සුගන්ධි නැවතත් ශ්‍රී ලංකා වාර්තාව අලුත් කරයි

488

10 වන ජාතික ආරක්ෂක සේවා මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේ දෙවන දිනය අද (14) කොළඹ සුගතදාස ධාවන පථයේ දී ක්‍රියාත්මක විය. දෙවැනි දිනය අවසන් වන විට නව ශ්‍රී ලංකා වාර්තාවක් සහ තරගාවලි වාර්තා 4ක් බිහිකරන්නට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් විය.

නිලානි පරදා ගයන්තිකා ජය ගනී

10 වැනි වරටත් පවත්වනු ලබන ජාතික ආරක්ෂක සේවා මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේ

කාන්තා සත් ප්‍රයාම ඉසව්ව වෙනුවෙන් සහභාගී වූ ලක්ෂිකා සුගන්ධි නැවතත් තම ජාතික වාර්තාව බිඳ හෙළමින් මුළු ලකුණු 4911ක් වාර්තා කරමින් අලුත් කළාය. මෙම වසරේ සුගන්ධි විසින් ශ්‍රී ලංකා වාර්තාව අලුත් කළ දෙවන අවස්ථාව මෙය වීම ද විශේෂත්වයකි. එම ඉසව්වේ දෙවන ස්ථානය ලකුණු 4001ක් ලබාගත් එස් .එන්. ප්‍රනාන්දු විසින් දිනාගත් අතර ලකුණු 3427ක් ලබාගත් එම්. හේරත් ඉසව්වේ තෙවන ස්ථානය දිනා ගත්තාය.

පිරිමි රිටි පැනීමේ ඉසව්ව වෙනුවෙන් සහභාගී වූ ගුවන් හමුදාවේ ඉෂාර සඳරුවන් දිනයේ ප්‍රථම තරග වාර්තාවට හිමිකම් කිවේය.  තමාගේම පෙර තිබූ මීටර් 4.70ක වාර්තාව අභිබවමින් මීටර් 5.00ක දක්ෂතාවයක් වාර්තා කරන්නට ඔහු සමත් විය. ඉසව්වේ දෙවන හා තෙවන ස්ථාන පිළිවෙළින් මීටර් 4.40ක දක්ෂතාවයක් වාර්තා කළ ශ්‍රී ලංකා යුධ හමුදාවේ පී. සේනාරත්න සහ ඊ. ජනිත් විසින් දිනා ගත්හ.

සවස් යාමේ ආරම්භ වූ තරග ඉසව් අතරින් කාන්තා කවපෙත්ත විසිකිරීමේ ඉසව්ව වෙනුවෙන් සහභාගී වූ ශ්‍රී  ලංකා නාවික හමුදාවේ මධුරංගි පෙරේරා තවත් තරගාවලි වාර්තාවක් තමන්ගේ නමට ඉදිරියෙන් සටහන් කර ගත්තාය. ඇය වාර්තා කළ දක්ෂතාවය මීටර් 44.36කි.

තරගයෙන් පසුව ඇය ThePapare.com වෙත මෙසේ අදහස් දැක්වීය.

“ගොඩක් සතුටුයි මට ඇත්තටම, වසර 1 1/2කින් පස්සේ තමයි මෙහෙම මීටර් 4ක පරතරයකින් කෙනෙක් ජයග්‍රහණය කළේ, ඇත්තටම විශ්වාසයක් තිබුණා මට ජයග්‍රහණය ගැන, එළඹෙන ජාතික මහා ක්‍රීඩා උළෙල වෙනුවෙන් හොඳ සූදානමකින් පුහුණුවීම් කරගෙන යනවා”

කවපෙත්ත විසිකිරීම කාන්තා ඉසව්වේ දෙවන ස්ථානය දිනා ගන්නට මීටර් 40.16ක දක්ෂතාවයක් වාර්තා කළ කේ. වීරසේකර සමත් විය. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ වී. ලක්මාලි මීටර් 38.38ක දක්ෂතාවයක් වාර්තා කරමින් ඉසව්වේ තෙවැනි ස්ථානය දිනා ගත්තාය.

ඉන් අනතුරුව පිරිමි මීටර් 800 ඉසව්ව වෙනුවෙන් සහභාගී වූ වර්තමාන මීටර් 800 ජාතික ශූරයා වන ඉඳුනිල් හේරත් තවත් තරග වාර්තාවකට හිමිකම් කියන්නට සමත් විය. ඔහු වාර්තා කළ කාලය මිනිත්තු 1.48.00කි.

පෙර තිබූ වාර්තාව මිනිත්තු 1.49.78ක් වූ අතර 2010 තිබූ වාර්තාවක් වසර 8කට පසු බිඳ වැටීම කැපී පෙනිණි. එම ඉසව්වේ දෙවන හා තෙවන ස්ථාන පිළිවෙළින් මිනිත්තු 1.50.00ක කාලයක් වාර්තා කළ එස්. කේ. වෙදගෙදර හා මිනිත්තු 1.53.00ක කාලයක් වාර්තා කළ ආර්. චතුරංග විසින් දිනා ගත්හ.

පිරිමි දසප්‍රයාම ඉසව්ව නියෝජනය කළ ශ්‍රී ලංකා යුධ හමුදාවේ  අජිත් කරුණාතිලක ද තවත් තරගාවලි වාර්තාවක් පිහිටු විය. ඒ ලකුණු 6961ක් වාර්තා කරමිනි. එම ඉසව්වේ දෙවන හා තෙවන ස්ථාන පිළිවෙළින් යුධ හමුදාවේම එම්. අසාන් (6174)  සහ එච්. චතුරංග විසින් දිනා ගත්හ.

උදෑසන වරුවේ පැවති තරග අතුරින් වඩාත් ප්‍රේක්ෂක අවධානය දිනා ගත් තරග ඉසව් ද්විත්වයක් ලෙස මීටර් 100×4 සහය දිවීම පිරිමි හා කාන්තා ඉසව් හැඳින්විය හැකිය. ශ්‍රී ලංකා යුධ හමුදාව මෙම තරග ඉසව් ද්විත්වයේම තම අණසක පතුරවන්නට සමත් වීම විශේෂත්වයකි.

ජයග්‍රාහී පිරිමි කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයින් ලෙස ශ්‍රී ලංකා මීටර් 100 වාර්තා හිමි හිමාෂ එෂාන්, එස්. කුමාර, එල් .එම්. අස්රෆ්, හා ෂෙහාන් අඹේපිටිය පෙන්වා දිය හැකිය. ඔවුන් වාර්තා කළ කාලය තත්පර 41.33කි. ඉසව්වේ දෙවන ස්ථානය තත්පර 42.73ක්  වාර්තා කළ නාවික හමුදා ක්‍රීඩකයන් විසින් දැරූ අතර ගුවන් හමුදා කණ්ඩායමට තරගය අවසන් කරන්නට ඉඩක් ලැබුණේ නැත.

වසන්ත සර්ගේ කැපවීම තමයි මාව මේ මට්ටමට ගෙනාවේ – ලක්ෂිකා සුගන්ධි

කාන්තා සත්ප්‍රයාම ඉසව්වේ ජාතික වාර්තාවට හිමිකම් කියන ලක්ෂිකා සුගන්ධි

කාන්තා සහය දිවීමේ තරග ඉසව්වේ වර්තමාන කෙටිදුර ධාවන ශූරි රුමේෂිකා රත්නායක, ලක්ෂිකා සුගන්ධි, එම්. ජයතිලක හා එස්. ෆර්ඩිනැන්ඩස් නියෝජනය කළ යුධ හමුදා කණ්ඩායම ජය ලැබුවේ තත්පර 46.57ක කාලයක් වාර්තා කරමිනි. ඉසව්වේ දෙවන හා තෙවන ස්ථාන පිළිවෙළින් ශ්‍රී ලංකා ගුවන් හමුදා හා නාවික හමුදා කණ්ඩායම විසින් දිනා ගත්තේ තත්පර 47.45ක් සහ තත්පර 49.89ක කාලයක් වාර්තා කරමිනි.

කාන්තා මීටර් 3000 බාධක දිවීමේ ඉසව්ව ඉන් අනතුරුව පිටියේ ක්‍රියාත්මක විය. සුපුරුදු පරිදි ශ්‍රී ලංකා යුධ හමුදාව නියෝජනය කරන ක්‍රීඩිකා නිලානි රත්නායක එම ඉසව්වේ රන් පදක්කම දිනා ගත්තාය. ඇය වාර්තා කළ කාලය මිනිත්තු 10.20.00කි. ඉසව්වේ දෙවන හා තෙවන ස්ථාන පිළිවෙළින් මිනිත්තු 10.47.00ක් හා 11.11.00ක කාලයක් වාර්තා කළ ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩිකා ආර්. දුලක්ෂි හා නාවික හමුදාවේ එන්. කුමාරි විසින් දිනා ගත්හ.

කාන්තා මීටර් 800 ඉසව්ව ද කාගේත් අවධානය දිනා ගත් උද්වේගකර තරග ඉසව්වක් විය. එහි දී ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩිකා ඒ. නිමාලි හා ශ්‍රී ලංකා නාවික හමුදාවේ ගයන්තිකා අබේරත්න මිනිත්තු 2.06.00ක සම කාලයක් වාර්තා කළ අතර අවසන් දශම කාල ගණනයෙන් නිමාලි රන් පදක්කම දිනා ගත්තාය.

ඉසව්වේ තෙවන ස්ථානය මිනිත්තු 2.08.00ක කාලයක් වාර්තා කළ සී. දිල්රුක්ෂි විසින් දිනා ගත්තාය.

ජෝන් ටාබට් තරගාවලිය හරහා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මුදලින් ආධාර

පාසල් මලල ක්‍රීඩා පිටිය අතික්‍රමණය කරනා අංකුර ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මෙන්ම, මලල ක්‍රීඩා පිටියෙන්

හෙට (15) තරගාවලියේ අවසන් දිනයයි. සුපුරුදු පරිදි හෙට දිනයේත් තොරතුරු ඔබ වෙත ගෙන ඒමට ThePapare.com සූදානම්,  රැඳී සිටින්න.

දිනයේ සියලු තරග ප්‍රතිඵල

Day 2 Results
Event No 201 10Km Race Walk Men Final
Place BIB Service No Rank Athlete Name Forces Performance Remarks
1 159 S/M100851 L/CPL CHANDIKA GS ARMY 47:51.2
2 223 024376 LAC APPUHAMI TGSN SLAF 48:08.8
3 160 S/163229 L/BDR DUNUKARA DMISS ARMY 48:30.9
4 161 S/163139 GNR FERNANDO VLSS ARMY 49:27.2
5 184 VAS 61308 AB MRCJ   RANASINGHE NAVY 53:07.0
6 224 029970 LAC DESHAPPRIYA UNM SLAF 53:43.0
7 192 XS 103847 AB KS KUMARA NAVY 59:08.3
8 176 XS 114400 OD M       LORANS NAVY 1:02:55.7
Event No 201 10Km Race Walk Women Final
Place BIB Service No Rank Athlete Name Forces Performance Remarks
1 336 S/73145 REC GAYANI PB ARMY 51:48.8
2 375 AW/01468 LAC DILHANI THD SLAF 53:26.3
3 374 AW/3044 LAC KALYANI WHL SLAF 57:53.0
4 346 WVS 68786 WAB LMMS JAYARATHNE NAVY 58:19.9
337 S/100427 PTE MADIRIKA UVK ARMY DNF
Event No 202 Pole Vault Men Final
Place BIB Service No Rank Athlete Name Forces Performance Remarks
1 230 028937 CPL SADARUWAN MHI SLAF 5.00 *NMR
2 136 S/158693 BDR SENARATHNE KACP ARMY 4.40
3 137 S/K100541 PTE Janith  HSE ARMY 4.40
4 229 010372 SGT BALASOORIYA LARKK SLAF 4.30
5 231 024377 LAC RANAWEERA AGNDK SLAF 4.30
6 168 XH 104324 APTI HTC   FERNANDO NAVY 4.00
7 191 XD 54053 LDIV WMJP   WEERASINGHE NAVY 4.00
Event No 203 3000m Steeple Chase Women Final
Place BIB Service No Rank Athlete Name Forces Performance Remarks
1 310 S/725333 L/CPL RATHNAYAKE UKN ARMY 10:20.71
2 364 AW/3314 LAC DULAKSHI WPER SLAF 10:47.62
3 338 WH 86312 WAPTI HWN KUMARI NAVY 11:11.26
4 321 S/75605 REC UDAYAKUMARI HKIT ARMY 11:29.43
5 372 AW/02087 LAC KUMARAGE KDP SLAF 11:29.59
6 373 AW/02179 LAC WEERASINGHE SGBMK SLAF 13:28.73
Event No 204 4x 100m Women Final
Place Service No Rank UNIT Performance Remarks
1 1 ARMY 46.57
2 3 SLAF 47.45
3 2 NAVY 49.89
Event No 205 4x 100m Men Final
Place Service No Rank Regiment Performance Remarks
1 1 ARMY 41.33
2 2 NAVY 42.73
3 SLAF DQ
Event No 213 Discuss Throw Women Final
Place BIB Service No Rank Athlete Name Forces Performance Remarks
1 352 WVS 76191 WOD PAIMP PERERA NAVY 44.36 * NMR
2 390 AW01343 LAC WEERASEKARA WMSK SLAF 40.16
3 397 AW/02203 LAC LAKMALI  AGVV SLAF 38.38
4 391 AW/3036 LAC LAKSHIKA HAA SLAF 36.62
Event No 215 High Jump Men Final
Place BIB Service No Rank Athlete Name Forces Performance Remarks
1 227 45256 SGT MANJULA KUMARA WP SLAF 2.18
2 133 S/D100798 PTE KUMARA BRIU ARMY 2.10
3 228 017512 LAC PATHIRANA WPAK SLAF 2.00
4 134 S/M100569 L/CPL DISSANAYAKA DMMMS ARMY 1.85
5 198 XS 104266 AB AMS KUMARA NAVY 1.75
Event No 216 400m Hurdles Women Final
Place BIB Service No Rank Athlete Name Forces Performance Remarks
1 318 S/75609 REC DULANI GAS ARMY 59.83 *NMR
2 370 AW/3031 LAC LAKMALI NGDN SLAF 1:00.41
3 319 S/86398 REC MADUSHANI EK ARMY 1:01.19
4 320 S/4R01430 L/CPL WICKRAMASINGHE TGND ARMY 1:01.69
5 371 AW/01352 LAC SADAMALI UGD SLAF 1:02.67
6 354 WVS 77717 WOD WHM FERNANDO NAVY 1:07.81
Event No 217 400m Hurdles Men Final
Place BIB Service No Rank Athlete Name Forces Performance Remarks
1 220 024677 LAC RATHNASENA ALAI SLAF 51.56
2 128 S/90400 CFM RATHNASENA ALST ARMY 51.91
3 127 S/629624 L/CPL CHATHURANGA SMA ARMY 52.63
4 129 S/D100882 PTE PASNJITH JL ARMY 52.67
170 XS 111543 AB HPC   RATHNASIRI NAVY DNF
Event No 219 800m Women Final
Place BIB Service No Rank Athlete Name Forces Performance Remarks
1 360 AW/3029 CPL NIMALI WKLA SLAF 2:06.12
2 347 WVS 69106 WAB GTA ABEYRATHNA NAVY 2:06.40
3 309 S/4R01026 CPL DILRUKSHI NMC ARMY 2:08.00
4 362 AW/02181 LAC KUMARI KGNMA SLAF 2:12.81
5 361 AW/01481 LAC SANJEEWANI AAN SLAF 2:15.21
Event No 220 800m Men Final
Place BIB Service No Rank Athlete Name Forces Performance Remarks
1 113 S/M100027 CPL HERATH HEMIGIM ARMY 1:48.00 * NMR
2 115 S/D100752 L/CPL WEDAGEDARA WMSK ARMY 1:50.31
3 114 S/432592 L/CPL CHATHURANGA GR ARMY 1:53.72
4 209 022449 LAC AMARASIRI KGAP SLAF 1:54.87
5 211 029623 LAC WEERASINGHE WMHM SLAF 1:55.63
6 163 XD 46163 LDIV RBS    KUMARATHUNGA NAVY 1:57.47
7 210 023210 LAC UDAYANGA GV SLAF 2:01.67
8 178 XP 113758 OD GAHP     KUMARA NAVY 2:05.65
 10th Defence Services Athletics  Championship – 2018 
Total Medal Table
Forces Gold Silver Bronz
ARMY 18 13 9
NAVY 3 2 4
SLAF 4 11 10
Men Medal Table
Forces Gold Silver Bronz
ARMY 8 9 6
NAVY 0 2 1
SLAF 4 2 3
Women Medal Table
Forces Gold Silver Bronz
ARMY 10 4 3
NAVY 3 0 3
SLAF 0 9 7
Total Points Table
Forces Place Points
ARMY 1 143
NAVY 3 32
SLAF 2 70
Men Points Table
Forces Place Points
ARMY 1 75
NAVY 3 9
SLAF 2 29
Women Points Table
Forces Place Points
ARMY 1 68
NAVY 3 23
SLAF 2 41

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<