Last Man Stands ශ්‍රී ලංකා තරගාවලියේ අවසන් තරග 25 වැනිදා

223

“Last Man Stands ශ්‍රී ලංකා 2017” ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ තරග පසුගිය සති කිහිපය තුල පැවැත්වූ අතර, එම තරගාවලියේ අවසන් පූර්ව තරග හා අවසන් මහා තරගය මේ ඉරිදා (25) කොළඹ තර්ස්ටන් විදුහල් ක්‍රීඩා පිටියේ දී පැවැත්වේ.

ශ්‍රී ලංකා කාන්තාවන් ඉන්දීය තරගයත් පරාජය වේ

ජුනි මස 24 වන දා සිට ජුලි මස 23 වන දා දක්වා එංගලන්තයේ පැවැත්වෙන ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියට..

පළමු අවසන් පූර්ව තරගය එදින උදෑසන 9ට, B කාණ්ඩයේ පළමුවැනි ස්ථානය ජයග්‍රහණය කළ හේශාන් ෆෙලෙක්සි A කණ්ඩායම හා D කාණ්ඩයේ ප්‍රථමයන් වූ ස්ටැෆර්ඩ් මෝටර්ස් A කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත අතර, දෙවන අවසන් පූර්ව තරගය C කාණ්ඩයේ ප්‍රථමයා වන The Colombo බෙන්ස් කණ්ඩායම හා A කාණ්ඩයේ පළමු වැනි ස්ථානයේ සිටින Sapper ක්‍රිකට් සමාජය අතර උදෑසන 11ට පැවැත්වීමට නියමිතව ඇත. අවසන් මහා තරගය එදිනම සවස 2.30ට ආරම්භ වේ.

එදින තරගවල සජීවී ලකුණු Last man stands ශ්‍රී ලංකා නිල වෙබ් අඩවියේ පලවන අතර, මෙවර තරගාවලියේ හොඳම ක්‍රීඩකයින් 8 දෙනා ද එදිනම එම වෙබ් අඩවියේ පළ කරනු ඇත.

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩක අජන්ත මෙන්ඩිස් තරගාවලියේ අවසන් උත්සව සභාවේ ආරාධිත අමුත්තා ලෙස තෝරා  ගෙන ඇති අතර, 25 වන ඉරිදා සවස 5.00ට අවසන් උත්සව සභාවේ වැඩ කටයුතු ආරම්භ කරනු ඇත.

මෙවර තරගාවලියේ ශූරතාවය ජයග්‍රහණය කරන කණ්ඩායමට මුදලින් රුපියල් ලක්ෂ 3ක් ලබා දෙන අතර, අනුශූරතාවය ජයග්‍රහණය කරන කණ්ඩායමට මුදලින් රුපියල් ලක්ෂ 1 1/2ක් හිමි වේ. එසේම තරගාවලියේ හොඳම පිතිකරු හා හොඳම පන්දු යවන්නා මෙන්ම අවසන් තරගයේ වීරයා යන සම්මානයන් ද එදිනට ප්‍රදානය කරනු ඇත.

Last man stands ක්‍රිකට් තරගාවලිය 2005 වර්ෂයේ දී එංගලන්තයෙන් ආරම්භ වූ අතර, මේ සඳහා එක් පිළකට ක්‍රීඩා කළ හැක්කේ ක්‍රීඩකයින් අට දෙනෙකුට පමණි. පිතිකරණයේ නිරත වන විට ඔවුන්ගේ කණ්ඩායම්වල කඩුලු 7ක් දැවී ගිය පසුව අවසන් පිතිකරුට තනිව ඉතිරි පන්දුවාර ප්‍රමාණය අවසන් වන තෙක් හෝ ඔහු දැවී යන තෙක් ක්‍රීඩා කිරීමට හැක, එය මෙම ක්‍රිකට් තරගාවලියට පමණක් ආවේණික හා සුවිශේෂී ලක්ෂණයකි.

මෙය ක්‍රිකට් ක්‍රීඩාවේ අපූරු පැතිකඩක් වන අතර, ඒ නිසා මේ සඳහා ලොව පුරා සිටින තරුණයින්ගේ ආකර්ෂණය හිමි වී ඇත.

මෙම තරගාවලියේ නිල වශයෙන් ලොවට හඳුන්වා දුන් සංවිධායකයන් විසින් ලෝක ක්‍රිකට් තරගාවලියක් ලෙස මෙවර ද පැවැත්වීමට කටයුතු සූදානම් කරගෙන යන අතර, එය වසර දෙකකට වරක් පැවැත්වේ. මෙවර LMS ලෝක ක්‍රිකට් ශූරතාවලිය දකුණු අප්‍රිකාවේ කේප් ටවුන් හිදී දෙසැම්බර් මාසයේ දී පැවැත්වෙන අතර, ශ්‍රී ලංකාව තුල පැවැත්වෙන තරගාවලියේ ශූරතාවය ලබා ගන්නා කණ්ඩායමට ද, එම ලෝක ශූරතා ක්‍රිකට් තරගාවලියට යාමට අවස්ථාව උදා වේ. මේ සඳහා 2017 අගෝස්තු මස 20 වැනිදාට ප්‍රථම ලියාපදිංචි විය යුතුය.

තරගාවලියේ වැඩි විස්තර සඳහා කළමනාකරු යසුර වර්ණකුලසූරිය මහතා 0770514549 හෝ එහි හිමිකරු වන ශෙරන් ප්‍රනාන්දු මහතා +61431060665 සම්බන්ධ කර ගෙන වැඩිදුර විස්තර ලබා ගැනීමට හැකිය. විද්‍යුත් ලිපිනය [email protected]

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට