිනෙකා හමුව ඇති අතර එහි දී තරග 30ක ජයග්‍රහණ ශ්‍රී ලංකාව සතු කරගනිද්දී තරග 31ක ජයග්‍රහණ බටහිර ඉන්දීය කොදෙව්වෝ සතු කර ගෙන සිටිනවා. ඉතිරි තරග ත්‍රිත්වය නිමා වී ඇත්තේ විසඳුමකින් තොරවයි.
දෙරට ඉතිහාසයේ පළමු වැනි එක්දින තරගය 1975 පළමු ලෝක කුසලානයේ දී පැවැත්වෙන අතර එම තරගයෙන් කඩුලු 9ක පහසු ජයග්‍රහණයක් බටහිර ඉන්දීය කොදෙව්වෝ ලබා ගන්නවා. ඒ ශ්‍රී ලංකාව ලකුණු 86කට ද දවාලමිනුයි. එය මෙරට ඉතිහාසයේ මංගල එක්දින ජාත්‍යන්තර තරගයයි.
ගෙවී ගිය ඒ වසර 49 තුළ දෙරට ක්‍රීඩකයෝ එක්දින තරගාවලි 9ක දී එකිනෙකා හමු ව ඇති අතර මෙම එක්දින ක්‍රිකට් තරග ඉතිහාසය ආරම්භ වෙන්නේ 1993 වසරේ දී බටහිර ඉන්දීය කොදෙව්වන්ගේ මෙරට සංචාරයෙනුයි.
ශ්‍රී ලංකා – බටහිර ඉන්දීය කොදෙව් එක්දින තරග ඉතිහාසය
සත්කාරකත්වය | වසර | තරගාවලියේ විසඳුම | තරග | |
1 | ශ්‍රී ලංකාව | 1993 | තරග 1-1ක් ලෙසින් විසඳුමක් නෑ. | 3 |
2 | බ. ඉ. කොදෙව් | 1996 | ශ්‍රී ලංකාවට තරග 1-0ක ජයක්. | 1 |
3 | බ. ඉ. කොදෙව් | 1997 | බටහිර ඉන්දීය කොදෙව්වන්ට තරග 1-0ක ජයක්. | 1 |
4 | බ. ඉ. කොදෙව් | 2003 | ශ්‍රී ලංකාවට තරග 2-1ක ජයක්. | 3 |
5 | බ. ඉ. කොදෙව් | 2008 | බටහිර ඉන්දීය කොදෙව්වන්ට තරග 2-0ක ජයක්. | 3 |
6 | ශ්‍රී ලංකාව | 2011 | ශ්‍රී ලංකාවට තරග 2-0ක ජයක්. | 3 |
7 | ශ්‍රී ලංකාව | 2015 | ශ්‍රී ලංකාවට තරග 3-0ක ජයක්. | 3 |
8 | ශ්‍රී ලංකාව | 2020 | ශ්‍රී ලංකාවට තරග 3-0ක ජයක්. | 3 |
9 | බ. ඉ. කොදෙව් | 2021 | බටහිර ඉන්දීය කොදෙව්වන්ට තරග 3-0ක ජයක්. | 3 |
එම තරග ඉතිහාසයේ දෙරට ක්‍රීඩකයෝ එක්දින තරගාවලියක් වෙනුවෙන් නැවත එකිනෙකා හමුවෙන්නේ 2021 වසරට පසුවයි. ඔවුන් අවසන් වරට බටහිර ඉන්දීය කොදෙව් හි දී එකිනෙකා හමුවෙන අතර එහි දී තරග 3-0ක් ලෙසින් ජයග්‍රහණය කිරීමට සත්කාරක කොදෙව් ක්‍රීඩකයෝ සමත් වෙනවා.
බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයෝ මෙරට සංචාරයක යෙදෙන්නේ ද වසර 4කට පසුව වන අතර අවසන් වරට ඔවුන් මෙරට පැමිණි අවස්ථාවේ දී තරග 3-0ක පරාජයකට මුහුණ දීමට සිදු වෙනවා.
මේ එතැන් සිටයි..,
ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක චරිත් අසලංක මේ දක්වා එක්දින තරග 3ක දී ශ්‍රී ලංකාව මෙහෙයවමින් අපරාජිත නායකයෙක් ලෙසිනුයි මෙම තරගාවලිය හා එක් වෙන්නේ. ඔහු මේ වසරේ අගෝස්තු මාසයේ දී කොළඹ දී නිමා කරන ලද ඉන්දියාව සමඟ තරගාවලියේ දී තරග 2ක ජයග්‍රහණයන් ද සහ අනෙක් තරගය කඩුලු සමවීමෙන් ද අවසන් කරනවා.
එමෙන් ම ඔහු නිමා කරන ලද බටහිර ඉන්දීය කොදෙව්වන් හා සමඟ තරගාවලිය ද 2-1ක් ලෙසින් ජයග්‍රහණයෙන් කෙළවර කිරීමට සමත් වෙනවා. ඔහු මෙම තරගාවලියට එක් වෙද්දී ජාත්‍යන්තර එක්දින ලකුණු 2000ක් ලබා ගැනීමට තවත් ලකුණු 33ක් මෙපිටිනුයි සිටින්නේ.
මෙම කණ්ඩායම නම් කිරීමේ දී මෙතෙක් විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 2කට පමණක් ක්‍රීඩා කර ඇති තුන් ඉරියව් යොවුන් ක්‍රීඩක 22 හැවිරිදි වියේ පසුවෙන චමිඳු වික්‍රමසිංහ ද එක් කර තිබෙනවා.
ශ්‍රී ලංකා එක්දින සංචිතය
චරිත් අසලංක (නායක), අවිශ්ක ප්‍රනාන්දු, පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, කමිඳු මෙන්ඩිස්, ජනිත් ලියනගේ, සදීර සමරවික්‍රම, නිශාන් මධුශ්ක, දුනිත් වෙල්ලාලගේ, වනිඳ හසරංග, මහීෂ් තීක්ෂණ, ජෙෆ්රි වැන්ඩර්සේ, චමිඳු වික්‍රමසිංහ, අසිත ප්‍රනාන්දු, ඩිල්ශාන් මධුශංක සහ මොහොමඩ් ශිරාස්.
- Abu Dhabi T10 තරගාවලියට ශ්‍රී ලංකාවෙන් 21ක්!
- ශ්‍රී ලංකාව ඇෆ්ගනිස්තානය හමුවේ පසු බසී
- චාමික සහ අකිල ඉවතට; චමිඳු එක්දින සංචිතයට කැඳවයි
- ශ්‍රී ලංකාවට ඓතිහාසික තරගාවලි ජයක්!
- Lanka T10 පළමු තරගාවලිය එළඹෙන දෙසැම්බර් මාසයේ දී
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ නායකත්වය හිමි ව ඇත්තේ 30 වැනි වියේ පසුවෙන Shai Hope වෙතයි. එක්දිත ජාත්‍යන්තර තරග 124ක දී ශතක 16ක් සමඟින් ලකුණු 5177ක් ලබා ඇති Shai Hope ශ්‍රී ලංකාව සමඟින් මෙතෙක් එක්දින තරග 10කට ක්‍රීඩා කරමින් ශතක 2ක් සමඟින් ලකුණු 575ක් ලබා සිටිනවා. එහි සාමාන්‍ය ලෙසින් දැක්වෙන්නේ 57.5ක්.
කණ්ඩායමේ උප නායකත්වය නම් කර ඇති දකුණතින් වේග පන්දු යවන Alzarri Joseph ගේ එක්දින දක්ෂතාවන් ලෙසින් සැලකෙන්නේ තරග 68ක දී ලබා ගන්නා ලද කඩුලු 111ක්.
කණ්ඩායම නම් කිරීමේ දී මෙතෙක් එක්දින වරම් පමණක් හිමි ව නොමැති 25 වැනි වියේ පසුවෙන දකුණතින් වේග පන්දු යවන Shamar Joseph එක් ව 17 වැනි වියේ පසුවෙන කෝඩුකාර ඉදිරි පෙළ පිතිකරු Jewel Andrew ද මෙම කණ්ඩායමට නවකයන් ලෙසින් එක් කර තිබෙනවා.
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් සංචිතය
Shai Hope (නායක), Alzarri Joseph (උප නායක), Jewel Andrew, Alick Athanaze, Keacy Carty, Roston Chase, Matthew Forde, Shamar Joseph, Brandon King, Evin Lewis, Gudakesh Motie, Sherfane Rutherford, Jayden Seales, Romario Shepherd, Hayden Walsh
ශ්‍රී ලංකා – බටහිර ඉන්දීය කොදෙව් එක්දින තරග ඉතිහාසයේ සුවිශේෂී කඩඉම්
360/4 (50.0): බටහිර ඉන්දීය කොදෙව්වෝ 1987 වසරේ දී Karachi නගරයේ දී වාර්තා කරන ලද මෙම ලකුණු සංඛ්‍යාව දෙරට ඉතිහාසයේ කණ්ඩායමක් ලබා ගත් ඉහළ ම ලකුණු සංඛ්‍යාවයි.
345/8 (50.0): ශ්‍රී ලංකාව 2020 වසරේ දී සූරියවැව දී ලබා ගත් මෙම ලකුණු සංඛ්‍යාව බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහි ව ලබා ගත් වැඩිම ලකුණු සංඛ්‍යාවයි.
55/10 (28.3): ශ්‍රී ලංකාව 1986 වසරේ දී Sharjah ක්‍රීඩාංගණයේ දී දැවී ගිය මෙම ලකුණු සංඛ්‍යාව දෙරට ඉතිහාසයේ කණ්ඩායමක් ලබා ගත අඩුම ලකුණු සංඛ්‍යාවයි.
80/10 (30.4): බටහිර ඉන්දීය කොදෙව්වෝ 2006 වසරේ දී Brabourne හි දී දැවී ගිය මෙම ලකුණු සංඛ්‍යාව ශ්‍රී ලංකාවට එරෙහි ව ලබා ගත් අඩු ම ලකුණු සංඛ්‍යාවයි.
662: බටහිර ඉන්දීය කොදෙව්වන් (333/7) සහ ශ්‍රී ලංකාව (329/10) එක් ව 1995 වසරේ දී Sharjah ක්‍රීඩාංගණයේ දී ලබා ගන්නා ලද මෙම ලකුණු සංඛ්‍යාව දෙරට ඉතිහාසයේ කණ්ඩායම් 2 එක් ව ලබා ගත් වැඩිම ලකුණු සංඛ්‍යාවයි.
161 Runs: දෙරට තරග ඉතිහාසයේ වැඩිම පරතරයකින් ජයග්‍රහණය කළ තරගය ලෙසින් සැලකෙන්නේ 2020 වසරේ දී හම්බන්තොට දී මෙරට ක්‍රීඩකයෝ ලත් මෙම ජයග්‍රහණයයි.
181: බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක Vivian Richards 1987 වසරේ දී Karachi නුවර දී ලබා ගන්නා ලද මෙම ලකුණු සංඛ්‍යාව දෙරට ඉතිහාසයේ ක්‍රීඩකයෙක් විසින් ලබා ගන්නා ලද ඉහළ ම ලකුණු සංඛ්‍යාව වේ.
132: අවිශ්ක ගුණවර්ධන 2000 වසරේ දී Nairobi පිටියේ දී ලබා ගන්නා ලද මෙම ලකුණු සංඛ්‍යාව මෙරට ක්‍රීඩකයන් විසින් ලබා ගන්නා ලද ඉහළ ම ලකුණු සංඛ්‍යාව වේ.
6/14 (9.0): ෆර්වීස් මහරූෆ් විසින් 2006 වසරේ දී කොළඹ, ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පෑ මෙම දක්ෂතාව දෙරට ක්‍රීඩකයන් අතුරින් පන්දු යවන්නෙක් පෑ ඉහළ ම දක්ෂතාවයි.
5/01 (4.3): බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක Courtney Walsh විසින් 1986 වසරේ දී Sharjah ක්‍රීඩාංගණයේ දී පෑ මෙම දක්ෂතාව බටහිර ඉන්දීය කොදෙව් පන්දු යවන්නෙක් විසින් ශ්‍රී ලංකාවට එරෙහි ව පෑ ඉහළ ම දක්ෂතාවයි.
239: කුසල් මෙන්ඩිස් සහ අවිශ්ක ප්‍රනාන්දු එක් ව 2020 වසරේ දී සූරියවැව දී 3 වැනි කඩුල්ලට ලබා ගන්නා ලද මෙම ලකුණු ප්‍රමාණය දෙරට ඉතිහාසයේ ඕනෑ ම කඩුල්ලක් සඳහා වන ඉහළ ම ලකුණු සංඛ්‍යාවයි.
192: බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ Evin Lewis සහ Shai Hope විසින් 2021 වසරේ දී 1 වැනි කඩුල්ලට ලබා ගන්නා ලද මෙම ලකුණු සංඛ්‍යාව ශ්‍රී ලංකාවට එරෙහි ව වාර්තා කරන ලද ඕනෑ ම කඩුල්ලකට එරෙහි ව ලබා ගන්නා ලද ඉහළ ම ලකුණු සංඛ්‍යාවයි.
බටහිර ඉන්දීය කොදෙව්වන්ගේ මෙරට සංචාරයේ උණුසුම් තතු විත්ති සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<