නිලානි පරදා ගයන්තිකා ජය ගනී

631

10 වැනි වරටත් පවත්වනු ලබන ජාතික ආරක්ෂක සේවා මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේ පළමු දිනය අද (13) කොළඹ සුගතදාස ධාවන පථයේ දී නිමාව දුටුවේ තරග වාර්තා ද්විත්වයක්ම අලුත් වෙමිනි.

ත්‍රිවිධ හමුදාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ විශාල පිරිසක් අද දිනයේ තරග සඳහා සහභාගී වූ අතර ශ්‍රී ලංකා ජාතික මලල ක්‍රීඩා සංචිතයේ බහුතරයක් ත්‍රිවිධ හමුදාව නියෝජනය කරන හෙයින් මෙම තරගාවලිය වසරේ ඉතා වැදගත් තරගාවලියක් වන බව නොරහසකි.

ජෝන් ටාබට් තරගාවලිය හරහා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මුදලින් ආධාර

පාසල් මලල ක්‍රීඩා පිටිය අතික්‍රමණය කරනා අංකුර ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මෙන්ම

දිනයේ ප්‍රථම ඉසව්ව ලෙස මීටර් 10000 කාන්තා ඉසව්ව පැවති අතර එහි දී මිනිත්තු 36.03.00ක කාලයක් වාර්තා කරමින් යුධ හමුදා ක්‍රීඩිකා එන්. නන්දසේන ප්‍රථම ස්ථානය දිනා ගත්තාය. ගුවන් හමුදාව නියෝජනය කළ එල්. ආරියදාස මිනිත්තු 36.36.00ක් වාර්තා කරමින් එහි දෙවන ස්ථානය දිනා ගත් අතර ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කළ ඒ. ළමා හේවගේ මිනිත්තු 36.52.00ක කාලයක් වාර්තා කරමින් ඉසව්වේ තෙවැනි ස්ථානය දිනා ගත්තාය.

උදෑසන තිබූ ඉසව් අතර මීටර් 1500 කාන්තා ඉසව්ව තරමක් උණුසුම් ඉසව්වක් විය. ඒ මෙම ඉසව්වේ ජාතික ශූරිය වූ නිලානි රත්නායක පරාජය කරමින් නැවතත් ගයන්තිකා අබේරත්න ඉසව්ව ජයග්‍රහණය කළ නිසාවෙනි. මිනිත්තු 4.21.00 කාලයක් වාර්තා කළ ගයන්තිකා ඉසව්වේ රන් පදක්කම දිනා ගත් අතර නිලානි මිනිත්තු 4.24.00ක කාලයක් වාර්තා කරමින් ඉසව්වේ දෙවන ස්ථානය දිනා ගත්තාය. ගුවන් හමුදාව නියෝජනය කළ ආර්. දුලක්ෂි මිනිත්තු 4.28.00ක කාලයක් වාර්තා කරමින්  ඉසව්වේ තෙවන තැන දිනා ගත්තාය.

ඉන් අනතුරුව ක්‍රියාත්මක වූ කාන්තා තුන් පිම්ම ඉසව්ව තවත් උද්යෝගිමත් ඉසව්වක් විය. එහි දී ශ්‍රී ලංකා යුධ හමුදාවේ විදූෂා ලක්ෂානි ඉසව්වේ රන් පදක්කම දිනා ගනිමින් තරග වාර්තාවක් අලුත් කරන්නට සමත් විය. මීටර් 13.58ක දක්ෂතාවයක් වාර්තා කළ ඇය ඉසව්වේ ප්‍රථම ස්ථානයට හිමිකම් කියූ අතර පී. බාලසූරිය හා ටී. ලක්ෂානි පිළිවෙළින් මීටර් 13.40ක හා මීටර් 13.15ක දක්ෂතාවයක් වාර්තා කරමින් ඉසව්වේ දෙවන හා තෙවන ස්ථාන දිනා ගත්හ.

ජපාන ප්‍රේක්ෂකාගාරය හැඬවූ ශ්‍රී ලංකාවේ සොඳුරු පරාජිතයා

ඒ 1964 ග්‍රීෂ්ම ඍතුවයි. දිනය 1964 ඔක්තෝබර් 14 වැනිදාය. එදින

සවස් යාමයේ පැවති ඉසව් අතර පිරිමි දුර පැනීමේ ඉසව්වේ දී ශ්‍රී ලංකා යුධ හමුදාව නියෝජනය කළ ප්‍රසාද් විමලසිරි සුපුරුදු පරිදි ප්‍රථම ස්ථානය දිනා ගත් අතර ඔහු වාර්තා කළ දක්ෂතාවය මීටර් 8.07කි. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ඒ. ජයසිරි හා නාවික හමුදාවේ සී. දිසානායක පිළිවෙළින් මීටර් 7.98ක් හා මීටර් 7.60ක් වාර්තා කරමින් ඉසව්වේ දෙවන හා තෙවන ස්ථාන දිනා ගත්හ.

කාන්තා රිටි පැනීමේ ඉසව්ව වෙනුවෙන් ද තවත් තරගාවලි වාර්තාවක් සටහන් විය. ශ්‍රී ලංකා යුධ හමුදා ක්‍රීඩිකා සචිනි පෙරේරා විසින් මීටර් 3.40ක දක්ෂතාවයක් වාර්තා කරමින් එම වාර්තාව වෙනුවෙන් හිමිකම් කියූ අතර ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ලක්රාණි පෙරේරා හා එස්.රණසිංහ පිළිවෙළින් මීටර් 3.20ක් හා මීටර් 3.10ක් වාර්තා කරමින් එම ඉසව්වේ දෙවන හා තෙවන ස්ථාන වෙනුවෙන් හිමිකම් කීවාය. පසුගිය ජාතික තේරීම් තරගාවලියේ දී අනීතා ජෙගදීස්වරන් සමඟින් සම රන් පදක්කමට හිමිකම් කියන්නට ද සචිනි සමත් වීම විශේෂත්වයකි.

දිනයේ අවසන් ඉසව් ද්විත්වය ලෙස මීටර් 200 කාන්තා හා පිරිමි ඉසව් ක්‍රියාත්මක විය. එහි දී වර්තමාන කෙටිදුර ධාවන ශූරිය වන රුමේෂි රත්නායක තත්පර 24.32කින් ඉසව්ව නිමා කළාය.

තියුණු තරගයකින් අනතුරුව තත්පර 24.83ක් වාර්තා කරමින් නිර්මලී මධුෂිකා දෙවැනි ස්ථානය දිනා ගත් අතර ආර්. නදීෂා තත්පර 24.84ක් වාර්තා කරමින් ඉසව්වේ තෙවන තැන දිනා ගත්තාය.

පිරිමි මීටර් 200 ඉසව්වේ දී ශ්‍රී ලංකා යුධ හමුදා ක්‍රීඩක අජිත් ප්‍රේමකුමාර තත්පර 21.22ක කාලයක් වාර්තා කරමින් ඉසව්ව ජයග්‍රහණය කළ අතර යුධ හමුදාවේම එස්. කුමාර තත්පර 21.60ක කාලයක් වාර්තා කරමින් ඉසව්වේ රිදී පදක්කම දිනා ගත්තේය. තත්පර 21.65ක කාලයක් වාර්තා කළ එම්. සිල්වා ඉසව්වේ තෙවන තැන දිනා ගත්තේය.

දිනයේ සියලු තරග ප්‍රතිඵල

Day 1 Results
Event No 101 10000m Women Final
Place BIB Service No Rank Athlete Name Forces Performance Remarks
1 312 S/R101347 PTE NANDASENA HMN ARMY 36:03.73
2 365 AW/01861 LAC ARIYADASA ANL SLAF 36:36.70
3 343 WVS 67028 WAB SA LAMAHEWAGE NAVY 36:52.06
4 315 S/R100425 PTE MADUSHIKA DGMH ARMY 37:03.46
5 366 AW/02292 AC PRIYADARSHANI MUMAGN SLAF 37:45.33
6 314 S/R100844 PTE SEWWANDI PMS ARMY 38:20.89
7 350 WVS 72480 WAB V KRISHANTHANI NAVY 38:32.49
8 368 AW/01582 LAC KUMARASINGHE KKAM SLAF 41:33.40
Event No 102 5000m Men Final
Place BIB Service No Rank Athlete Name Forces Performance Remarks
1 215 022901 LAC THARANGA AK SLAF 14:36.27
2 248 S/285106 L/CPL DISSANAYAKE DMDS ARMY 14:46.21
3 217 029025 LAC MADURANGA PAP SLAF 14:51.41
4 120 S/580086 PTE KUMARA BANDARA GGAP ARMY 14:58.96
5 216 028936 LAC SAMARAKOON SMDM SLAF 15:07.84
6 165 ET 54945 MET RAPD    ARUNASIRI NAVY 15:13.92
7 193 XS 111476 AB WGJ MADUSANKA NAVY 15:47.18
121 S/110738 L/CPL KUMARA WUMV ARMY DNF
Event No 103 1500m Women Final
Place BIB Service No Rank Athlete Name Forces Performance Remarks
1 347 WVS 69106 WAB GTA ABEYRATHNA NAVY 4:21.12
2 310 S/725333 PTE RATHNAYAKE UKN ARMY 4:24.86
3 364 AW/3314 LAC DULAKSHI WPER SLAF 4:28.94
4 309 S/4R01026 CPL DILRUKSHI NMC ARMY 4:30.78
5 362 AW/02181 LAC KUMARI KGNMA SLAF 4:38.25
6 363 AW/01344 LAC SADAKANTHI KAD SLAF 4:51.85
Event No 106 Triple Jump Women Final
Place BIB Service No Rank Athlete Name Forces Performance Remarks
1 325 S/86399 REC LAKSHANI HDV ARMY 13.58 * NMR
2 326 S/93314 REC BALASOORIYA BMHP ARMY 13.40
3 386 AW/01859 LAC LAKSHANI KAT SLAF 13.15
4 385 AW/01858 LAC DULANJANI KAS SLAF 12.70
5 327 S/95169 REC NIRODHA DR ARMY 11.65
Event No 107 Jevelin Throw Women Final
Place BIB Service No Rank Athlete Name Forces Performance Remarks
1 332 S/4R01429 CPL LEKAMGE HLND ARMY 53.59
2 333 S/2R02428 WO I BL NADEEKA LAKMALI ARMY 51.84
3 392 AW/3030 LAC MADUWANTHI HPDH SLAF 45.89
4 340 WV 55972 WAB KAMP SILVA NAVY 45.50
5 393 AW01350 LAC SENAVIRATHNE DUKL SLAF 43.99
Event No 114 Hammer Throw Men Final
Place BIB Service No Rank Athlete Name Forces Performance Remarks
1 152 S/12A01845 L/BDR NILANTHA K ARMY 46.09
2 151 S/430252 L/CPL SISIRA KUMARA NDR ARMY 44.66
3 150 S/578995 PTE KUMARASIRI WGSR ARMY 43.55
4 242 029641 LAC PERERA SSD SLAF 39.03
5 196 XS 47873 AB AAP KUMARA NAVY 31.28
Event No 117 Pole Vault Women Final
Place BIB Service No Rank Athlete Name Forces Performance Remarks
1 322 s/2085509 REC PERERA KLSK ARMY 3.40 *NMR
2 380 AW/01382 LAC PERERA KAKL SLAF 3.20
3 397 AW/02203 LAC LAKMALI  AGVV SLAF 3.10
4 339 WV 59739 WLSEA RAA KARUNAWANSA NAVY 3.10
5 381 AW/02088 LAC KODITUWAKKU KACK SLAF 3.00
Event No 118 Long Jump Men Final
Place BIB Service No Rank Athlete Name Forces Performance Remarks
1 138 S/284373 L/CPL WIMALASIRI DAGJP ARMY 8.07 + 2.7
2 232 026949 LAC JAYASIRI WPA SLAF 7.98 +2.5
3 187 VAS 71519 AB DMDC  DISSANAYAKE NAVY 7.60 +3.0
4 139 S/163420 GNR SAMPATH JHG ARMY 7.48 +1.7
5 140 S/94502 PTE GKDS PIYARATHNA ARMY 7.24 +2.9
6 167 EE 102196 ME AD   SOORIYAARACHCHI NAVY 7.05 +1.7
7 175 XH 114546 OD WMW  WANASINGHE NAVY 6.38 +2.1
Event No 120 High Jump Women Final
Place BIB Service No Rank Athlete Name Forces Performance Remarks
1 345 WVS 67895 WAB DK RANASINGHE NAVY 1.70
2 378 AW02262 LAC MADUSHANI SMM SLAF 1.68
3 377 AW/3035 LAC SOORIYAMPOLA SBWSSAW SLAF 1.59
Event No 122 200m Women Final
Place BIB Service No Rank Athlete Name Forces Performance Remarks
1 301 S/95179 REC RATHNAYAKE RMRK ARMY 24.32
2 356 AW/02174 CPL MADUSHIKA PGN SLAF 24.83
3 306 S/74526 REC NADEESHA R ARMY 24.84
4 355 AW/01470 LAC MADUSHANI PKSU SLAF 25.53
5 303 S/84487 REC JAYATHILAKE SPDSM ARMY 26.31
6 353 WVS 77716 WOD WSH FERNANDO NAVY 26.73
7 357 AW/02228 LAC HESHANI KKT SLAF 27.78
Event No 123 200m Men Final
Place BIB Service No Rank Athlete Name Forces Performance Remarks
1 109 S/429731 CPL PREMAKUMARA MGA ARMY 21.22
2 102 S/A100312 GNR KUMARA HSS ARMY 21.60
3 203 016896 LAC SILVA MGDDM SLAF 21.65
4 105 S/D100776 PTE WICKRAMASINGHE KSL ARMY 21.68
5 164 XH 54585 OD KKK     SENAWIRATHNA NAVY 21.89
6 204 022898 LAC NIROSHAN RDC SLAF 22.19
7 206 030114 LAC SAMARASINGHE SADKI SLAF 22.85
Event No 124 Shot Put Men Final
Place BIB Service No Rank Athlete Name Forces Performance Remarks
1 144 S/M100943 L/CPL JAYAWARDANE RS ARMY 16.12
2 183 VAS 58754 LSEA AJD    PERERA NAVY 15.77
3 145 S/A100471 GNR WSM FERNANDO ARMY 14.88
4 146 S/2016VFRD92763 REC FERDINANDAS BMHC ARMY 13.95
5 235 022965 LAC RANASINGHE RMSC SLAF 13.68
6 236 029687 LAC THAMEL KKSS SLAF 11.64

 

  10th Defence Services Athletics  Championship – 2018
Total Medal Table
Forces Gold Silver Bronz
ARMY 9 6 3
NAVY 2 1 2
SLAF 1 5 7
Men Medal Table
Forces Gold Silver Bronz
ARMY 4 3 2
NAVY 0 1 1
SLAF 1 1 2
Women Medal Table
Forces Gold Silver Bronz
ARMY 5 3 1
NAVY 2 0 1
SLAF 0 4 5
Total Points Table
Forces Place Points
ARMY 1 66
NAVY 3 15
SLAF 2 27
Men Points Table
Forces Place Points
ARMY 1 31
NAVY 3 4
SLAF 2 10
Women Points Table
Forces Place Points
ARMY 1 35
NAVY 3 11
SLAF 2 17

 

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<