ඒරන් ෆින්ච් මුල් 10 අතරට, ඕස්ට්‍රේලියානුවන් ශ්‍රේණිගත කිරීම් කලඹයි

269
GettyImages

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් නවතම එක්දින ශ්‍රේණිගත කිරීම් නිවේදනය කර ඇති අතර ඕස්ට්‍රේලියා එක්දින කණ්ඩායමේ නායක ඒරන් ෆින්ච් කැපී පෙනෙන ලෙස ශ්‍රේණිගත කිරීම් හී ඉදිරියට පැමිණීම විශේෂත්වයකි.

“මම හැමෝගෙන්ම සමාව ඉල්ලා සිටිනවා” – දිමුත්

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම් නායක දිමුත් ……

නවතම එක්දින පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම් හී ස්ථාන 12ක් ඉදිරියට ෆින්ච් පැමිණ ඇති අතර ඒ අනුව නවතම ශ්‍රේණිගත කිරීම් හී ඔහුට හිමිව ඇත්තේ 9 වැනි ස්ථානයයි.

පාකිස්තානයත් සමඟ පැවැත්වූ එක්දින ක්‍රිකට් තරගාවලියේ දී ෆින්ච් දැක්වූ දක්ෂතා හේතුවෙන් මෙලෙස ඔහු ශ්‍රේණිගත කිරීම් හී ඉදිරියට පැමිණ තිබේ. 32 හැවිරිදි ඒරන් ෆින්ච් පාකිස්තාන තරගාවලියේ දී පැවති එක්දින තරග පහ තුළ දී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 451කි. ඊට ශතක දෙකක් ද ඇතුළත්.

ෆින්ච් සමඟ නවතම එක්දින පිතිකරුවන් අතර 9 වැනි ස්ථානයේ සමව සිටින්නේ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ශායි හෝප්. මේ අතර ඕස්ට්‍රේලියා කණ්ඩායමේ අනෙක් ආරම්භක පිතිකරු උස්මාන් කවාජා නවතම එක්දින පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම් හී ස්ථාන 6ක් ඉදිරියට පැමිණ තිබේ. ඒ අනුව ඔහු 19 වැනි ස්ථානයේ පසුවෙයි.

උස්මන් කවාජා පාකිස්තානයට එරෙහි එක්දින ක්‍රිකට් තරගාවලියේ දී ලකුණු 272ක් රැස් කිරීමට සමත් විය. මේ අතර ඕස්ට්‍රේලියාවේ ග්ලේන් මැක්ස්වෙල් එක්දින පිතිකරුවන් අතර ස්ථාන 10ක් ඉදිරියට පැමිණ ඇති අතර ඔහු නවතම ශ්‍රේණිගත කිරීම් හී 23 වැනි ස්ථානයේ පසුවේ.

මැදපෙළ පිතිකරු ශෝන් මාෂ් ද එක්දින පිතිකරුවන් අතර 44 වැනි ස්ථානය දක්වා ස්ථාන 3ක් ඉදිරියට පැමිණ තිබේ.

තීරණාත්මක සුපිරි පළාත් සටනට සියල්ල සූදානම්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය …..

පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම් අතර ද ඉදිරියට පැමිණීමට ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් සමත්ව තිබීම විශේෂත්වයකි. දඟපන්දු යවන ක්‍රීඩක ඇඩම් සැම්පා 45 වැනි ස්ථානය දක්වාත්, වේගපන්දු යවන ක්‍රීඩක නේතන් කෝල්ටර් 49 වැනි ස්ථානය දක්වාත්, ජායි රිචඩ්සන් 38 වැනි ස්ථානය දක්වාත් එක්දින පන්දු යවන්නන් අතරින් ඉදිරියට පැමිණ තිබේ.

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය නිකුත් කළ නවතම එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් හී ස්ථානවල කිසිදු වෙනසක් සිදුව නොමැති නමුත්, ඕස්ට්‍රේලියාව ප්‍රසාද ලකුණු 5ක් හිමිකර ගැනීමට සමත්ව ඇත.

එමෙන්ම පාකිස්තානය 50ක් ලෙස ඕස්ට්‍රේලියාවට එරෙහිව ලැබූ තරගාවලි පරාජය හේතුවෙන් ඔවුන්ට ප්‍රසාද ලකුණු 5ක් අහිමි වී තිබේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<