අනපේක්ෂිත චීන තායිපේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාව ආරක්ෂිතයි!

96

ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ දෙවැනි අදියරේ පළමු දිනයේ තම දෙවැනි තරගය ශ්‍රී ලංකාව ක්‍රීඩා කළේ චයිනිස් තායිපේ කණ්ඩායමට එරෙහිවයි. එහි දී ලකුණු 26-17ක් වශයෙන් ජයග්‍රහණය අත්කර ගන්නට ශ්‍රී ලංකාව සමත් විය.

ශ්‍රී ලංකාව කොරියානු ආරක්ෂාව බිඳ දමයි

ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ දෙවැනි අදියරේ පළමු දිනය අද (14) චීනයේ හුයිශෝ නුවර දී ආරම්භ වූ අතර එහි දී ශ්‍රී ලංකා

තරගය ආරම්භ වූ මොහොතෙම කෙවින් ඩික්සන් චයිනිස් තායිපේ ආරක්ෂාව පසුකොට යමින් තරගයේ ප්‍රථම උත්සාහක දිනුම වාර්තා කළේය. පළමු විනාදියේ දී ම එවැනි උත්සාහක දිනුමක් වාර්තා කරමින් තරගයේ පීඩනය ප්‍රතිවාදී කණ්ඩායම දෙසට හැර වීමට ශ්‍රී ලංකාව සමත් විය.

නමුත් ශ්‍රී ලංකාව නොසිතු ලෙස ක්‍රියාත්මක වූ චයිනිස් තායිපේ ක්‍රීඩකයින් තරගයේ තුන්වැනි හා හයවැනි විනාඩියේ දී උත්සාහක දිනුම් දෙකක් හා ප්‍රවර්තනයක් වාර්තා කර ගත් අතර ශ්‍රී ලංකාව අත තිබූ තරගය කෙමෙන් කෙමෙන් ගිලිහී යන ආකාරයක් දක්නට ලැබුණි.

ශ්‍රී ලංකා කාන්තා පළමු දිනය අසාර්ථකයි

ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ දෙවැනි අදියරේ පළමු දිනය අද (14) චීනයේ හුයිශෝ නුවර දී ආරම්භ වූ අතර එහි දී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ තරගය

ආසියානු සත් සාමාජික තරගාවලිය පුරාවටම විශිෂ්ට දස්කම් පෑ ජනිඳු දිල්ශාන් ශ්‍රී ලංකාවේ ගැලවුම්කරුවා වෙමින් ප්‍රථම අර්ධය අවසානයේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් උත්සාහක දිනුමක් වාර්තා කර ශ්‍රී ලංකාව ඉදිරියෙන් තබන්නට කටයුතු කළේය.

ප්‍රථම අර්ධය‍: චයිනිස් තායිපේ 12 – 14 ශ්‍රී ලංකාව 

දෙවැනි අර්ධය ආරම්භ වුවත් කණ්ඩායම් දෙකම ආරක්ෂාකාරීව ක්‍රීඩා කරමින් සිටි අතරතුර ක්ෂණයකින් ක්‍රියාත්මක වූ සුධාරක දික්කුඹුර පන්දුව ජේසන් දිසානායක අතට පත් කළ අතර ජේසන් ශ්‍රී ලංකාව වෙනුවෙන් තවත් උත්සාහක දිනුමක් වාර්තා කළේ ශ්‍රී ලංකාවේ ලකුණු තත්වය ලකුණු 19ක් ලෙස ඉහළ දමමිනි.

පසුව තරගයේ 12 වැනි විනාඩියේ දී නැවතත් ක්‍රියාත්මක වූ ජනිඳු දිල්ශාන් ශ්‍රී ලංකාවේ ජයග්‍රහණය සනිටුහන් කරමින් තවත් උත්සාහක දිනුමක් වාර්තා කළේය. නමුත් තරගයේ අවසන් විනාඩියේ දී චයිනිස් තායිපේ කණ්ඩායම තවත් උත්සාහක දිනුමක් වාර්තා කළ අතර එය ශ්‍රී ලංකා ලකුණු තත්වය පසු කර යාමට ප්‍රමාණවත් නොවිණි.

අවසන් ලකුණු තත්වය‍: චයිනිස් තායිපේ 12 – 26 ශ්‍රී ලංකාව 

19න් පහළ සත් සාමාජික රග්බි තරගාවලිය නුවරට!

සමස්ත ලංකා අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ සත් සාමාජික රග්බි තරගාවලිය සැප්තැම්බර් මස 21 හා 22 යන දෙදින තුළ දී පැවැත්වීමට

  • ශ්‍රී ලංකාව කොරියානු ආරක්ෂාව බිඳ දමයි

ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ දෙවැනි අදියරේ පළමු දිනය අද (14) චීනයේ හුයිශෝ නුවර දී ආරම්භ වූ අතර එහි දී ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු තරගය පැවැත්වුණේ ප්‍රබල දකුණු කොරියාවට එරෙහිවයි. එම තරගයෙන් ලකුණු 28-05ක් වශයෙන් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

තරගය ආරම්භ වූ මොහොතේ පටන් ශ්‍රී ලංකා කණ්ඩායම ආක්‍රමණශීලී ලෙස පන්දුව තම අත තබා ගනිමින් ක්‍රීඩා කළ අතර කනිෂ්ඨ ක්‍රීඩකයින් තමන්ගේ උපරිම වෙර යොදා ක්‍රීඩා කරන ආකාරයක් දක්නට ලැබුණි. එහි දී තරගයේ තුන්වැනි විනාඩියේ දී ජනිඳු දිල්ශාන් තරගයේ ප්‍රථම උත්සාහක දිනුම වාර්තා කළේය.

තරගයේ හතරවැනි විනාඩියේ දී කොරියානු ක්‍රීඩකයින් ශ්‍රී ලංකා ආරක්ෂණයට තර්ජනයක් එල්ල කරමින් ඉදිරියට අදින අතර එතුළින් උත්සාහක දිනුමක් වාර්තා කරන්නට ඔවුන්ට හැකි විය. එසේම විනිසුරුතුමන් කෙවින් ඩික්සන්ට කහ කාඩ්පතක් නිකුත් කළේ ශ්‍රී ලංකා බල ඇණිය 6 දෙනෙකුට සීමා කරමින්.

නමුත් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පන්දුව හොඳින් ග්‍රහණය කරමින් ඉදිරියට ඇදුණ අතර ජේසන් දිසානායක ශ්‍රී ලංකාවේ දෙවැනි උත්සාහක දිනුම වාර්තා කළේ තරගයේ හත්වැනි විනාඩියේ දී ය.

පළමු අර්ධය: ශ්‍රී ලංකාව 14 – 05 කොරියාව 

දෙවැනි අර්ධයේ දී ද ශ්‍රී ලංකා කණ්ඩායම ඉතා හොඳින් තරගයට අවතීර්ණ වෙමින් ක්‍රීඩා කළ අතර කොරියාවට කිසිදු අවස්ථාවක් නොදෙමින් තරගයේ සුක්කානම තම අතම තබා ගන්නට වග බල ගත්තේය.

දිසා අධිකරණයෙන් නොලැබුණු තීන්දුව ගන්න ආනන්දයින් ශ්‍රේෂ්ඨාධිකරණයට

2019 මයිලෝ ප්‍රිමියර් කුසලාන පිළිමළුන් පිටුදැකීමේ තරගාවලියේ අවසන් මහා තරගය අද (11) තර්ස්ටන් විදුහල හා ලුම්බිණි විදුහල අතර

තරගයේ 8 වැනි විනාඩියේ දී හා 12 වැනි විනාඩියේ දී කෙවින් ඩික්සන් සහ ජනිදු දිල්ශාන් ශ්‍රී ලංකාව වෙනුවෙන් උත්සාහක දිනුම් දෙකක් රැස් කළහ.

කොරියාව ද කොතෙක් උත්සහ කළත් ඔවුන්ට ශ්‍රී ලංකා ආරක්ෂණය අභිබවා යාමට නොහැකි විය.

අවසන් ලකුණු තත්වය: ශ්‍රී ලංකාව 28 – 05 කොරියාව 

ශ්‍රී ලංකාවේ මීළඟ තරගය චයිනීස් තායිපේට එරෙහිව ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 3.08ට ආරම්භ වීමට නියමිතයි.

ශ්‍රී ලංකාවේ මීළඟ තරගය ප්‍රබල චීනයට එරෙහිව ශ්‍රී ලංකා වේලාවෙන් හෙට (15) උදෑසන 10.04ට ආරම්භ වීමට නියමිතයි.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<