ශ්‍රී ලංකා A කණ්ඩායමේ සුක්කානම ධනංජය ද සිල්වා අතට

1958
Dhananjaya De Silva to lead Sri Lanka ‘A’ translated

ලබන 17 වැනිදා සිට එංගලන්ත ලයන්ස් කණ්ඩායම සමඟින් පැවැත්වීමට නියමිත  ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා A කණ්ඩායම මෙහෙයවීමේ වගකීම ශ්‍රී ලංකා දකුණත් පිතිකරු ධනංජය ද සිල්වාට හිමි වී ඇත.

දේශීය පිටියේ ප්‍රමුඛයින්ට එංගලන්ත සිංහයින්ගෙන් රතු එළියක්

ජාත්‍යන්තර තරග අත්දැකීම් අතින් අඩු වූවත් දේශීය පිටියේ මනා පළපුරුද්දක් සහිත ක්‍රීඩකයින් රැසකින් සමන්විත ශ්‍රී ලංකා සභාපතිවරයාගේ කණ්ඩායමට අද (12) සංචාරක එංගලන්ත ලයන්ස් කණ්ඩායම හමුවේ සාර්ථක වීමට හැකි වූයේ නැත.

දකුණු අප්‍රිකාව සමඟින් නිමාවූ ටෙස්ට් තරගාවලියේ දී ධනංජය සිල්වාට රැස් කර ගැනීමට හැකි වූයේ ලකුණු 125ක් පමණක් වූ අතර ඔහුගේ ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යය 20.83ක් ලෙස සටහන් විය. එක්දින සහ විස්සයි විස්ස තරගාවලි වල දී ද ඔහුගේ ලකුණු සාමාන්‍යය පිළිවෙලින් 16.00ක් සහ 12.20ක් වශයෙන් පැවතිනි. නුදුරේදීම ආරම්භ වීමට නියමිත ඕස්ට්‍රේලියානු විස්සයි විස්ස තරගාවලියේ ස්ථානය අහිමි වීමෙන් අනතුරුව නැවතත් තම රිද්මය සොයා යෑම සඳහා ධනංජය ද සිල්වාට මෙම තරගාවලිය පහුරක් කර ගත හැකිය.

දකුණු අප්‍රිකානුවන්ට එරෙහිව ලකුණු 128ක් පමණක් රැස් කල දිමුත් කරුණාරත්නට ද තරග 2කින් සමන්විත මෙම සිව්දින තරගාවලියේ දී නැවතත් ලකුණු අතරට පිවිසීමේ අවස්ථාවක් තේරීම් කමිටුව විසින් උදාකර දී ඇත. රාගම ක්‍රිකට් සමාජය වෙනුවෙන් පසුගිය කාලයේ සුපිරි දක්ෂතා ප්‍රදර්ශනය කල දේශීය පිටියේ නමගිය ක්‍රීඩකයින් දෙපළක් වන උදාර ජයසුන්දර සහ රොෂේන් සිල්වා ද, 15 දෙනෙකුගෙන් සමන්විත මෙම සංචිතයේ තමන්ට හිමි විය යුතු ස්ථාන දිනාගෙන ඇත්තේ දකුණු අප්‍රිකාව සමගින් නොබෝදා නිමාවූ එක්දින තරගාවලිය තුල දී ජාත්‍යන්තර වරම් හිමි කර ගත් සඳුන් වීරක්කොඩි ද කණ්ඩායමේ කඩුලු රකින්නා ලෙස අවස්ථාව ලබා ගන්නා අතරතුරේදීයි.

තවමත් යොවුන් වියේ පසුවන දක්ෂ ක්‍රීඩකයින් දෙපළක් වන චරිත් අසලංක සහ රොන් චන්ද්‍රගුප්ත සංචිතයේ ඉතිරි පිතිකරුවන් ලෙස නම් වී ඇති අතර වේග පන්දු යවන්නන් ලෙස එක් වී ඇත්තේ ලහිරු ගමගේ, කසුන් රාජිත, කසුන් මදුශංක සහ අසිත ප්‍රනාන්දු යන ක්‍රීඩකයින් සිව්දෙනායි. ජාත්‍යන්තර තරග අත්දැකීම් බහුල දිල්රුවන් පෙරේරා ශ්‍රී ලංකා දඟ පන්දු බල ඇණියේ නියමුවා ලෙස කටයුතු කරන අතර ඔහුගේ සහයට තවත් දක්ෂ වමත් දඟ පන්දු යවන්නන් දෙපළක් වන අමිල අපොන්සු, මලින්ද පුෂ්පකුමාර සහ දකුණත් පා දඟපන්දු යවන ක්‍රීඩක ජෙෆ්රි වැන්ඩර්සේ සංචිතය සමඟින් එක්වී ඇත.

පළමු සිව්දින ටෙස්ට් තරගය පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පෙබරවාරි 17 වැනිදා ද, දෙවැනි ටෙස්ට් තරගය දඹුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ලබන 24 වැනිදා ද ආරම්භ කිරීමට මේ වන විටත් සියලු කටයුතු සූදානම් කෙරෙමින් පවතියි.

ශ්‍රී ලංකා A සංචිතය – ධනංජය ද සිල්වා (නායක), දිමුත් කරුණාරත්න, උදාර ජයසුන්දර, සඳුන් වීරක්කොඩි (කඩුලු රකින්නා), චරිත් අසලංක, රොෂේන් සිල්වා, ලහිරු ගමගේ, කසුන් රාජිත, රොන් චන්ද්‍රගුප්ත, කසුන් මදුශංක, අසිත ප්‍රනාන්දු, දිල්රුවන් පෙරේරා, අමිල අපොන්සු, ජෙෆ්රි වැන්ඩර්සේ, මලින්ද පුෂ්පකුමාර.

නිලධාරීන් – කණ්ඩායම් කළමනාකරු – ජෙරී වෝටර්ස්, ප්‍රධාන පුහුණුකරු – අවිශ්ක ගුණවර්ධන, වේග පන්දු පුහුණුකරු – නුවන් සොයිසා (පළමු ටෙස්ට් තරගය සඳහා පමණි), චමින්ද වාස් (අවසන් එක්දින තරග 3 සඳහා), දඟ පන්දු පුහුණුකරු – පියල් විජේතුංග, පන්දු රැකීමේ පුහුණුකරු – නුවන් සෙනවිරත්න, භෞත චිකිත්සක – රංජිත් නානායක්කාරවසම්, සම්භාහක – රොහාන් විජේවීර, කණ්ඩායම් පුහුණුකරු – ඩිල්ශාන් ෆොන්සේකා, තරග විශ්ලේෂක – ජී. ජී. ටී. නිරෝෂන්.

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට